
(සුජිත් හේවාජුලිගේ)
කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ළඟදීම ඉදිරිපත් කිරීමට විපක්ෂයේ දේශපාලන පක්ෂ සූදානම් වන බව ආරංචි මාර්ග සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් අද ස්ථිර තීරණයකට එළඹීමට නියමිත බව දැනගන්නට ඇත.
කතානායකවරයා ලබාගෙන ඇතැයි පැවසෙන යම් යම් පහසුකම් සම්බන්ධයෙන් කොළඹදී ඊයේ (7) පැවැති සමගි ජන බලවේගයේ කණ්ඩායම් රැස්වීමේදීද ඇතැම් මන්ත්‍රීවරුන් විවේචනාත්මකව කතා කර ඇතැයි එම පක්ෂයේ මන්ත්‍රීවරයෙක් පැවසීය.
කතානායකවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට විපක්ෂයේ බොහෝ දේශපාලන පක්ෂ එකඟ වී ඇතැයි ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.
තමන්ට හිමි පහසුකම් වලට අමතරව වෙනත් පහසුකම්ලබාගැනීම , ධූරයේ බලය අයුතු ලෙස පරිහරණය කිරීම සහ ආණ්ඩු පක්ෂයට වැඩි පක්ෂග්‍රාහීත්වයෙන් කටයුතු කිරීම යනාදී චෝදනා පදනම් කරගෙන මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කෙරුණු ඇතැයි දැනගන්නට ඇත.
දයාසිරි ජයසේකර මහතා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් ගණනාවක් පසුගිය කාලයේදී මැතිසභයේදීද කතානායකවරයා දැඩි ලෙස විවේචනය කරනු දැක ගත හැකිවිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමන්ගේ පහසුකම් හා වරප්‍රසාද සිය කැමැත්තෙන් කපා හරිමින්, රට වෙනුවෙන් උපරිමයෙන් වැඩ කරන කතානායකවරයාට විරුද්ධ අම්බ ගොබ්බ විපක්ෂ ගෙන එන විශ්වාස භංගය නැමති පුස් වෙඩිල්ල ඔවුන්ටම පාරා වළල්ලක් වෙනවා නිසැකයි.
රටේ කිසිම කෙනෙකට විශ්වාසයක් නොතිබුණු පොලී මුදලාලි කථානායක කාලේ ඔය විපක්ෂේ දැන් ඉඳගෙන ඉන්න එවුන් බුදිදියෙන් ද හිටියේ?
පඹයො 159 නිසා විශ්වාසභංගය නම් දිනයි. ඒත් චෝදනා ටික පාර්ලිමේන්තුවේ දිග ඇරුණාම සායම හේදෙයි...!
ඩෝබි අරවින්ද ඇතුළු සේදුම් බලකාය වහාම සේවයට වාර්තා කරන්න.
විපක්ෂය කියලා ඔය ඉන්න ටිකත් ලබන චන්දේකදි ගෙදර තමයි. වැඩකට ඇති කිසි වැඩක් කරනවද ?නිකන් මයික් තියලා අණ්ඩුවට බැන බැන ඉන්නවා. අනිත් එක මේ කලකන්නි කොහෙද හිටියේ? ගෙදර මිනිස්සු 15කට රස්සා දීපු පහුගිය කථානායක ඉන්නකොට?
විපක්ෂයත් ඉන්න බව පෙන්වන්නත්, බොක්ක ගැහි ගැහි ඉන්න තමන්ගෙ සහචරයන්ගෙ මොරාල් එක වැඩිකරන්නත් මරු ,
අපි අවිස්වාස භංගයක් විපක්ෂ නායකට මැතිවරණයකදී ගේනවා