
(අංජුල මහික වීරරත්න)
සමුද්‍රී ආරක්ෂක මෙහෙයුම් කටයුතු සිදු කිරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවට අවසර ලබා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජාත්‍යන්තර සමුද්‍ර ගමනාගමනයේ යෙදෙන වෙළෙඳ නෞකාවන්ට රතු මුහුදේදී සහ ඒඩ්න් බොක්ක ඇතුළු සෝමාලියානු සාගර කලාපයේ දී මුහුණ දීමට සිදුව ඇති මුහුදු කොල්ලකරුවන්ගේ ක්‍රියාකාරකම් හේතුවෙන් ජාත්‍යන්තර සමුද්‍රීය සංවිධාන විසින් එම සාගර කලාප අධි අවදානම් කලාප ලෙස නම් කර තිබේ.
ආරක්ෂක අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ එම කලාපයේ ආරක්ෂක මෙහෙයුම් සිදුකිරීමට ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක ශ්‍රී ලංකා නාවික හමුදාවට අලුත් දෙයක් නොවෙයි. ඕක පටන් ගත්තේ වයිස් අද්මිරාල් සෝමතිලක දිසානායක නාවික හමුදා පති කාලේ. තනිකරම නාවික හමුදාව යටතේ මේක තිබුනේ. සියලුම විදේශ විනිමය ලැබුණේ රජයට. නමුත් ඊට පසුව ආපු නාවික හමුදාපතිවරුන් සහ ගෝඨාභය මේක හිතවත් කමට නිස්සංක සේනාධිපතිට නිකම්ම වගේ දුන්නා. මුලදී ලාබයෙන් 15% ක් තිබුණු එක ජයනාත් කොළඹගේ 3% දක්වා අඩු කරලා, විශ්‍රාම ගියාට පසුව, ඇවන්ට් ගාර්ඩ් එකේ ලක්ෂ 5 ක සහ බෙන්ස් කාර් එකක පඩියට වැඩට ගියා. එහෙම තමයි ජයනාත් කොළඹගේ රටට සේවය කලේ. කොහොම උනත්, සෝමාලි මුහුදු කොල්ල කරුවන්ට බදු බනිස් වෙනවා වගේම, රටට විදේශ විනිමය උල්පතක්. රටට යහපතක්ම වේවා!
හැතැක්ම දාස් ගානක් ඈත සෝමාලියාවේ වැඩේ ලෝක බලවත්තු බලාගනීවි, ලංකාව වටේ තියෙන මුහුද ආරක්ෂා කරලා ලංකාවට කුඩු ගෙන්වන අය පාලනය කරන වැඩේ කරන්න...!