
(එස් ඩී කොඩිකාර )
දෙනියාය ,මෙදේරිපිටිය ප්‍රදේශයේ නිවසක් පිටුපස ඉඩමක නිධානයක් ගැනීම සඳහා කැණිම් කරමින් සිටි බව කියන පුද්ගලයන් පස් දෙනෙකු ඒ සදහා යොදා ගත් උපකරණ සමග අද (08) අත් අඩංගුවට ගත් බව දෙනියාය පොලීසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 35- 45 අතර වයස් කාණ්ඩවල පසුවන මෙදේරිපිටිය ,කඹුරුපිටිය ,කොළඹ ආදී ප්‍රදේශවල පුද්ගලයන් බව මූලික පරීක්ෂණ වලින් හෙළි වී ඇත.
ඊයේ රාත්‍රී 12.45 පමණ මෙදේරිපිටිය ප්‍රදේශයේ නිවසක් පිටුපස නිධානයක් හාරණ බවට ලද පුද්ගලික තොරතුරක් මත මෙම වැටලීම සිදුකර තිබුණි .
පොලිස් නිලධාරීන් එම ස්ථානයට ගොස් වැටලීම සිදු කරන අවස්ථාවේ එම පාළු නිවස වටේට විදුලි ආලෝකය යොදාගෙන නිවස ආසන්නයේ අඩි 04 ක් පමණ යටට වලක් හාරමින් සිටින බවත් නිවසේ ප්‍රධාන උළුඅස්ස ඉදිරිපිට මල් පහන් තබා පහන් පත්තු කර පූජාවක් කරන ආකාරයද දැක ගැනීමට හැකි වූ බව වැටලීමට ගිය පොලිස් නිලධාරීහු පවසති.
පසුව එම ස්ථානයේ තිබී උදළු දෙකක්, අලවංගුවක්, දෙහි ගෙඩි , මල් පහන්,පළතුරු, බුලත්, පන්දම් කිහිපයක් ,පොල් තෙල්, තැඹිලි, දුම් කබලක්, කිරි පැකට් ඇතුලු භාණ්ඩ රැසක් සොයා ගෙන තිබුණි.
.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම විහිළු අනේ... පොලිසියේ අය ජීවම් කරනවා වගේ පේන්නේ...
ඕවා පස් යට තියෙන එකේ..., වටිනා දෙයක් තියේ නම් අරගෙන මේ ණය ගෙවලා, මිනිස්සුන්ට දෙයියනේ කියලා කාලා බීලා ඉන්න දුන්නා නම් නරකද? ඔය පොලිසියේ අය මහ හපන්කමක් කළා වගේ ඔවුන්ට මහ අය ඕවා හොර කරනකොට අල්ලලා පින්තූර ගහලා දැම්මද? අනික පොළව යට තියෙන දෙයක් ගන්න ගියා මිසක් ඔය මිනිස්සු කරපු වරද මොකක්ද?