IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


සබරේ දූෂණ හොයන්න ස්වාධීන පරීක්ෂණ කමිටුවක්

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ශ්‍රී ලංකා  සබරගමුව විශ්වවිද්‍යාලයේ  මතුව තිබෙන සියලු  දුෂණ සහ අක්‍රමිකතා සොයාබැලීමට ස්වාධීන පරීක්ෂණ කමිටුවක් පත්කිරීම  පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප් )  නිර්දේශ කළේය.

එහිදී  වර්තමාන පාලන අධිකාරියේ කිසිදු නිලධාරියෙක් අදාළ කමිටුවට සම්බන්ධ කරගැනීමකින් තොරව එම පරීක්ෂණ කමිටුව පත්කර, හැකි ඉක්මනින් අදාළ විමර්ශන සිදුකර අවසන් කරන ලෙස කෝප් කමිටුව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයාට  උපදෙස් දුන්නේය.

මේ පිළිබඳ කරුණු සාකච්ඡා  වූයේ ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයයේ  2023 මූල්‍ය  වර්ෂයේ විගණකාධිපති වාර්තාව සහ වර්තමාන කාර්යසාධනය පිළිබඳ  පරීක්ෂා කිරීමට පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර මහතාගේ සභාපතිත්වයෙන්  පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

මෙහිදී විශ්වවිද්‍යාලයේ දෙවන වසරේ ඉගෙනුම ලබමින් සිටියදී  සියදිවි නසාගත් චරිත් දිල්ෂාන් සිසුවාගේ  සිදුවීම පිළිබඳව කාරක සභාවේදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. 

එහිදී එම සිදුවීමට පාදක වූ විශ්වවිද්‍යාලයේ පැවැත්වූ  අවුරුදු උත්සවය පිළිබඳව අදහස් දක්වමින් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය විනය පාලකවරයා එම සංවිධානය කෙරුණු අවුරුදු උත්සවය පිළිබඳව පාලනාධිකාරිය විසින් තමන්ව දැනුවත්ව නොකළ බව පැවසුවේය. 

නිසි ක්‍රමවේදයෙන් පරිබාහිරව එම අවුරදු උත්සවය සඳහා අනුමතිය ලබාදී ඇති බවද ඔහු පැවසුවේය.  

එමෙන්ම ශිෂ්‍ය නේවාසිකාගාරයේ  ඉදිරියේදී ඇතිවිය හැකි තත්ත්වයන් පිළිබඳව ද පාලනාධිකාරියට ලිඛිතව දැනුම් දී තිබූ  බවද ශිෂ්‍ය විනය පාලකවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේය. 

ඒ අනුව පාලනාධිකාරිය අතින්  යම් ආකාරයකින් ශිෂ්‍ය ක්‍රියාකාරකම්  පිළිබඳ සොයාබැලීම්, මග හැරී ඇතිබව නිරීක්ෂණ වන බව කාරක සභා සභාපතිවරයා පැවසුවේය. මේ සිදුවීමට අදාළවද නිසි කාර්යක්ෂම ස්වාධීන පරීක්ෂණයක් සිදුකිරීමට කාරක සභාව අමාත්‍යාංශ නිලධාරීන්ට  උපදෙස් ලබාදෙන දුන්නේය.



අදහස් (2)

සබරේ දූෂණ හොයන්න ස්වාධීන පරීක්ෂණ කමිටුවක්

Frencis Friday, 06 June 2025 06:22 PM

ඔය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය රත්නපුර (සබරගමුවෙ) තිබුණාට අනෙක් කොටස් තියෙන්නේ ඌව විශ්ව විද්‍යාලයට ආසන්නව ඌව පළාත් මායිමේ නිසා සබරගමුව කීමත් එතරම් සුදුසු නැහැවගෙයි... එම පිහිටීමත් කියනාකාරයට මහාපරිමාණයේ වංචා දූෂණ වලට හේතුවක් වෙන්න පුළුවන්... විශ්ව විද්‍යාල ස්වාධීන ආයතන වුණත් ජනතා මුදල් යොදවන නිසා රජයේ නිලධාරින්ට අදාල ආයතන සංග්‍රහයේ මෙන්ම මුදල් රෙගුලාසිත් ඒවාට සංශෝධන චක්‍රලේඛ අනුවත් කටයුතු කෙරෙනවා නම් හොඳයි පරීක්ෂණ කමිටුවක් පත්කිරීම ඉතාම කාලෝචිත පියවරක් කියලා කියන්න පුළුවන්...

:       0       1

tikiri Saturday, 07 June 2025 11:07 AM

සමන් කොළඹ සරසවියේ ඉන්න කාලෙත් හරි දක්ෂයා... පුළුවන් හැම තැනකින්ම රිංගුවා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 364 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 221 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site