බිරිඳ - දරු දෙදෙනා නිවසින් පන්නා නිවසේ රන් සොයලා අංජනම් එළියකින් පැවසූ රත්තරන් සොයා නිවස තුළ කැණීම් කරමින් සිටි තීරෝද රථ රියදුරෙකු සහ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය කියයි . 28 January 2025
ව්‍යාපාරික යුවළ බිය ගන්වා ලක්ෂ 50 ක කප්පම් ඉල්ලලා තලංගම තලවතුගොඩ ප්‍රදේශයේ පදිංචි දිවයිනේ ප්‍රසිද්ධ ව්‍යාපාරික යුවළකට ඩුබායි රාජ්‍යයේ සිට හා මෙරට සිට දුරකතන ඇමතුම් ලබා දෙමින් මරණ තර්ජන සිදු කරමින් රුපියල් ලක්ෂ 50 ක කප්පම් මුදලක් ලබා ගැනීමට තැත් කළ සැකකරුවන් දෙදෙනෙකුගෙන් එක් අයෙකු අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාශ අපරාධ මර්දන මෙහෙයුම් ඒකකය පවසයි. 28 January 2025
පෙම්වතියගේ පිහි පහරින් පෙම්වතා මරුට අලුත් රැකියාවක් සඳහා සම්මුඛ පරීක්ෂණයකට පෙනී සිටීමට යන බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් මත පෙම්වතිය විසින් පෙම්වතාගේ පපු ප්‍රදේශයට පිහියෙන් ඇනීමෙන් අනතුරුව බරපතල තුවාල ලැබූ පෙම්වතා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බව වැල්ලවාය පොලිසිය පවසයි. 28 January 2025
සෞදියෙන් රටඉඳි කිලෝ 50,000 ක් මෙරට ඉස්ලාම් බැතිමතුන්ට රාමලාන් සමයේදී පරිභෝජනයට ගැනීමට සෞදි අරාබි රජය රටඉඳි කිලෝග්‍රෑම් 50,000 ක් ප්රදානය කළේය. 28 January 2025
දුම්රිය ඊ ටිකට් වංචාවට තවත් අයෙක් අල්ලයි අන්තර්ජාලය ඔස්සේ දුම්රිය ටිකට්පත් වෙන් කරවා ගැනීමට ඇති පරිගණක පද්ධතිය වෙතින් මිලදී ගන්නා ලද දුම්රිය ටිකට් පත් වැඩි මිලට අලෙවි කිරීම සම්බන්ධයෙන් සංචාරක ව්‍යාපාරයේ යෙදෙන් නෙක් ද අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි. 28 January 2025
වැස්ස වැඩි වන ලකුණු ඉදිරි දින කිහිපයේදී උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව, දකුණු සහ මධ්‍යම පළාත්වල වැසි තත්ත්වයේ තාවකාලික වැඩි වීමක් බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 28 January 2025
රනිල්ගේ පොහොට්ටු කෑලි මහින්දගේ ගෙදර පාටියක පසුගිය ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් ඉවත්වී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට උදව් කිරීමට ඉදිරිපත් වූ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 17 දෙනකු එම පක්ෂයේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රී හමුවී ඇතැයි වාර්තාවේ. 28 January 2025
අගමැතිනිය APICTA සිසුන් අගයයි බෘනායිහිදී පැවති Asia Pacific ICT Alliance (APICTA) සම්මාන උළෙලෙහි ශ්‍රී ලංකාව කැපී පෙනෙන සන්ධිස්ථානයක් අත්කර ගෙන ඇත. මෙරට තරුණ නවෝත්පාදකයින් ශ්‍රී ලංකාවට අභිමානයක් ගෙන එමින් එහිදී අනුශුරතාවක් සහ කුසලතා සම්මාන දෙකක් හිමි කරගෙන තිබේ. 27 January 2025
වැඩි මිලට සහල් වික්කාට ලක්ෂ 10ක දඩයක් දේශීය සුදු කැකුළු සහල් වැඩි මිලට අලෙවි කිරීමේ චෝදනාවට වරදකරුවූ කිරිබත්ගොඩ ප්‍රදේශයේ සුපිරි වෙළෙද සැලකට රුපියල් ලක්ෂ 10 ක දඩයක් පැනවීමට මහර අධිකරණය අද (27) නියෝග කළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පැවසීය. 27 January 2025
