
(රන්ජන් කටුගම්පොළ)
බීමත්ව හෙල්මටයක්ද නොපැළඳ යතුරුපැදියක් පදවන ලදැයි චෝදනා කරමින් අත්අඩංගුවට ගෙන සිහි නැතුව ඇඳ වැටෙනතුරු හෙල්මටයෙන් පහරදීමෙන් කළුතර පොලිසියේ සැරයන්වරයකු පාසල් තණනිලි කළමනාකරුවකුගේ මූලික අයිතිවාසිකම් කඩකර ඇතැයි තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඔහුට රුපියල් ලක්ෂයක වන්දියක් ගෙවන ලෙස කළුතර පොලිසියේ සැරයන්වරයාටද රුපියල් 30000/-ක් වන්දියක් සහ රුපියල් 25000/-ක නඩු ගාස්තු ගෙවන ලෙස රජයට අද (08) නියෝග කළේය.
පාසල් තණනිලි කළමනාකරුවකු වු කළුතර පදිංචි මනෝජ් ශමික මහතාගේ මුලික අයිතිවාසිකම් කඩ කිරීම සම්බන්ධයෙන් මෙලෙස වන්දි ගෙවීමට නියම වුයේ කළුතර පොලිසියේ සැරයන් සමන්ත තුෂාර් මහතාට සහ රජයටය.
කළුතර ප්‍රදේශයේ පදිංචි මනෝජ් ශමික මහතා ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක තීන්දුව ප්‍රකාශයට පත් කරමින් එලෙස නියම කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd