
(අංජුල මහික වීරරත්න)
එකිනෙකා දෙස සැකයෙන් සහ වෛරයෙන් බලන සමාජයක් වෙනුවට සහෝදරත්වයෙන් සහ ප්‍රේමයෙන් සියලුදෙනා එක් ව දිවි ගෙවන දියුණු සහ ශිෂ්ට සම්පන්න රටක් ගොඩනැඟීමට රජය දරන උත්සාහයේදී හජ් සැමරුම මහඟු ආශිර්වාදයක් යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.
ජනාධිපතිවරයා මෙසේද කියයි.
ලොව පුරා ඉස්ලාම් භක්තිකයින් මහත් බැතියෙන් සමරන හජ් උත්සවය අදට (7) යෙදී තිබේ. ඉස්ලාම් බැතිමතුන්ගේ විශ්වාසයට අනුව අල්ලාහ් දෙවියන් කෙරෙහි ඊබ්‍රාහිම් නබිතුමන්ගේ භක්තිය හා අසමසම පරිත්‍යාගය සංකේතවත් කරන හජ් උත්සවය සුවිශේෂ වන්නේ ඉස්ලාම් දහමේ පංච මහා වගකීම්වලින් පස්වැන්න ලෙස සැලකෙන මක්කම වන්දනාව හේතුවෙනි.
ආගමකින් අපේක්ෂා කරනුයේ මිනිස් සමාජය මානව දයාවෙන් පරිපූර්ණ කර යහපත් සමාජයක් නිර්මාණය කිරීමයි. ලොව නන් දෙසින් මක්කම නගරය වෙත පැමිණෙන සියලු ඉස්ලාම් බැතිමතුන් සහජීවනයෙන් දෙවියන් නමදින මෙම හජ් වන්දනාවෙන් ගම්‍ය වන්නේ අන් සියලු ආගමිකයන් සමඟද සමානාත්මතාවෙන් යුතුව දිවි ගෙවීමේ ශික්ෂණය බව මම දැඩි ව විශ්වාස කරමි. එසේම, ඉන් නිරූපිත කැපවීමේ හා පරිත්‍යාගයේ ජීවන ආදර්ශයෙන් හජ් සැමරුමෙහි මුඛ්‍යාර්ථ සංකේතවත් කෙරේ.
ඇති නැති පරතරය සහ විවිධ භේද දුර ලා සමානාත්මතාව, සහෝදරත්වය ඇති කිරීම හජ් උත්සවයේ ප්‍රධාන අරමුණකි. රටක් ලෙස අප ඉදිරියේ ඇති අභියෝග ජය ගනිමින් අප අපේක්ෂා කරන දියුණු සහ ශිෂ්ටසම්පන්න රට ගොඩනැඟීම වෙනුවෙන් අවශ්‍ය සමාජ, ආර්ථික සහ දේශපාලන පරිවර්තනය සිදු කිරීමේදී සියලුදෙනාගේ සාමුහික උත්සාහය, මැදහත්වීම සහ සහභාගිත්වය ඉතා වැදගත් වේ.
හජ් සැමරුම එකී පොදු අරමුණ වෙනුවෙන් එක් ව අත්වැල් බැඳ ගැනීමට අගනා අවස්ථාවක් නිර්මාණය කරන බවද මෙහි ලා සිහිපත් කරමි. ලෝකවාසී සියලු මනුෂ්‍යයන්ගේ සිත්සතන්හි සමානාත්මතාව, සහෝදරත්වය සහ පරිත්‍යාගය පිළිබඳ හැඟීම් උත්පාද කරවන හජ් සැමරුම ලෝක සාමය උදෙසා ලබා දෙන්නේද මහැඟි පණිවිඩයකි. මෙරට හා ලෝක වාසී සියලු ඉස්ලාම් බැතිමතුන්ට, උතුම් ඊද් - උල්- අල්හා දිනයක් වේවා‘යි හෘදයාංගම ශුභාශිංසන පිරිනමමි. ඊද් මුබාරක් ...!!!
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෛරය අපිට ඉගැන්වූවේත් ඔබගේම අය තමයි සහෝදරයා. 1987-89 කාලයේ වෛරය වැපිරිලා තිබුණේ. ඒ දවස්වල අපි තරුණ ළමයි. දැක්කේ ගෙවල් ගිනිතියනවා ටී56 යොදාගෙන මරනවා වගේ දේ. අන්තිමට අපේ හමුදාවල අයත් අනික් පැත්තට පටන් ගත්තා ඔයාලාගේ අය හමුදාවල අයගේ පවුල් මරා දැමීමට පටන්ගත් නිසා උතුරෙන් අයින් වෙන්න කියලා. ඒ කාලේ ඔයා වගේ කෙනෙක් ඉඳලා ඔය ප්‍රේමය ගැන කිව්වා නම් හරිනේ. දැන් තාම වයිර කරන්නේ ඒ කාලයේ ඔයාලගේ ලොක්කන්ගේ ලණු ගිලපු අයයි. ඒවා දැනුත් පතුරලා දැන් ඉන්න අයව විනාශ කරන අයයි තමයි...
කුට්ටියේ හැටියටයි ප්‍රේමය. ඒක තමයි දැන් තියරිය. එහෙම නේද?
ඔබතුමා ළඟ නැත්තේ ඕකම තමයි.
අපට දිනෙන් දින ඔබ ගැන සැකය වෛරය වැඩිවේගෙන යනවා මොකද කරන්නේ...?
සැකය වෛරය පතුරුවලා බලයට ඇවිත් කියන කතා...
ඔබතුමා තමයි ඔකේ මහදැන මුත්තා...
අම්මෝ මරු කෙනා බණ කියන්නේ...!
කටින්ද කතා කරන්නේ..?
මුහුණත්තහඩුවෙන්ම පචය නිරූපණය වෙයි.
අපි බොරුව වපුරා , වෛරය පැළ කරමු. එතකොට මාලිමා ඵලදාව නෙළාගන්න පුළුවන්...!
මීනිස්සු නම් ඒක අතඇරලා කාලයක් ගිහින් දන්නවා. ඒත් ඔයාලා ආයෙත් ඒක අමුණනවා යාපනේට එහෙම ගිහින්...
ඇත්ත කතාව නම් මාලිමාව තමයි ඕවා රටේ වපුරුවේ. නැද්ද හා.? ඔබ තුමාටම දැන් වැටහෙනවා නේද ඒක ඕනෑවට වඩා වැඩියි කියලා.
ලැජ්ජා නැතිකම අර මොකක්ද එකටත් වඩා ලොකුයිලු...
හිතාගන්නවත් බැහැ අප්පා. හොඳ ළමයෙක් වෙන්නත් වැඩි කාලයක් යන්නේ නෑ.
අපිට සැකයෙන් සහ වෛරයෙන් වැඩක් නැහැ, අර විපක්ෂයේ ඉන්න කාලේ තිබෙනවා කියපු ලිපිගොනු ටික අදාල දෙපාර්තමේන්තුවලට ඉදිරිපත්කර දූෂිතයින්ව නීතිය ඉදිරියට ගෙන එන්න..., එහෙම නොකළොත් අපිට සැකයක් ඇතිවෙනවා ඔබතුමාත් දූශිතයින්ගෙන් අල්ලස් අරගෙන කියලා, එහෙම වුණාම ඔබතුමා ගැනත් වෛරයක් ජනතාවට ඇතිවෙන්න පුළුවන්...
බොරුම කියලා ...
චැට් එකේ ඉන්නේ ඔක්කොම ටිකක් හරි පිරිමි කවදාවත් මේවා කියන්න දන්න දේශපාලනය හොයලා බලන්න... කවුද මිනිස්සු මැරුවේ කියලා...
අනේ මේ කටින්ද ඕක කියන්නේ? තමන්ම ඒ දෙවල් කර කර. මෙයා නම් පුදුම පච විදිල්ලක්නේ විදින්නේ