යෝෂිත ළඟ ගිනි අවි හතක් ? හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා සන්තකයේ තිබූ ගිනි අවි හතෙන් ගිනි අවි පහක් මේ වනවිට ආරක්ෂක අමාත්‍යංශය බාරයට ගෙන ඇති බව ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාෂල් (විශ්‍රාමික) සම්පත් තුයිය කොන්තා මහතාා පැවසීය. 29 January 2025
’’සුදු අලි’’ ආයතන වසා දමන්න වෙයි රජයට පරිබාහිරව ඉතා ශක්තිමත් කාර්යක්ෂම ඉදිකිරීම් සමාගම් රැසක් බිහි වී තිබෙන බැවින් රජයේ ඉදිකිරීම් සමාගම් තවදුරටත් පවත්වාගෙන යා යුතුදැයි කල්පනා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 2025 ආර්ථික සමුළුව අමතමින් පැවසීය. 29 January 2025
ඇල්ල ඔඩිසි ‘ඊ ටිකට්’ පරීක්ෂාව අරඹයි ‘ඊ විකට්’ වංචාව පිළිබඳව අවදානය යොමු කර ‘ඇල්ල ඔඩිසි’ දුම්රියේ ගමන්ගන්නා මගීන් ප්‍රවේශපත් වෙන්කරගත් සැබෑ පුද්ගලයා ද යන්න පරීක්ෂා කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පැවසීය. 29 January 2025
හොඳ ඖෂධ අඩු මිලට දෙනවා ගුණාත්මක තත්වයෙන් ඉහළ ප්‍රමිතිගත ඖෂධ සැපයීමට සියලු පියවර ගන්නා බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 29 January 2025
පෝලිම් වල මිනිස්සු ගෙදර ගියේ රනිල් රට ගිය නිසා පෝලිම් වල හිටපු මිනිසුන්ට ගෙවල් වලට යන්නට හැකියාව ලැබුණේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා 25 වතාවක් රට ගොස් ජාත්‍යන්තර සහාය ගෙන ඩොලර් අර්බුදයට විසඳුමක් ලබාදුන් නිසා යැයි එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය. 29 January 2025
හර්ෂ ඉලූක්පිටියට ඇප දෙනවා ද?නැද්ද? තීරණය පසුවට විද්‍යුත් වීසා ලබා දීමේ සේවාව විදේශ සමාගම් දෙකකට ලබා දීමට ගෙන ඇති තීරණය වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් අධිකරණයට අපහාසයක් සිදුකර ඇති බවට චෝදනා ලබා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ආගමන හා විගමන පාලක හර්ෂ ඉලූක්පිටිය මහතාට ඇප ලබා දෙනවාද නැද්ද යන්න පිළිබඳ නියෝගය පසුවට ප්‍රකාශ කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දුන්නේය. 29 January 2025
පලා ගිය රියේ එල්ලුන පී සී ඇද වැටී රෝහලේ පේදුරු තුඩුව මන්දිගායි ප්‍රදේශයේදී වැටලීම් රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන්ගේ අණ නොතකා පලා ගිය කැබ් රථයක් නවත්වා ගැනීම සඳහා එහි බඳෙහි එල්ලුණු පොලිස් කොස්තාපල්වරයකු ඉන් ඇද වැටී තුවාල ලබා ඊයේ (28) රෝහල්ගත කර ඇති පේදුරු තුඩුව පොලිසිය පවසයි. 29 January 2025
පන්සල් වත්තේ තවත් අත් බෝම්බ දෙකක් බෙලිඅත්ත, නිහලුව, ගල්කෙම විහාරස්ථානයේ තිබී තවත් ජීව අත්බෝම්බ දෙකක් ඊයේ (28) සොයා ගත් බව බෙලිඅත්ත පොලිසිය පවසයි. 29 January 2025
අ‘පුර පේපර් පිට කිරීමේ සිද්ධියට වැ.බ විදුහල්පතිවරයෙක් අත්අඩංගුවට උතුරු මැද පළාතේ 11 වන ශ්‍රේණියේ පාසල් සිසුන්ගේ 2024 අවසන් වාර පරික්ෂණයට අදාල ප්‍රශ්න පත්‍ර විභාගයට පෙර පිටවිමේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩබලන විදුහල්පති වරයෙකු ඊයේ (28) දින සැකපිට අත්අඩංගුවට ගත්බව අනුරාධපුර පොලිසිය කියයි.ෙමෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අනුරාධපුර,තම්මැන්නාකුලම පදිංචි මහවිලච්චිය ප්‍රදේශයේ පාසලක වැඩබලන විදුහල්පතිවරයෙකි. 29 January 2025
වන අලි හපුතලේ වගා විනාශ කරලා හපුතලේ දබේතැන්න වත්තට අද (29) අලුයම කඩා වැදුණු වන අලි දෙදෙනකු එළවළු , කෙසෙල් වගාවන් රැසක් විනාශ කර දමා ඇතැයි හපුතලේ දබේතැන්න ග්‍රාමසේවා නිලධාරී ඩබ්ලිව් .ආනන්දරාජා මහතා පවසයි . 29 January 2025
ලැඟුම්හලක සිටි තරුණයෙක් ඝාතනය කරලා අවිස්සාවේල්ල විද්‍යාල මාවතේ තාවකාලික නවාතැන්පොලක ලැගුම් ගෙන සිටි තරුණයෙකුට තියුණු ආයුධ වලින් පහරදී ඝාතනය කර ඇතැයි අවිස්සාවේල්ල මූලස්ථාන පොලිසිය පවසයි. 29 January 2025