බෙලිඅත්තේ විහාරස්ථානයක අත් බෝම්බයක් පුපුරයි බෙලිඅත්ත නිහිළුව ප්‍රදේශයේ විහාරස්ථානයක ඉඩම ට්‍රැක්ටරයක් මගින් සුද්ධ කරමින් සිටියදි ඉඩමේ තිබු විදේශිය රටක නිෂ්පාදිත අද (27) සවස අත් බෝම්බයක් පුපුරා ගොස් ඇති බවත් පසුව එම ස්ථානයේ තිබි තවත් ජිව අත් බෝම්බ දෙකක් හමුවි ඇති බවත් දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි. 27 January 2025
සාත්තු සේවයට 119ක් ඊශ්‍රායලයට 2025 වසරේ ගතවූ දින කිහිපය තුළ ශ්‍රී ලාංකිකයින් 119 දෙනෙකු ඊශ්‍රායලයේ නිවාස පාදක සාත්තු සේවා රැකියා සඳහා පිටත්ව ගොස් තිබේ. 27 January 2025
කොළොන්නාවේ පාසල් වලට එන කුඩ්ඩන් මට්ටු කරන්න පොලිසිය මතට ලොල් වූ සොරුන් කොලොන්නාව අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් වලට පැන වටිනා පාසල් උපකරණ සොරාගෙන යන බව කොලොන්නාව කොට්ඨාසයේ පාසල් වල ගැටලු පිළිබඳ සොයා බැලීමේ සාකච්ඡාවකදී අනාවරණය විය. 27 January 2025
වාහන ගෙන්වන ගැසට්ටුව එයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස මෙරට වාහන ගෙන්වීමට අදාළව අති විශේෂ ගැසට් පත්‍රයක් අද (27) නිකුත් කළේය. 27 January 2025
කටුනායක ගුවන්තොටුපළට ඇතුල්වීමේ කවුන්ටර 20ක් මෙරටට සංචාරකයන්ගේ පැමිණීම සීඝ්රයෙන් වැඩි වෙමින් පැවතීම පිළිබඳව අවදානය යොමුකර ගුවන්තොටුපොළ පහසුකම් පුළුල් කරමින් කටුනායක ගුවන්තොටුපළේ ඇතුල්වීමේ නව කවුන්ටර 20 ක් එකතු කිරීමට තීරණය කළ බව ප්‍රවාහන, මහාමාර්ග , වරාය හා ගුවන් සේවා අමාත්‍යය පවසයි. 27 January 2025
නව ගුවන් හමුදාපති වාසු බන්දු එදිරිසිංහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නව ගුවන් හමුදාපතිවරයා ලෙස එයාර් වයිස් මාර්ෂල් වාසු බන්දු එදිරිසිංහ මහතා පත් කරනු ලැබ තිබේ. 27 January 2025
UK ඉන්දු-පැසිෆික් අමාත්‍යවරිය විපක්ෂ නායක හමුවෙයි එක්සත් රාජධානියේ ඉන්දු-පැසිෆික් කලාපීය අමාත්‍ය කැතරින් වෙස්ට් මහත්මිය සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ හමුවක් කොළඹ දී සිදුවිය. 27 January 2025
රාත්‍රී සංගීත සංදර්ශන ගැන මහජන ආරක්ෂක අමාත්‍යංශයේ අවදානය රාත්‍රී පවත්වන සංගීත සංදර්ශන සහ සංගීත ප්‍රසංගවල කාලසීමාව සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍යංශය සාකච්ඡාවක් ආරම්භ කර ඇති බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 27 January 2025
මේ වසරේ ඩොලර් බිලියන 18.2ක අපනයන ආදායමක් රජයේ “පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්” ප්‍රතිපත්තියට අනුව 2030 වන විට අපනයන ආදායම ඩොලර් බිලියන 36ක් දක්වා වර්ධනය කර ගැනීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය. 27 January 2025
ඇල්ලට නව දුම්රිය දෙකක් උඩරට දුම්රිය මාර්ගයේ ඇල්ල දක්වා දුම්රිය ගමනට ඇති ඉහළ ඉල්ලුම් පිළිබඳව අවදානය යොමුකර පෙරවාරි මස සිට නව දුම්රිය දෙකක් ආරම්භ කිරීමට පියවර ගත් බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා අද (27) පැවසීය. 27 January 2025
හොර හාල් වෙළෙඳුන් අල්ලන්න රෑටත් මෙහෙයුම් වැඩි මිලට සහල් විකුණන වෙළඳුන් අත්අඩංගුවට ගැනීම සඳහා පාරිභෝගික සේවා අධිකාරියට රාත්‍රී කාලයේ වැටලීම් කරන ලෙසට දැනුම් දුන් බව කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පැවසීය. 27 January 2025
වී සහතික මිල ඉක්මණින් ඉල්ලයි වී ඇස්වැන්න පෞද්ගලික ව්‍යාපාරිකයන් කුණුකොල්ලට ගැනීමෙන් පසුව ආණ්ඩුව වීවලට මිලක් තීරණය කිරීමෙන් ඵලක් නොමැති බවත් ආණ්ඩුව හැකි ඉක්මණින් වී සඳහා සාධාරණ මිලක් ඉදිරිපත් කළ යුතු බවත් ගොවි සංවිධාන පවසයි. 27 January 2025
ඉලූක්පිටියගේ පෙත්සම හෙට දක්වා කල් තබයි හිටපු ආගමන හා විගමන පාලක හර්ෂ ඉලූක්පිටිය මහතා රිමන්ඩ් බාරයට පත් කළ විනිසුරු මඩුල්ල හමුවටම ඔහුගේ ඇප ඉල්ලීම ඉදිරිපත් කරන ලෙස දැනුම් දුන් ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම හෙට (28) දක්වා කල් තැබිණී. 27 January 2025
UK ඉන්දු - ශාන්තිකර අමාත්‍යවරිය දිවයිනට ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය අතර වෙළඳ සබඳතා තරකර ගැනීමේ අදහසින් එක්සත් රාජධානියේ ඉන්දු - ශාන්තිකර කලාපය සඳහා වූ අමාත්‍යවරිය වන කැතරින් වෙස්ට් අද (27) සහ හෙට (28) ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක නිරත වූවාය. 27 January 2025
නිදහස් දින පෙරහුරුවට පාර වහන හැටි 77 වැනි ජාතික නිදහස් දින සමරු උත්සවයේ පෙරහුරු රාජකාරී දිනයන්හිදී රථවාහන සැලැස්ම ගැන කොළඹ රථවාහන කොට්ඨාසය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. 27 January 2025
පුංචි ඡන්දය ගැන ශ්‍රේෂ්ඨාධිකරණ මතය ඉදිරි දිනකදී පළාත් පාලන ඡන්ද විමසීම පිලිබඳ විශේෂ විධිවිධාන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දු කරන්නැයි ඉල්ලා ගොනුකර තිබු පෙත්සම් විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව ඉදිරියේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ කථානායකවරයා වෙත යොමු කරන බව අද (27) දැනුම් දුන්නේය. 27 January 2025
පළමු ලුණු තොගය දිවයිනට ඉන්දියාවෙන් ඈනවූම් කළ ලුණු මෙට්‍රික් ටොන් 1485 ක් අද (27) දිවයිනට පැමිණි බව රාජ්‍ය වානිජ විවිධ නීතිගත සංස්ථාව පවසයි. 27 January 2025
විදුහල්පතිට ඉවත්වන්නැයි විරෝධතාවක් කඩුවෙල බෝමිරිය මධ්‍ය මහ විද්‍යාල ජාතික පාසලේ විදුහල්පතිවරයාට ඉවත් වන්නැයි පවසමින් ජාතික පාසල සුරැකීමේ සංවිධානය විසින් සංවිධානය කර තිබූ විරෝධතාවයක් අද (27) දින උදෑසන එම විද්‍යාලය ඉදිරිපිට දී පැවැත්විණි. 27 January 2025
පාර්ලිමේන්තු සේවකයින්ගේ හිලව් දීමනා දෙවැනි වරටත් ඉවතට පාර්ලිමේන්තු සේවකයන්ගේ නිවාඩු හිලව් දීමනාව මුදල් අමාත්‍යාංශය දෙවෙනි වතාවටත් ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තාවේ. 27 January 2025
වතු ජනතාවට මහල් නිවාස ක්‍රමයක් වතු කම්කරු ජනතාව වෙනුවෙන් සියලු යටිතල පහසුකම්වලින් සමන්විත මහල් නිවාස ක්‍රමයක් වතු ආශ්‍රිතව ඉදිකිරිමට සැලසුම් කර ඇතැයි වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පැවසීය. 27 January 2025
බෝට්ටුවක් ඔරුවෙහි වැදී ධීවරයෙක් අතුරුදන් ඊච්චලම්පත්තුව, මොහොත්තුවාරම කලපුවේ ඔරුවකින් ධීවර කටයුතු කරමින් සිටි ධීවරයකු බෝට්ටුවක ගැටී දියේ ගිලී අතුරුදන්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බෝට්ටුවේ සිටි ධීවරයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව ඊච්චලම්පත්තුව පොලිසිය පවසයි. 27 January 2025
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026