සමෘද්ධි නිලධාරීන්ට කඩිනමින් උසස්වීම් පරිපාටියක් සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ට කිසිදා නොතිබුනු උසස්වීම් පරිපාටියක් ඇති කරන බවත් සියලුම නිලධාරීන්ට උසස්වීම් ලබාදීමට අවශ්‍ය විභාග සහ සම්මුඛ පරීක්ෂණ මෙම වසරේ මුල් මාස හතර තුල පැවැත්වීමට කටයුතු කරන බවත් ග්‍රාමීය සංවර්ධන , සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍ය උපාලි පන්නිලගේ මහතා සදහන් කළේය. 27 January 2025
ආණ්ඩුවට බැඳීමක් තියෙන්නෙ ජනතාව එක්ක විතරයි රට ගොඩනැගීම සඳහා ආණ්ඩුවට බැඳීමක් තිබෙන්නේ ජනතාව සමග පමණක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. 27 January 2025
කඹයකින් ගෙල සිර කර සුනඛයා මැරූ කත අත්අඩංගුවට සුනඛයෙකුගේ ගෙල කඹයකින් සිරකර මරණයට පත්කළ බව කියන කාන්තාවක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි.මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මාංකුලම් චෛත්‍ය කුලම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 48 ක කාන්තාවකි. 27 January 2025
සිරුරට ගිනි ඇවිලි අයෙක් මරුට කොස්ලන්ද පොලිස් වසමට අයත් පූනාගල පාර . කෝවිල අසල නිවසක සිරුරට ගිනි ඇවිලීමෙන් මිය ගොස් සිටි පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද (27) උදෑසන සොයා ගත් බව කොස්ලන්ද පොලිසිය පවසයි. 27 January 2025
යෝෂිතට එරෙහි තවත් නඩුවක් වසර දහයකට ආසන්න කාලයක් නාවික හමුදාවේ සේවය කර ලුතිනන්වරයකු ලෙස වැඩ තහනමට ලක් වූ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ රුපියල් කෝටි ගණනින් අයථා වත්කම් රැස් කිරීම සම්බන්ධයෙන් තවත් නඩුවක් ඉදිරියේදී ගොනු කරන බව නීතිපතිවරයා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු දක්වමින් අද(27) පැවසීය. 27 January 2025
යෝෂිතට ඇප මුදල් විශුද්ධිකරණ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා රුපියල් ලක්ෂ 500 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා නියෝග කළේය. 27 January 2025
ළමුන් දරුකමට පිටරටට දීම ගැන විශේෂ ගැසට්ටුවක් ළමයින් දරුකමට හදාවඩා ගැනීමේ ආඥාපනතට අනුව විදේශීය ඉල්ලුම් කරුවන් සඳහා මෙම ලිත් වර්ෂය සඳහා සියලුම අධිකරණ මගින් නිකුත් කළහැකි ළමයින් දරුකමට හදාවඩා ගැනීම් ආඥා සංඛ්‍යාව 100 ක් වියයුතු බවට නියම කරමින් ළමා හා කාන්තා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල් රාජ් මහත්මිය විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. 27 January 2025
අලි 20 ක් කොමඩු වගාව විනාශ කරලා ආණමඩුව කොට්ටුකච්චිය රන්සේල ගම කොමඩු වගාවකට කඩා වැදුණ 20 කට වැඩි වල් අලි රංචුවක් එම වගාවේ අස්වැන්න නෙලීමට තිබු කිලෝ 3000 කට ආසන්න ප්‍රමාණය විනාඩි 30 යාමටත් පෙර ගිල දමා වගාවද වනසා ගොස් ඇති බව ඉඩම් හිමියා පවසයි. 27 January 2025
මනෝ වෛද්‍යවරයාට පහරදුන් අයිය- මලෝ අත්අඩංගුවට මහනුවර ජාතික රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍යවරයෙකුට පහර දුන් බව කියන බීමත් අයියා මලෝ දෙදෙනෙකු මහනුවර මූලස්ථාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. 27 January 2025
සූර් පිට අනතුරක් කර පලා ගිය එස් අයි අත්අඩංගුවට බීමතින් පොලිස් කැබ් රථයක් ධාවනය කර ත්‍රිරෝද රථයක හප්පා පලා ගිය උප පොලිස් පරීක්ෂකවරයෙකු ඊයේ (26) අත්අඩංගුවට ගත් බව කෑගල්ල පොලිසිය පවසයි. 27 January 2025
තවත් මහාචාර්ය පට්ටමක් ගැලවේ රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය චන්දන අබේරත්න මහතාගේ නම ඉදිරියෙන් මහාචාර්ය පදවි නාමය කිසිදු ලේඛනයක සඳහන් නොකරන ලෙස එම අමාත්‍යාංශයේ ජේෂ්ඨ සහකාර ලේකම් (පාලන) අමාත්‍යාංශයේ අංශ ප්‍රධානීන්ට ලිඛිතව දැනුම්දී ඇත. 27 January 2025
වාහන මිල’’ චුට්ටක්’’ වැඩි වෙයි පෙබරවාරි මාසයේදී ගෙන්වන වාහන වල මිල’’ චුට්ටක්’’ වැඩිවනු ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. 27 January 2025
අදත් තැනින් තැන වැසි ඌව සහ දකුණු පළාත්වලත් අම්පාරසහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 27 January 2025
බැංකු කළමාණකරු පාලමෙන් වැටී මරුට නාගොඩ කැප්පිටියාගොඩ අඟුරුවාවල පාලමෙන් මෝටර් රථයක් ඇලට වැටි ඇල්පිටිය මහජන බැංකුවේ කළමනාකරු අද සවස මියගොස් ඇතැයි ගාලු දිසාබාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි. 26 January 2025
පැන්සල් ගැන භයානක අනාවරණයක් ඇතැම් පාසල් සිසුන් ප්‍රමිතියෙන් තොර පැන්සල් භාවිත කිරීම නිසා බැරලෝහ ශරීර ගතවන වන අතර එමගින් පසු කාලීනව ඔවුන්ට පිලිකා සහ වකුගඩු රෝග ඇතිවන බවට විද්‍යාත්මකව තහවුරු කර ඇතැයි ලංකා විදුහල්පතිවරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් පියසිරි ප්‍රනාන්දු මහතා පැවසීය. 26 January 2025
ගුවන් සමාගම් බිලියන ගණන් පොලු තියලා විවිධ ගුවන් සමාගම්වලින් ලැබිය යුතු බිලියන ගණක මුදල් හැකි ඉක්මනින් අය කරගැනීමට අවශ්‍ය කටයුතු කඩිනම් කරන ලෙස සිවිල් ගුවන් සේවා අධිකාරියට ප්‍රවාහන මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා උපදෙස් දී තිබේ. 26 January 2025
‘‘යෝෂිත අත්අඩංගුවට ගැනීම පිටුපස දේශපාලනය නෑ‘‘ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමේදී අත්විලංගු භාවිත නොකළේ ඔහු අත්අඩංගුවෙන් මිදී පලායෑමට උත්සාහ නොකිරීමත් එම අවස්ථාවේ සිටි විමර්ශන නිලධාරියාගේ තීරණය අනුව බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා පැවසීය. 26 January 2025
එවරස්ට් පරදන කඳු දෙකක් හමුවෙලා පෘථිවිගේ විශාලතම ශිඛරය ලෙස සැලකෙන එවරස්ට් කන්දටත් වඩා 100 ගුණයකින් විශාල කඳු දෙකක්, මුහුදු පතුලෙන් හමුවී ඇත. 26 January 2025
ගාල්ල බන්ධනාගාරයේ ගැටුමක් සිවුදෙනෙක් රෝහලට ගාල්ල බන්ධනාගාරයේ රැදවියන් දෙපිරිසක් අතර අද ඇතිවු ගැටුමකදි රැඳවියන් සිවු දෙනකු තුවාල ලබා ඇතැයි ගාල්ල පොලිසිය පවසයි. 26 January 2025
යෝෂිත වැලිකඩ සාමාන්‍ය වාට්ටුවක රත්මලාන ප්‍රදේශයේ ඉඩමක් මිලදීගැනීමේ සිද්ධියකට අදාලව අත්අඩංගුවට ගෙන රිමාඩ්භාරයට පත්කළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්ෂ මහතා වැලිකඩ බන්ධනාගාරයේ සාමාන්‍ය වාට්ටුවක රඳවා සිටින බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක මහතා පැවසීය. 26 January 2025
ලෝක රූ රැජින කිරුළ දිනූ ලාබාල ශ්‍රී ලාංකික දියණිය කටුනායකට තායිලන්තයේ පැවති අයි ඈම් මොඩ්ල් සර්ච් කිඩ්ස් ඉන්ටර්නැෂනල් - 2025 ( I am Medel Search Kids International ) රූ රැජින තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ 08 හැවිරිදි ඇන්ජලා විමලසූරිය දියණිය , එම තරගාවලියේ ජයජයග්රාහී කිරුළ දිනා ගෙන අද(26) දහවල් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය . 26 January 2025
