
(යොහාන් භාසුර)
බූස්ස බන්ධනාගාරය විසිකළ පාර්සලයක තිබී ජංගම දුරකථන 8ක් අත්අඩංගුවට ගත් බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ජගත් වීරසිංහ මහතා පැවසීය.
එම බන්ධනාගාරයේ විශේෂ අංශයට යම්කිසි දෙයක් වැටෙන අයුරු මුර අට්ටාලයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරියෙකුට නිරීක්ෂණය වීමෙන් පසුව ඒ සම්බන්ධව බන්ධනාගාර නිලධාරීන්ට දැනුම් දීමෙන් පසුව කළ සෝදිසියේදී විශේෂ අංශයේ වැටී තිබූ කළු පැහැති පාර්සලයක් භාරයට ගත් බවත් ඒ මහතා සඳහන් කළේය.
අදාල ජංගම දුරකථන ඉදිරි විමර්ෂණ කටයුතු සදහා රත්ගම පොලිස් ස්ථානයට භාරදුන් බව කී වීරසිංහ මහතා බූස්ස බන්ධනාගාරය ද මූලික විමර්ෂණයක් ආරම්භ කර ඇති බව ද වැඩි දුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ ඔච්චර මහන්සි වෙන්න ඕනේ නැහැ. භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ තවම කළු බැටලුවෝ ඉන්නවානේ.