
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මයික වීරරත්න)
සමූපකාර බැංකු පද්ධතිය විධිමත් කිරීම සඳහා නව නීති කඩිනමින් ගෙන ඒමට දැනටමත් කටයුතු අරඹා ඇති බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පැවසීය.
පාර්ලිමේන්තුවේදී ඉකුත් 4 වැනිදා පැවති වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී ඔහු මේ බව සඳහන් කළේය.
සමූපකාර බැංකු රැසක මූල්‍ය අක්‍රමිකතා ඇතුළු අවිධිමත් කටයුතු සිදුවන බවට දිගින් දිගටම පැමිණිලි ලැබී ඇති බැවින් ඒවා නිවැරදි ලෙස නියාමනය කරමින් විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීම සඳහා නව නීති ගෙන ඒම අත්‍යවශ්‍ය බව අමාත්‍යවරයා අවධාරණය කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමති මංඩලේ හොරු අල්ලන්නත් ඔය නීති පාවිච්චි කරන්න පුළුවන්ද?
හංවැල්ල සමූපාකාරයේ සල්ලි වලට විද්ද හිටපු ජී.එම්. ගැනත් බලන්න
මාතර සමූපකාරයත් පුළුවන් නම් පාලනයට අරගෙන පෙන්නන්න. පාතාල සභාපතිට මොකෙක්වත් කිට්ටු වෙන්නේ නැහැ...