
(යොහාන් භාසුර)
අනුරාධපුර මහාධිකරණයේ නියෝගයෙන් සිරගත කර සිටියදී පොදුසමාව ලැබූ විජේකෝන් මුදියන්සේලාගේ අතුල තිලකරත්න හෙවත් ඩබ්ලිව්. එම්. අතුල තිලකරත්න යන සිරකරු ලැබූ සමාව කිසිසේත් එම පුද්ගලයා කේන්ද්‍රකරගෙන සිදුවූවත් නොවන බවත් එය පොදුවේ සිරකරුවන් උදෙසා පිරිනැමූ සමාවක් බවත් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක මහතා නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.
පසුගිය මැයි මස 12 වැනි දිනට යෙදී තිබූ වෙසක් පොහොය වෙනුවෙන් මැයි මස 5 වැනිදා වන විට බන්ධනාගාරගතව සිටි රැදවියන් සඳහා වෙසක් පොදු සමාව පිරිනැමීමේ කොන්දේසිවලට යටත්ව ක්‍රියාත්මක කළ බවත් එම සිරකරු ද ගෙවීමට තිබෙන දඩ මුදල් අහෝසි වීම මත නිදහස් රිමාන්ඩ් සිටි අතර මීට අමතරව පැවති නඩුවට ඇප අත්සන් කළ බවට නියෝගය අනූව ගරු මහාධිකරණයට ඉදිරිපත් කර මුදාහැරි බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
අනුරාධපුර මහාධිකරණය විජේකෝන් මුදියන්සේලාගේ අතුල තිලකරත්න (ඩබ්ලිව්. එම්. අතුල තිලකරත්න) යන සිරකරු බන්ධනාගර ගත කර ඇත්තේ ලංකා දණ්ඩනීතී සංග්‍රහයේ 386 වගන්තිය උල්ලංගනය කිරීම හේතුවෙන් බවත් ගෙවීමට නියම කර ඇති මුදල වන රුපියල් ලක්ෂ 20ක වන්දි මුදල දඩයක් ලෙස ගෙවන ලෙස අධිකරණය නියමකර ඇති අතර එම දඩය නොගෙවන්නේ නම් මාස 6 ක බරපතල වැඩ සහිතව සිර දඩුවම් නියම කර ඇති බවත් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක මහතා වැඩි දුරටත් සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මූල්‍ය වංචා කරුවෙක්ට පොදු සමාවක් දීමෙන් අනුර ජනාධිපතිවරයා ගැන. මහජන විශ්වාසය ක්ෂනිකව බිඳ වැටුණා! මේවා දූෂිත නිලධාරින් කරන වැඩ වෙන්න පුලුවන්...! නමුත් මෙම වැරැද්ද වහාම රජය නිවැරැදි කළයුතුයි..! දූෂිත නිලධාරීන් හඳුනා ගෙන දඩුවම් දිය යුතුමයි..!
මරුනේ ලක්ෂ විස්ස ගෙව්වෙත් නැහැ මාස හයයි සිරදඩුවම එක බන්ධනාගාර කාලයෙන් මාස හතරයි දින දහයයි එකෙන් මාස හතරක කාලය අඩුව දින දහයක් ඇතුලේ ඉඳලා නිදහස් වුණා. මරු නීතිය රුපියල් දහදාහක් නම් කමක් නැහැ. ලක්ෂ විස්සකට ඔය විදියට බැලුවාම මිනිස්සු බයක් නැතිව වංචා කරනවා... උපරිම සමාව නොලැබුවත් මාස හතරයි දින 10 නිසා මේ ක්‍රමය වෙනස් කළයුතුයි. දඬුවම් දෙන්න ඕනෑ සමාජයට ආදර්ශයක් වෙන්නයි පහසුවෙන් ගැලවිය නොහැකි බව දැන්වීමටයි මේකෙන් පෙන්වන්නේ ඒකේ අනිත් පැත්ත පහසුවෙන් ගැලවිය හැකි බවයි...
පොල් ගෙඩියක් ඉස්සුවත් හිරේ වැටෙන රටේ ලක්ෂ ගාණක වංචාවක් කරලා ජනාධිපති නිදහස ගන්න සාමාන්‍ය මනුස්සයෙක්ට පුළුවන්ද?
දීකිරට බළල්ලුත් සාක්ෂි...
මතක තියාගන්න අනුර කුමාර ජනාධිපති කෙරුවා නම් ඔය මුකුත් නැහැ...
