IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


විදුලි පනතට එරෙහි පෙත්සම් විභාගයට දින දෙයි

(මනෝප්‍රිය ගුණසේකර)

විදුලි බල සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි හෙයින් එම පනත් කෙටුම්පත බහුතර මන්ත්‍රී සංඛ්‍යාවගෙන් සහ ජනමත විචාරණයකින් සම්මත කිරීමට නියෝග කරන්නැයි ඉල්ලා ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය ඇතුළු ඇතුළු සංවිධාන හතක් ගොනු කර තිබූ  පෙත්සම් ලබන 11 වැනිදා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (06) දින නියම කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන දිලීප් නවාස්, අර්ජුන ඔබේසේකර සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම් විභාගයට ගැනීමට නියමිතය.
ලංකා විදුලි ඉංජිනේරු සංගමය, හරිත සංවිධානය, දේශහිතෛෂී ජාතික පෙරමුණ, පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඇතුළු සංගම් හතක් ගොනු කර ඇති පෙත්සම්වල වග්උත්තරකරුවන් වශයෙන් නීතිපතිවරයා නම් කර ඇත.

ලංකා විදුලි බල සංශෝධන පණත් කෙටුම්පත නමින් කෙටුම්පතක් පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුලත් කර ඇති බවත් මෙම පනත් කෙටුම්පතේ සඳහන් කරුණු අනුව ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය පෞද්ගලිකකරණය කරන අතර ජල විදුලිය සම්බන්ධයෙන් එහි පැහැදිලි සඳහනක් නොමැති බවද සඳහන් කරන පෙත්සම්කරුවෝ සේවකයින්ට වන්දි ගෙවා ඔවුන්ගේ සේවය අවසන් කිරීම සම්බන්ධයෙන් පැහැදිලි විධානයක්  එහි නොමැති බවද සදඳහන් කරති.

මෙම තත්ත්වය තුළින් සමස්ත මහජනතාවත්, ලංකා විදුලි බල මණ්ඩලයේ සේවකයන්ගේත් මූලික අයිතිවාසියක් කඩවන බව සඳහන් කරන පෙත්සමකරුවෝ එබැවින් මෙම පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන්   මූලික වගන්තින වලට පටහැනි බව සඳහන් තීන්දුවක් ප්‍රකාශයට පත්කරන ලෙසද මෙම පනක් කෙටුම්පත සම්මත කිරීම සඳහා විශේෂ බහුතරයගේ සහ ජනමත විචාරණයක් අවශ්‍ය බවට නියෝගයක් නිකුත් කරන ලෙසද ඉල්ලා සිටිති.

පෙත්සම්කාර සංවිධානය වෙනුවෙන් නීතිඥවරුන් වන සේනානි ධර්මරත්න, ශාන්ත ජයවර්ධන මහත්වරු සමග ජනාධිපති නීතිඥ උදිත ඉගලෙහේවා මහතා පෙනී සිටියේය.

වගඋත්තරකරුවන් වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ විවේකා සිරිවර්ධන මහත්මිය පෙනී සිටියාය.



අදහස් (0)

විදුලි පනතට එරෙහි පෙත්සම් විභාගයට දින දෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 364 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 221 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site