වැඩි මිලට විකුණු හාල් පාලන මිලට පාරිභොගිකයින්ට ඇල්පිටිය ප්‍රදේශයේ වෙළඳසැලක වැඩිමිලට විකිණීමට ලොරියකින් රැගෙන ආ කැකුළු සහල් කිලෝ15000ක් පාරිභෝගික අධිකාරිය විසින් අත් අඩංගුවට ගෙන පාලන මිලට පාරීභෝගිකයන්ට මිලදී ගැනීමට ඉඩකඩ සැලසූහ. 26 January 2025
’’වෙන්නේ කුමක්දැයි බලාගෙන ඉමු’’ ’’ වෙන්නේ කුමක්දැයි බලාගෙන ඉඳිමු’’ යැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගාල්ලේ ප්‍රදේශවාසීන් පිරිසක් හමුවේ අද පැවසීය. 26 January 2025
පවතින රාජ්‍ය සේවය ගැන මිනිස්සු සතුටු නෑ පවතින රාජ්‍ය සේවය පිළිබඳ පුරවැසියාගේ තෘප්තිමත්භාවයක් නොමැති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අනුරාධපුරයේදී අද (26) පැවසීය. 26 January 2025
හුණුගල් දුම්රිය පුත්තලමේදී පිලීපනි පුත්තලම පාලවියේ සිට අරුක්කාඩු හුණුගල් කොරියට හුණුගල් ප්‍රවාහනය සදහා ධාවනය වෙමින් තිබු දුම්රීය පුත්තලම නගරය ආසන්නයෙදී පිලි පැනිමකට ලක්ව ඇති බව කියයි. 26 January 2025
කෝටි පහක හොර අරක්කු සමඟ 6ක් දැලේ රජයේ අනුමත ප්‍රසිද්ධ රටබීම නිෂ්පාදන ආයතනයක නාමය භාවිතා කරමින් ව්‍යාජ අයුරින් විකිණීම සඳහා සූදානම් කර තිබූ වර්ණ ගන්වන ලද රුපියල් කෝටි පහකට පමණ ආසන්න වටිනාකමකින් යුත් හොර මධ්‍යසාර ස්ප්‍රීතු සමඟ සැකකරුවන් 06 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකායේ ගෝනහේන කඳවුරේ නිලධාරීන් පවසයි. 26 January 2025
ලංවිම නිලධාරී මාෆියාවට අහුවුනොත් මේ ආණ්ඩුවත් ඉවරයි විදුලි බල මණ්ඩලයේ නිලධාරී මාෆියාව අනුව වත්මන් පාලකයන් ක්‍රියා කරන්න ගත්තොත් මේ පාලකයන්ටත් අත් වන්නේ එදා සිටි පාලකයන්ට අත් වූ ඉරණම බව දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ඕමල්පේ සෝභිත නා හිමියෝ කොළඹ මාධ්‍ය හමුවක දී පැවසූහ. 26 January 2025
ඕඩිසි දුම්රියේ ටිකට් වංචා කළ තවත් ත්‍රිරෝද රියදුරෙක් අල්ලයි මහනුවර සිට ඇල්ල දක්වා දිවෙන ඔඩිසි දුම්රියේ රුපියල් 4000ක් වටිනා දුම්රිය ඊ ටිකට් පත් දෙකක් බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවන් දෙදෙනෙකුට රුපියල් 28,000කට අලෙවි කළ බව කියන ත්‍රී රෝද රථ රියදුරෙකු මහනුවර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය මගින් අත් අඩංගුවට ගෙන තිබේ. 26 January 2025
ජපුරේ දන්ත පීඨයට මහාචාර්ය ඒකකයක් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට අනුබද්ධ දන්ත වෛද්‍ය පීඨයේ සිසුන් සඳහා ස්ථිර අංග සම්පූර්ණ මහාචාර්ය ඒකකයක් මහරගම මුඛ සෞඛ්‍ය ආයතන පරිශ්‍රයේ ස්ථාපිත කිරීමට තීරණය කර තිබේ. 26 January 2025
සහල්වලින් කෝටි 1,090 ආනයන බදු ආදායමක් ආනයන බලපත්‍ර නොමැතිව සහල් ආනයනය සඳහා ආණ්ඩුව අවසර දී තිබූ කාලයේ දී පෞද්ගලික ආනයනකරුවන් සහල් මෙට්‍රික් ටොන් 167000 ක් මෙරටට ගෙන්වා තිබූ බවත් එම සහල් තොගය වෙනුවෙන් ශ්‍රී ලංකා රේගුව රුපියල් බිලියන 10.9 ක් හෙවත් රුපියල් කෝටි 1,090 ක් ආනයන බදු ලෙස අයකරගත් බවත් රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගුව අධ්යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා පැවසීය. 26 January 2025
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026