
(රෝෂන් තුෂාර)
රජයේ චක්‍රලේඛ උල්ලංඝනය කරමින් රෝගීන්ට පාඩුවක් කර තමන්ට වාසියක් සලසා ගත්තේ යැයි කියන සිද්දිය සම්බන්ධයෙන් බන්ධනාගාරගත ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ සැකකාර විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍යවරිය ලබන 15 දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග මහත්මිය අද (08) නියෝග කළාය.
විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය වෛද්‍ය මහේසී සූරසිංහ විජේරත්න සැකකාරිය මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කළ අතර සෙසු සැකකරුවන් දෙදෙනා රුපියල මිලියන 2 බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමටද නියෝග කළාය.
,වෛද්‍යවරියගේ ආයතනයක සේවයකළ මුතුකුඩ ආරච්චිගේ නිමල් රන්ජිත් හා රෝහලේ කළමනාකාර සහකාර ලියනගේ ඉන්දික , නමැති සැකකරුවන් මෙසේ අප මත මුදා හැරීමට නියෝග කෙරිණි.
ඇප ලැබූ සැකකරුවන්ගේ විදේශ ගමන් තහනම් කිරීමටද මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැය ශල්‍යකර්ම කල රෝගීන්ගෙන් භාගයකට වැඩි ප්‍රමානයක් මැරිලා තියෙනවා. ඒ ගැනත් හොයල බලන්න ඕනේ. මූල්‍ය චෝදනාවලට වඩා බරපතල අපරාධයක් ඒක.
මෙයා කරපු සියලුම ශල්‍ය කර්ම ගණන සහ ඉන් කී දෙනෙක් මැරුණාද සහ ශල්‍ය කර්මයට පෙර රෝගියාගේ තත්වය ගැන නිවැරැදි තොරතුරු දෙනවාද?
එදා වෛද්‍ය සාෆිට එරෙහිව බොරු චෝදනා ඇති කළ අය වන ඡන්න, වීරවංශලා... මේ සිද්ධිය පිළිබඳව නිහඬයි. ජනතාව ඔවුන්ව මෙදාපාර කුණු බක්කියටම දැම්මා.