උද්ධමන ඉලක්ක සම්පූර්ණ කර නෑ කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ මතුපිට උද්ධමනය 2024 වසරේ දෙවැනි සහ තුනවැනි කාර්තුවල උද්ධමනය, උද්ධමන ඉලක්කවලට වඩා මුදල් ප්‍රතිපත්ති රාමුව පිළිබඳ ගිවිසුමේ දක්වා ඇති ආන්තිකයන්ට පහළින් ඇති බවත් ඒ අනුව එහි වාර්තාව මුදල් අමාත්‍යවරයා හරහා පාර්ලිමේන්තුවට යොමු කළ බවත් ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. 26 January 2025
වැටලීමට ගිය පොලිස් නිලධාරියාට වෙඩි මීගහකිවුල අග්ගලාඋල්පත ගම්මානයට ඉහළීන් පිහිටි කැලෑවේ ඇති නීතිවිරෝධී කසිප්පු තිත්පලක් වැටලීම සඳහා අද (26) දහවල් එහි ගිය කන්දකැටිය පොලීසියේ නිලධාරි පිරිසක් අතර සිටි එක් නිලධාරියෙකු වන සතෙකුට අටවන ලද තුවක්කුවක් පත්තුවී බරපතල තුවාල ලබා මීගහකිවුල රෝහලටත් අනතුරුව බදුල්ල ශික්ෂණ රෝහලටත් මාරුකර යැවූ බව පොලිසිය පවසයි. 26 January 2025
කුණු කන්ද ළඟ සිටි අයට දෙන්න අලුත් ගෙවල් සොයයි මීතොමුල්ල කුණු කන්ද අසල නිවාසවල ජීවත් වූ පිරිස් පදිංචි කිරීම සඳහා නිවාස සංවර්ධන අධිකාරියට අයත් හිස් නිවාස පිළිබඳව සොයා බලා වාර්තාවක් දෙන ලෙස ඉදිකිරීම් හා නිවාස අමාත්‍ය අනුර කරුණාතිලක මහතා නිලධාරීන්ට දැනුම් දුන්නේය. 26 January 2025
ෆයිල් විසිනව දාහක් පොලිසියේ හිරවෙලා ෆයිල් විසිනව දාහක් පරීක්ෂණ වල හිර වී තිබෙන බව පොලිස් දෙපාර්තමේන්තුව දැනුම් දී ඇතැයි ජනාධිපති අනුර දිසානායක මහතා හෝමාගම දී පැවසීය. 26 January 2025
කොටුව -කන්කසන්තුරේ රාත්‍රී තැපැල් දුම්රියක් කොළඹ කොටුව හා කන්කසන්තුරේ රාත්‍රී තැපැල් දුම්රිය ජනවාරි 31 දා සිට දිනපතා ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. 26 January 2025
ඉන්දීය ධීවරයෝ 33 ක් අත්අඩංගුවට මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් අනවසරයෙන් ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවරයන් 33 දෙනෙක් ධීවර යාත්‍රා 3 ක් සමග අද (26) මන්නාරමට උතුරින් වූ මුහුදේදී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. 26 January 2025
’’එල් බෝඩ්’’ ආවොත් වෙන දේ රනිල් කට කැඩෙන තුරු කිව්වා එල් බෝඩ් කාරයන්ට බලය දෙන්නට එපා යැයි රනිල් කට කැඩෙන තුරු මහජනතාවට කියූ නමුත් ජනතාව ඒ කතාව ඇසුවේ නැතැයි එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය. 26 January 2025
කොටි වළ දැමූ රන් සෙව් 10ක් අල්ලයි කිලිනොච්චිය, තිරුණගර්හ හි එල්.ටි.ටි.ඊ සංවිධානය විසින් වළදමා අැති රත්‍රං සොයා කැණීම් කල දස දෙනකු ඊයේ (25) භූමිය පරීක්ෂාකරන ස්කෑනර් යන්ත්‍රයක් සමඟ අත්අඩංගුවට ගත්බව කිලිනොච්චිය පොලිසිය පවසයි. 26 January 2025
බස් බස් ගැටී නවයක් රෝහලේ ගාල්ල අකුරැස්ස ප්‍රධාන මාර්ගයේ ඉමදූව ගල් බෝක්කුව අසල දී පුද්ගලික බස් රථ තුනක් අද (26) පෙරවරුවේ එකිනෙක ගැටීමෙන් වූ අනතුරකින් එම බස් රථවල ගමන් ගත් මගින් නව දෙනකු තුවාල ලබා කරාපිටිය ජාතික රෝහලට ඇතුළත් කොට ඇති බැව් කරාපිටිය රෝහල් පොලිසිය පවසයි. 26 January 2025
