(සුජිත් හේවාජුලිගේ)
කන්ටේනර් තුන්සිය විසිතුනකින් ප්‍රභාකරන්ගේ අවි ආයුධ ගෙනා බවට පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා මහතා කරන ප්‍රකාශය පදනම් විරහිත බව ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා පැවසීය.
රටකින් රටකට ඒ ආකාරයට අවි ආයුධ ගැනීමේ කිසිදු හැකියාවක් නැතැයි පැවසූ ආරක්ෂක ලේකම්වරයා මේ ආකාරයට ජනතාව නොමග යැවීම අපරාධයක් බවද සඳහන් කළේය.
වරායට පැමිණෙන සියලුම කන්ටේනරයක්ම දැඩි පරීක්ෂාවට ලක් කෙරෙන බව ඔහු වැඩිදුරටත් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආයුධ නෙමෙයි නම් ගෙනාවේ මොනවද කියලා රටට කියන්න. නැත්නම් ඔයාටත් උසාවි ගානේ රස්තියාදු වෙලා නියෝග දීපු ලොක්කෝ එක්කම හිරේ ලගින්න වෙයි.
යන්නේ කොහේ ද මල්ලේ පොල්. ලොක්කත් එකයි ගෝලයොත් එකයි. ඉතින් කන්ටේනර් වල ආයුධ නොතිබුණා නම් ඒකේ තිබ්බ දේවලුයි ඒක නිදහස් කරපු හේතුවයි කියනවලාකෝ රටට. එතකොට ඒ අපවාදේ නෑනේ.. රට දෙල් පැපොල් වගේ විකාර නොකියා...
කලින් රේගුවෙන් කියා තිබුනේ ඔය කන්ටේනර් වල තිබුනේ මොනවාද කියලා ඔවුන් ගාව තොරතුරු නැහැ කියලා. ගම්මන්පිල මන්ත්‍රීතුමා එහෙම කියා තිබුණා, ඔහුට රේගුවෙන් ලැබුනේ ඒ පිළිතුර කියලා. දැන් ඉතින් කොහොමද ඔය කන්ටේනර් වල තිබුනේ මොනවද කියලා හොයන්න?
මේකත් රන්වලගේ පී එච් ඩී එක වගේ...
පරික්ෂා කළා නම් කියන්නකෝ මොනාද ඒවායේ තිබ්බේ කියලා... එතකොට ඔය ප්‍රශ්න ඉවරයිනේ..!
එහෙනම් මොනවද ගෙනාවේ? ලැජ්ජද කියන්න...
මොනවා තිබ්බොත්ද වස්තුවේ ඔයාලා පිළිගන්නේ?
මෙයත් මාලිමා කඩේ කෙනෙක්නේ. ඒ කියන්නේ ඩෝබියෙක්. මොකටද එහෙම නම් ඒ බහාලුම් සඟවාගෙන අරගෙන ගියේ..? මේවා සියල්ල එළියට එන දවසක් එනවා. එතකොට කාටකාටත් ජම්පර් සිහින සැබෑවෙයි. වැරැදි නම් කවරු කළත් වැරදියි...
ඕකේ රත්තරන් තිබුණා කියලා කවුරුත් කියන්නේ නැත්තේ, එහෙම කියලා දන්නේ නැති නිසාද? එක්කෝ දියමන්ති විතරයි තිබුනේ කියලා කියන්න කෙනෙක් නැද්ද?
හරි හරි අපි දන්නවා... මෙයාලා කියන්නේ නැති වුණාට මම කියන්නද? ඕකෙ තිබුණේ... උගන්ඩාවේ සල්ලි...!
එහෙනම් කොහොමද රෙඩ් ලේබල් ගහපු ඔය කන්ටේනර් තුන්සිය ගාණක්, පරීක්ෂා නොකර වරායෙන් පිටමන් කළේ? එහෙම පිට කළා නම් ඒවායේ හොර, නීති විරෝධී බඩු තියෙන්න ඇති නේද? කවුද එය කළේ? මොනවද ඒවට දෙන දඬුවම්...?
ඈ බොල කන්ටේනර්ස් ගැන නෙවෙයි කියන්නේ, පන්නපු ඒවා ගැන.
සාලිය ටී, යූ ටියුබ් චැනල් එකේ කියනවා ඒ පිටකරපු කන්ටේනර් පෙට්ටි 323 අතරේ Thailand වලින් ආපු එකක් ගැන පැහැදිලි අංකයත් එක්කම කියනවා... සහ කුඩු 600kg ගැන. ගෙනාවේ නිදහස් කරගෙන තියෙන්නේ මුස්ලිම් ව්‍යපාරිකයෙක් කියලාත් කියනවා පැහැදිලිව...!
අර්ජුනගෙ කතාව බොරුවක් නම් එතුමාට විරුද්ධව මොනවරි කරන්න පුලුවන්නෙ.