IMG-LOGO

2025 දෙසැම්බර් මස 13 වන සෙනසුරාදා


මර්වින්ට - චන්දාණීට අධිචෝදනා බාර දෙයි

(මනෝප්‍රිය ගුණසේකර)

කම්කරු හා මහජන සම්බන්ධතා අමාත්‍යවරයා වශයෛන් කටයුතු කළ වසර දෙකක කාලය තුළ තමාගේ නිත්‍යානුකූල වත්කම් හා ආදායම් වලින් උපයාගත නොහැකි රුපියල් කෝටි 15කට අධික මුදල් හා දේපළ උපයා ගත් බවට හිටපු අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වා මහතාට සහ නිසි ක්‍රියා පටිපාටිය අනුගමනය කිරීමකින් තොරව වියළි කළාප සංවර්ධන ව්‍යාපෘතියේ අධ්‍යක්‍ෂ ජනරාල්ධුරයට පුද්ගලයකු පත් කිරීම සහ නීතියානුකූල නොවන ආකාරයට එහි ව්‍යාපෘති වලට සිය හිතවතුන් පත් කිරීමට අමාත්‍යාංශ ලේකම්වරයා පෙළඹවන ලද බවට හිටපු කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යවරිය සහ වියළි කළාප සංවර්ධන අමාත්‍යවරිය ලෙස කටයුතු කළ චන්දාණී බණ්ඩාර මහත්මියට එරෙහි අධිචෝදනා බාරදුන් කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය  පටබැඳි මහතා විත්තිතරුවන් දෙදෙනා ඇප මත මුදාහැරීමටද අද (06) නියම කළේය.

විත්තිතරුවන් දෙදෙනා අල්ලස් පනත යටතෙත් දඬුවම්ලැබිය යුතු වැරදි කළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම පවරා තිබු නඩු කොළඹ මහාධිකරණය හමුවේ අද (06) කැඳවනු ලැබු අවස්ථාවේදී එලෙස නියම කළ විනිසුරුවරයා විත්තිකරුවන්ට එරෙහි නඩුවල පුර්ව නඩු විභාග සම්මන්ත්‍රණ පවැත්වීමට දින නියම කළේය.

නඩු කැඳවු අවස්ථාවේදී හිටපු කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යවරිය සහ වියළි කළාප සංවර්ධන අමාත්‍යවරිය ලෙස කටයුතු කළ චන්දාණී බණ්ඩාර මහත්මිය අධිකරණයේ පෙනී සිටි අතර වෙනත් නඩුවක් සඳහා රිමාන්ඩ් බරයේ පසුවන හිටපු අමාත්‍ය ආචාර්්‍ය මර්වින් සිල්වා මහතා බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

අල්ලස් කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල් රංග දිසානායක මහතාගේ අත්සනින් යුතුව අධිචෝදනා දෙකක් යටතේ මර්වින් සිල්වා මහතාට එරෙහිව අල්ලස් කොමිසම නඩු පවරා ඇත.



අදහස් (3)

මර්වින්ට - චන්දාණීට අධිචෝදනා බාර දෙයි

වික්‍රම විදුර Friday, 06 June 2025 06:21 PM

මර්වින්ට ආචාර්ය පට්ටමක් තිබුණාට ඕක බාර දුන්නාට තේරෙයිද දන්නෑ.?

:       0       2

රුවන් Friday, 06 June 2025 06:30 PM

පුස් බයිසිකලයෙන් ආපු මන්ත්‍රී අවුරුද්දෙන් කෝටිපතියෙක් වුනේ කොහොමද? මෙන්න තියෙනවා උදාහරණය...

:       0       3

MD Friday, 06 June 2025 09:45 PM

හොරකම, දූෂණය පිටුදකිනවා. නමුත් රට පාවාදෙනවා මේ තකතීරු, දුෂ්ට, කුහක වෛරී මාලිමා ආණ්ඩුව. මහින්ද රාජපක්ෂ පවුල ප්‍රධාන රට කරපු අනෙකුත් කිසිම ආණ්ඩුවක් මෙහෙම නීච ආකාරයට කොටි හිතවාදීන්ට යටත් වෙලා උන් කියන කියන පදයට නටන්න ගියේ නැහැ. දේශද්‍රෝහී ආණ්ඩුව පලවා හරිනු...

:       5       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 635 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 528 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 432 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site