අල්ලේ සවාගෙන යා හැකි ගිනි අවියක් කහතුඩුවෙන් සොයාගනී අල්ලේ සඟවාගෙන රැගෙන යා හැකි අඟල් 4 - 1/2 ක් පමණ දිගැති ඉතාලියේ නිෂ්පාදිත ස්වයංක්‍රීය ගිනි අවියක් කහතුඩුව මාගම්මන ඉදිකරමින් පවතින නිවසක කුෂන් මෙට්ටයක් තුල සූක්ෂම ලෙස සඟවා තිබියදී සොයා ගත් බව මොරගහහේන පොලිසිය කියයි. 26 January 2025
පුරාවස්තු ළඟ තබාගත් අයෙක් පොලිස් දැලේ නිධානයකින් ලබා ගත් පුරාවස්තු බව පවසන රන්පැහැති බුද්ධ ප්රථීමාවක් ඇතුළු භාණ්ඩ කිහිපයක් අලෙවිය සඳහා සූදානමින් රැගෙන යමින් සිටි සැකකරුවකු එම භාණ්ඩ සමඟ අත්අඩංගුවට ගැනීමට ගිරානේගම පොලිසිය සමත්ව තිබේ 26 January 2025
ඇලකට අප ජලය මුදාහැරි ගලිබවුසර් රියදුරා අත්අඩංගුවට බණ්ඩාරගම ගැලණිගම අධිවේගී පිවිසුම අසල ඇළ මාර්ගයකට කානු පද්ධතිය හරහා අප ජලය යොමු කරමින් සිටි බවුසර් රථ රියදුරකු ඒ මොහොතේම අල්ලාගෙන පොලිසියට භාරදීමට ප්‍රදේශවාසීන් කටයුතු කළ බව බණ්ඩාරගම පොලිසිය කියයි. 26 January 2025
ආනයනය කරන පළමු ලුණු තොගය හෙට දිවයිනට ඉන්දියාවෙන් ආනයනය කරන මෙට්‍රික් ටොන් 4500 ක් වන පළමු ලුණු තොගය හෙට (27) දිවයිනට ළගා වීමට නියමිත බව රාජ්‍ය වානිජ විවිධ නීතිගත සංස්ථාව පවසයි. 26 January 2025
ජනපතිගෙන් ඇමතීන්ට අවවාදයක් දුරකතන ඇමතුම්වලට හැකි සෑම අවස්ථාවකම ප්‍රතිචාර දක්වන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සියලුම මැති ඇමතිවරුන්ට උපදෙස් දී ඇත. 26 January 2025
කොල්ලකෑම්වලට සම්බන්ධ තරුණියක් ඇතුළු 5ක් මාට්ටු ඇල්පිටිය පොලිස් බල ප්‍රදේශයේ සොරකමේ යෙදුණු ,මත් කුඩු ජාවාරමේ සහ බරපතල පුද්ගල පහරදීම් ඇතුලු දරුණු අපරාධ රැසකටම සම්බන්ධ යැයි කියන හිටපු යුද හමුදා සෙබලෙක් ,තරුණියක් ඇතුලු පුද්ගලයින් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය කියයි. 26 January 2025
ජනපති මැද පෙරදිග සහාය ගන්න පෙබරවාරියේ යයි මැදපෙරදිග කලාපයේ රාජ්‍ය නායකයන් හමුවීම සඳහා පෙබරවාරි මැද භාගයේදී තමා එහි සංචාරයකට යන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෝමාගම දී පැවසීය. 26 January 2025
ඌව,දකුණ ඇතුළු දිසා කීපයකට අදත් වැස්ස ඌව සහ දකුණ් පළාත්වලත් අම්පාර, මඩකළපුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 26 January 2025
මාළු ලොරියට යට වී කතක් මරුට මදුරන්කුලිය කරිකට්ටිය ප්‍රදේශයේ දී ඊයේ (25) සිදුවු මාරක අනතුරකින් සිව්දරු මවක් අවාසනාවන්ත ලෙස පුත්තලම මූලික රෝහලට ඇතුලත් කරන විට මරණයට පත්ව ඇති බව පොලිසිය පවසයි. 25 January 2025
යෝෂිත රාජපක්ෂ රිමාන්ඩ් රත්මලාන ප්‍රදේශයේ ඉඩමක් සහ නිවෙසක් 3,40,00000 මිලදී ගැනීම සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ පනත යටතේ අත්අඩංගුවට ගත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා ලබන 27 වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි අලුත්කඩේ අංක 5 අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී මහත්මිය අද සවස නියෝග කළාය. 25 January 2025
මහනගර සභාවේ සේවකයකුගේ සිරුරක් පාලම යටින් හමුවෙයි නුවරඑළිය මහ නගර සභාවේ ජල අංශයේ සේවය නියුතුව සිට රාජකාරී අවසන් කර නිවස බලා යමින් සිටි නුවරඑළිය මහ නගර සභා වතු නිවාසයේ පදිංචි සෙල්වරාජ් නඩරාජ් වයස (අවු:44) තිදරු පියෙකුගේ සිරුර අද (25) නුවරඑළිය ග්‍රෙගරි වැව අසර තලගල ඔයෙන් සොයා ගත් බව නුවරඑළිය පොලීසිය පවසයි. 25 January 2025
