
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මහමුද් සාලි නලීම් මහතා ඉල්ලා අස්වීමෙන් ඇති වූ පුරප්පාඩුවට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත් කෙරුණු අබ්දුල් වාහිද් මහතා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඉදිරියේදී අද දිවුරුම් දුන්නේය.
වාහිද් මහතා වේත්‍රධාරි කුෂාන් ජයරත්න මහතා විසින් මුලසුන අසලට කැඳවාගෙන යනු ලැබීය. දිවුරුම් දීමෙන් අනතුරුව ඔහු විපක්ෂයේ පසුපෙළ අසුනක අසුන් ගත්තේය. නලීම් මහතා ඉල්ලා අස්වූයේ පළාත් පාලන මැතිවරණයට තරග කිරීම සඳහාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd