
(අංජුල මහික වීරරත්න)
අවාර සමයේදීද සංචාරකයන් ආකර්ෂණය කර ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද පැවැත්විණි.
සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රධාන පාර්ශ්වකරුවෝ මීට සහභාගී වූහ.
අවාර සමයේ (Offseason) ශ්‍රී ලංකාව සංචාරක ආකර්ෂණීය ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීම, ඩිජිටල් අළෙවිකරණ ක්‍රමවේද භාවිතයෙන් ශ්‍රී ලංකා සංචාරක සන්නාමය ඉහළට ඔසවා තැබීම, සංචාරක කර්මාන්තයට අවශ්‍ය කුසලතා හා පුහුණුව ඇති කිරිමෙන් එම ක්ෂේත්‍රයේ මානව සම්පත වැඩිදියුණු කිරීම හා සංචාරක කර්මාන්තයට විදෙස් ආයෝජන ආකර්ෂණය කිරීම පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.
සංචාරක ක්ෂේත්‍රයේ පවතින ගැටලු සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු වූ අතර, එම කර්මාන්තය දියුණු කිරීම සඳහා දැනට සංචාරක ප්‍රවර්ධන කාර්‍යාංශය ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව පාර්ශ්වකරුවන් දැනුවත් කිරීමද සිදු කෙරිණි.
සංචාරක කර්මාන්තය ආශ්‍රිත සියලු අංශ ඒකාබද්ධ කරමින් ජනාධිපති කාර්‍යාලය මූලික කර ගත් ඒකකයක් පිහිටුවීමට අපේක්ෂා කරන බව එහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.
රජයේ Clean Sri Lanka වැඩසටහන සංචාරක ක්ෂේත්‍රයේ පාර්ශ්වකරුවන්ගේ ඇගයීමට ලක් වූ අතර, එය සංචාරක ප්‍රවර්ධනය සඳහා ඒකාබද්ධ කර ගැනීම පිළිබඳවද සාකච්ඡාවට ලක් කෙරිණි.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපති බුද්ධික හේවාවසම්, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන ක්‍රියාකරුවන්ගේ සංගමයේ සභාපති නලින් ජයසුන්දර යන මහත්වරුද, සංචාරක හෝටල් හිමිකරුවන් ඇතුළු සංචාරක ක්ෂේත්‍රයේ ව්‍යාපාරිකයෝ හා ආයෝජකයෝ පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ සීයගේ බ්‍රිතාන්‍ය යාලුවා කියන්නේ ඒ අය හවායි දූපත්වල වගේලු... ලංකාව සීසන් එකෙන් පස්සේ නිදහසේ යන්න පුළුවන්ලු... විශේෂයෙන් දකුණු පළාතේ.
සංචාරක කර්මාන්තය වගේ ස්ථිර නොවු ආදායම කෙරෙහි මේ ආණ්ඩුව වැඩි බරක් තබන බවක් පෙනෙන්නට තියෙනවා. ඒක තාවකාලික විසඳුමක් ලෙස පමණක් සැලකිය යුතුයි. රටේ සංවර්ධනයට හා ආර්ථික වර්ධනයට දේශීය කර්මාන්ත හා අපනයනය ක්ෂේත්‍ර කෙරෙහි වැඩි අවධානයක් යොමු විය යුතුයි.
අපිත් සමග තරඟ කරන මාලදිවයින, වියට්නාමය, ඉන්දුනීසියාව, තායිලන්තේ, සින්ගප්පූරුව වැනි කලාපේ අනෙක් රටවල් කරන ආකාරයට යුරෝපා සංගමයේ සිට එන සංචාරකයින්ට දින 30 සඳහා නොමිලේ වීසා ගුවන්තොටුපලේදී දෙන්න කටයුතු කරන්න...
ලංකාවට එන සංචාරකයින් ටික දෙනාගෙන් හරි ලොකු ගාණක් කපා ගන්න ඕනේ, වීසා ගාස්තුව ටිකක් වැඩි කරන්න ඕනේ, ඔය සංචාරකයෝ ප්‍රවාහනය කරන පික්මී වගේ ඒවාට ගුවන්තොටුපලට එන්න දෙන්න හොඳ නැහැ. කොළඹ කොටුවට ගුවන්තොටුපලේ සිට අලුතෙන් බස් එකක් දමලා ඒකෙන් සංචාරකයින්ගෙන් අමතර රුපියල් 1000ක් ගන්න ඕනේ, ගාලු කොටුව, මාතර කොටුව වැනි ස්ථානවලට ඇතුල් වෙන සුද්දන්ට ටිකට් කඩන්න ඕනේ..., ඔය ටුවරිස් බෝර්ඩ් එක දමලා තව මොකක් හරි බදු ටිකක් ගහන්න ඕනේ, සංචාරකයින් ප්‍රවාහනය කරන වාහනවලට අලුත් ස්ටිකර් එකක් ගහලා බලපත්‍ර ගාස්තුවක් ගන්න ඕනේ... එහෙම කළාම හොඳ ඩොලර් ආදායමක් රටට ලැබෙනවා...
සංචාරක බැතිමතුන්ට අවාරයේ ලංකා කරුණා කරවන්නද හදන්නේ?
අවාරයේ පොලුත් ගෙන්වන්න හොඳේ... !
ඔක්කොටම කලින් මාස තුනකට වීසා දෙන්න ක්‍රමයක් හදන්න. ඔන්ලයින් වලින් වැඩ කරන මිනිස්සු පාස්පෝට් එකත් ඔන් ලයින් අලුත් කරගන්න මිනිස්සු කොළඹ ආගමන එකේ ඔවුන්ගේ රෙස්පෙක්ට් බල බලා දවසක් රස්තියාදු වෙන්න කැමැති නැහැ. තමන්ට කැමැති මාස ගණනට අනුව මාස 3 ක උපරිමයකට ඒ ඒ මාස ගණන අනුව ගාස්තු නියම කරලා හරි විදියට හරි ක්‍රමයක් හදන්න. ඒ ක්‍රමය මඟින් ඔන්ලයින් වීසා ලබාගෙන නිදහසේ නිවාඩුව ගතකරන්න ලැබුණාම මිනිස්සු එයි. ගොඩාක් ගුවන් ටිකට් එක වතාවක් හෝ දින වෙනස් කරගත හැකි නිසා මාසයක් ඉන්න එන සංචාරකයා දවසක් දෙකක් හරි වැඩිපුර ඉඳීවි බයක් සැකක් නැතුව, කොළඹ රස්තියාදුවකුත් නැති නිසා...