ඔහුව ඉලක්ක කරගෙන දුන් සමාවක් නොවේ තමයි. එහෙනම් තව බරපතල අපරාධකාරයෝ නිදහස් කරලා ඔහුව ඉලක්ක කරගෙන දුන් සමාවක් නොවේ කියන්නත් පුළුවන්නේ...
මෙයා කියන දේ සහ යතාර්තය අතර ලොකු වෙනසක් ඇති බැව් බැලූ බැල්මට පේනවා. ඒ වගේම කාගේ හෝ බලපෑමට මෙයා කට ඇරිය බවත් පේනවා. මේ සිරකරු තබුත්තේගමද? මහාධිකරණයෙන් දඩුවම් දීපු තවත් චෝදනා ගණනක් තියන කෙනෙක් කොහොමද ජනාධිපති සමාව ගන්නේ? මට හිතෙන්නේ අනිත් සියල්ලම වගේ වෙනසක් නෑ. නොකරනවා කිව්ව හැමදේම කරනවා.
මෙතැන මොකක් හරි අවුලක් තිබෙනවා.
තඹුත්තේගම කයිවාරුකාරයාගේ චක්ගෝලයෙක් වෙන්න ඇති...
පැලවත්තේ අපි කවදත් වැඩක් කලේ කුට්ටියේ හැටියටයි හලෝ. නිකම් බොරු ප්‍රකාශ කරලා අමාරුවේ වැටෙන්න එපා නිලධාරිතුමා.
පුද්ගලීකරණයට ලක්වෙලා...
තරු පටි වෙනුවෙන් කඩේ යනවාට වඩා හොඳයි හිඟා කනවා...
මෙයාට කීයක් ලැබුණාද දන්නේ නැහැ රෙකමදාරුවට...
ඔය කියන හැටියට ඉතින් සමාව දෙන්න ඕනැ කෙනා කේන්ද්‍ර නොකරගෙන වෙසක් එකට පොදු සමාවක් දීලා තමන්ට ඕනෑ කෙනෙක්ට සමාව දෙන්න පුළුවන්නේ...
එතකොට මේ මනුස්සයාට සමාව දුන්නේ නැහැ කියලා දැන් කියන්නේ කොහොමද...? මෙයා කියනවානේ ඒ මනුස්සයාට සමස්ව දුන්නා කියලා.. මරු හොඳයි..
ජනපතිව මඩ ගහන්න රාජපක්ෂලා රජ්‍ය නිලධාරීන් ඉත්තන්ට ගන්න සල්ලි පෙරේතයෝ ඇම ගිලලා මුළු ආත්මේම විඳවනවා..!! කුම්බලා මාලු කෑවා නම් විඳවපන් කීවාලු...!! දැන් කුණු හදන්න හදලා වැඩක් නෑ...!!!
මේක කතාවක්ද නැතිනම් සත්‍ය සිදුවීමක්ද? මෙය සත්‍ය සිදුවීමක් නම් නින්දා සහගතයි, ලැජ්ජා සහගතයි, අසික්කිතයි. මාලිමා රජයේ අපේක්ෂාවන්, කළ කී දෑ, නා නා ප්‍රකාර කියුම්, පැවැති රජයන්ට කළ දෝෂාරෝපණ වලට ගැලපෙන්නේ නැත. කරුණු කාරනා සිදුවන්නේ මෙසේ නම්, අපට සිතා ගන්නට වන්නේ මාලිමා රජයේත්, පැවැති රජයන්ගේත් කිසිඳු වෙනසක් නොමැති බවයි. ක්‍රමයෙන් පැරැණි තත්වයට ළඟා වෙමින් තිබෙනවා යන්නයි. අනුර කුමාර දිසානායක මහතා වෙත අපගේ බලවත් අප්‍රසාදය. සිරිසේන ජනපති ජයමහට දුන් සමාව දී ආපසු හැරවූවාසේ මෙහිදීත් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කළොත්, දැනගත හැකි කලේ හරි දේද කියලා...
ඔය නිදහස් කරපු ලිස්ට් එකම චෙක් කරන්න ඕනෑ... බන්ධනාගාර ඩීල් තව ඇති...!
මෙතුමාට අනුව අජිත් පෙරේරා පාර්ලිමේන්තුවේ කිව්වේ බොරු නම් බන්ධනාගාරය ගන්න පියවර මොකක්ද? බන්ධනාගාර කීර්ති නාමයට කැළලක් වුණා එහෙම කියලා.