කුඩලිගම විදුහලේ ශාලාවකට ගසක් කඩා වැටෙයි බුලත්සිංහල අධ්‍යාපන කොට්ඨාසයේ කුඩලිගම මහා විද්‍යාලයේ ශාලාවක් මතට අද (25) උදෑසන ගසක් කඩා වැටීමෙන් එම ශාලාවේ වහලට හා සෙවිලි තහඩුවලට දැඩි හානි සිදුව තිබේ. 25 January 2025
දූෂිත ලොක්කෝ පිරිසක් ගැන විමර්ශන දූෂණ වංචා අපරාධ ලිපිගොනු විමර්ශනවල ප්‍රතිඵල ලබන පෙබරවාරි මාර්තු වන විට ප්‍රතිඵල ලැබෙනු ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. 25 January 2025
ජනාධිපති අරමුදල ගමට යයි ජනතාවට වඩාත් ඵලදායි සේවාවක් සැපයීමේ අරමුණින් ජනාධිපති අරමුදල ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් සේවා සැපයීමේ වැඩපිළිවෙළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී ලබන 7දා ආරම්භ කිරීමට නියමිතය. 25 January 2025
කලු කඩ 100කට නඩු පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පසුගිය දිනවල සිදු කල සහල් වැටලීම් වලදී වැඩි මිලට සහල් අළෙවි කළ වෙළෙඳුන් 100 දෙනෙකු පමණ නීතියේ රැහැනට හසුකර ගෙන ඔවුන්ට එරෙහිව නඩු පැවරීමට පියවර ගෙන ඇතැයි අධිකාරිය සදහන් කරයි. 25 January 2025
නීතිපතියේ ’’වැඩකාරයෝ’’ රොත්තක් රට දාලා ගිහින් නීතිපති දෙපාර්තමේන්තුවේ දක්ෂ නිලධාරීන් පිරිසක් රට අතහැර ගොස් ඇතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරයි. 25 January 2025
යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා බෙලිඅත්ත ප්‍රදේශයේදී අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 25 January 2025
‘‘මහින්දගේ විජේරාම නිවෙස පාපන්දු පිටියක් තරම් ලොකුයිලු‘‘ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පදිංචිව සිටින කොළබ 07 විජේරාමේ පිහිටි ඉඩමෙහි මන්දිරයක් සමග වටිනාකම රුපියල් මිලියන 3357 ක් වන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ මහතා පවසයි. 25 January 2025
මත් පෙති ආයුද සමග කෙරුවෙක් මාට්ටු රුපියල් ලක්ෂ ගණනාවක් වටිනා මත්පෙති ඇතුළු විවිධ මත්ද්‍රව්‍ය තොගයක් , වායු පිස්තෝල , තියුණු ආයුධ රැගෙන මෝටර් රථයකින් යමින් සිටි පුද්ගලයකු ගල්කිස්ස විමලසිරි ද මෙල් මාවත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි 25 January 2025
වතු දෙමළ උඩරට දෙමළ වෙයි වතුකරයේ ජනතාව හැදුන්වීමට සියවස් දෙකක කාලයක සිට භාවිත කළ වතු යන නාමය වෙනුවට උඩරට (මලෛගම්) යන නාමය භාවිතා කිරීමට රජය තීරණය කළ බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප් මහතා පැවසුවේය. 25 January 2025
පොල් මණ්ඩලයෙන් ඉඩම් කොමිසමට කෝටි 35 ක බදු පොල්ලක් පොල් වගාකිරීමේ මණ්ඩලය වෙත ගිවිසුම් නොමැතිව බදු පදනම මත ලබාදී ඇති ඉඩම් අක්කර 1 ,539 ක් වෙනුවෙන් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව වෙත රුපියල් 354,658,614 ක හිඟ බදු අයවිය යුතුව ඇතැයි ජාතික විගණන කාර්යාලය විගණන වාර්තාවකින් අනාවරණය කරයි. 25 January 2025
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026