
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
ලුණු මිල හිතුමතේ වැඩි කළොත් උපරිම සිල්ලර මිලක් නියම කරන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පැවසීය.
පාර්ලිමේන්තුවේදී පැවති වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී ඔහු මෙසේ ප්‍රකාශ කළේය.
හිඟයකින් තොරව ලුණු ජනතාවට ලබාගත හැකිවුව ද වෙළඳපොලෙහි ලුණු මිලෙහි වැඩිවීමක් පිළිබඳව පැමිණිලි ලැබෙන බැවින් වැඩි ලාභ අපේක්ෂාවෙන් ලුණු මිල අසාධාරණ ලෙස ඉහළ නංවන්නේ නම් ඉදිරියේදී උපරිම සිල්ලර මිලක් නියම කිරීමට කටයුතු කරන බවද සමරසිංහ මහතා පැවසීය.
එම ගැටලුව සඳහා කඩිනමින් මැදිහත්වන ලෙස අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක නම් මේසයට හයියෙන් තට්ටුවක් දාලා තවත් වැඩි කරන්න පොටක්.
පුද්ගලික අංශය එක්ක එකතු වෙලා අන්තිමට මිල වැඩි කරන එක තමයි කරන්නේ... සීනිවලටත් වඩා ලුණුවල මිල වැඩිවෙලා දැනටමත්...
ලුණු පොල්කට්ටටත් කෙළවෙන වැඩක් ඔන්න! පාලන මිල කියන්නේ වෙළෙන්දෝ බඩු හංගනවා කියන එක දන්නේ නැති මාලිමා ආණ්ඩුව...
ඉතිං ගුණපාල, වෙළෙන්දෝ ලුණු හංගන වෙලේ, ඔයා පොල්කට්ට හංගන්නකෝ. වැඩේ අහවරයිනේ...
දැනට පවතින ලුණු හිඟයට මූලික හේතුව දේශගුණය වෙනස්වීම. ඊට විසඳුම සොයන අතර වෙළඳපොලේ ඇතිවන හිඟය ද නැති කිරීමට අවශ්‍ය පරිදි ආනයනය පුළුල් කළ යුතුයි. වෙළඳපලේ භාණ්ඩ සුලබ වන අවස්ථාවේ මිල පහළ යාම සිදුවෙයි.