
(අංජුල මහික වීරරත්න)
දහම් පාසල් ගුරුවරුන් සඳහා රජයෙන් දීමනාවක් ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
2026 වසරේ සිට ඉදිරියට බෞද්ධ ,හින්දු, ඉස්ලාම්, ක්‍රිස්තියානි හා කතෝලික ආගම් වලට අයත් ලියාපදිංචි දහම් පාසල් සඳහා එක් වසරක අඛණ්ඩ සේවා කාලයක් සපුරන ගුරු භවතුන්ට ගුරු දීමනාව හා නිල ඇඳුම් දීමනාව ඇතුළත් කොට වසරකට එක් වතාවක් රුපියල් 7500 ක් ලබා දීමට බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක අහනකොට මට මතක් වෙන්නේ බෞද්ධ දහම් පාසල් සහ දේශපාලනඥයෙක් සහ ඊනියා තක්කඩි පූජකයෙක් මේ "වචනය" ණයට අරන් පාවිච්චි කරනවා කියලා. මුස්ලිම්වරුන්ට "මද්‍රසා" තියෙනවා, ඒවා KSA සහ කටාර් වලින් අරමුදල් සපයනවා. කතෝලික පල්ලි සහ හින්දු "දහම් පාසල්" වලට කිසිවක් ලැබෙන්නේ නැහැ. ඇංග්ලිකන් පල්ලියට විශාල අරමුදල් තියෙනවා. බුද්ධ ශාසන අමාත්‍යාංශය දැන් බහු ආගමික අමාත්‍යාංශයක් ලෙස හංවඩු ගසා ඇති නමුත් බාහිර ලෝකයට එය බුද්ධ ශාසන අමාත්‍යාංශයක් ලෙස ප්‍රදර්ශනය කරනවා. රුපියල් 7500ක දීමනාව විහිළුවක්. ඒක මාසෙකට ලැබෙන අස්වැසුමටත් වඩා අඩුයි.
අමු කැවිලාද? දැනටත් ඕක දෙනවා 5000/- ක් . 2500කින් වැඩි කළා කියන්නේ නැතුව පම්පෝරි ගහනවා අලුතෙන් 7500/-ක් දෙනවාලු. දහම් පාසල් ටික දියුණු කරලා ඕක මාසික දීමනාවක් වුණත් කරන්න පුළුවන් අර සමහර පන්සල්වල හාමුදුරුවරුයි, කපුවොයි නාස්ති මුදල් ගත්තත්...
මොකුත්ම දන්නෙ නැති අන්ධභූතයින්ට නම් මේ වගේ විහළු හොඳයි. රට ජාතිය සම්බුදු සසුන කොතනින් හරි තදටම හිරවුණු තැනයි සිංහලයටත් ඇහැ ඇරෙන්නෙ.