විද්‍යුත් ක්‍රමයට මත්ද්‍රව්‍ය බෙදූ කාන්තාවක් අත්අඩංගුවට ඩුබාහි හි සැඟවඟව සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන ’’පොඩි තිළිණ’’ නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ඊසි කෑෂ් ක්‍රමයට බෙදා හැරීමේ ජාලය මෙහෙයවූ බව කියන 33 හැවිරිදි කාන්තාවක් හංවැල්ල ඇඹුල්ගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව හංවැල්ල පොලිසිය පවසයි. 29 January 2025
තියුණු ආයුධ පහරින් අයෙක් මරුට මාදම්පේ පැරණි නගරය ප්‍රදේශයේ නිවසක සිටි කාන්තාවකට සහ පුද්ගලයෙකුට එම කාන්තාවගේ සැමියා විසින් එල්ල කළ තියුණු ආයුධ ප්‍රහාරයකින් බරපතළ තුවාල ලබා හලාවත රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව ඊයේ (28) මියගොස් ඇති බව මාදම්පේ පොලිසිය පවසයි. 29 January 2025
සාමාන්‍ය පෙළ විභාග කාල සටහන නිකුත් වේ 2024(2025) වර්ෂයේ අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට අදාළ කාල සටහන විභාග දෙපාර්තමේන්තුව මගින් නිකුත් කර තිබේ. 29 January 2025
රතු රස දිය ඇතැයි පවසා සිලින්ඩරයක් විකුණන්න ගිහින් මාට්ටු රුපියල් කෝටි 900 ක් පමණ වටිනා බව පවසමින් රුපියල් ලක්ෂ 200 ක මුදලකට අලෙවි කිරීමට සූදානම් වූ රතු රසදිය අඩංගු බවට සදහන් සිලින්ඩරයක් සමග සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගත්බව පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි . 29 January 2025
අද කාලගුණය දිවයිනේ දකුණු කොටසේ අහස වළාකුලින් බරව පවතිනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 29 January 2025
ශ්‍රීලනිපයයි -සර්ව ජනයයි රනිල්ගේ පොහොට්ටුවයි පුංචි ජන්දයේදී එකම පිලක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, සර්වජන බලය සහ රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට ඉදිරිපත් වූ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩාය ෙමි පිරිසක් ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී එක්ව තරග කිරීමේ සූදානමක් පවතින බව වාර්තාවේ. 29 January 2025
නිල්වලා ගඟෙන් සිංහරාජයට යන්න පාරක් නිල්වලා ගඟ සංරක්ෂණ හා සංවර්ධනයටත් නිල්වලා ගඟ ආශ්‍රිතව නිරතුරුව පවතින ගංවතුර තත්වයට කඩිනම් විසඳුම් සෙවීමත් වෙනුවෙන් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා නිල්වලා ගගේ නිරීක්ෂණ චාරිකාවකට සහභාගී විය. 28 January 2025
පෝල්රාජ් - ජූලි චං හමුවෙති ඇමරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපතිනිය වන ජූලි චං මහත්මිය සහ කාන්තා හා ළමා කටයුතු පිළිබඳ අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය අතර හමුවක් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේදී අද (28) පැවැත්විණි. 28 January 2025
අයවැයෙන් ට්‍රිලියන 1.35ක් ආයෝජන ප්‍රාග්ධන වියදම් වෙන් කරනවා ඉදිරි අයවැයෙන් ට්‍රිලියන 1.35ක් රජයේ ආයෝජන ප්‍රාග්ධන වියදම් ලෙස වෙන් කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. 28 January 2025
චීන මාධ්‍ය සමූහය වසන්ත උත්සව රාත්‍රී ප්‍රසංගයෙන් මෙවර චීන අලුත් අවුරුදු උත්සවය ’’නයාගේ වසරේ’’ වසන්ත උත්සව රාත්‍රී ප්‍රසංගය, නැටුම් ගැයුම්, හරස් කතා, හාස්‍යජනක කෙටි නාට්‍ය, ප්‍රාදේශීය ඔපෙරා, සටන් කලා අංග සහ මැජික් සංදර්ශන සමගින් අද (28) පැවැත්විණි. 28 January 2025
විශ්‍රාම ලැබූ ගුවන් හමුදාපති අගමැතිනිය හමුවෙයි විශ්‍රාම ලැබූ ගුවන් හමුදාපති, එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා අධ්‍යාපන අමාත්‍යාංශයේදී අග්‍රමාත්‍ය හරිනි අමරසූරිය මෙනෙවිය හමුවිය. 28 January 2025
ආණ්ඩුවට සැබෑ ප්‍රශ්න අමතක වෙලා ජනාධිපතිවරයා ඇතුලු ආණ්ඩුව ජනතා ප්‍රශ්න මඟ හැරීම සඳහා විවිධ ජනප්‍රිය මාතෘකා සතිපතා තෝරා ගනිමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසිය. 28 January 2025
ඊශ්‍රායලයේ කෘෂි රැකියා වලට ගිය රොත්තක් පැනලා පසුගිය රජය කාලයේ කෘෂි අංශයේ රැකියාව සඳහා ඊශ්‍රායලයට ගිය පිරිසෙන් සියයට අසූවක් පමණ සේවා ස්ථාන වලින් පැන ගොස් ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සභාපති කෝෂල වික්‍රමසිංහ මහතා පැවසීය. 28 January 2025
3000 අල්ලසක් ගත් පී.සී රිමාන්ඩ් රුපියල් 3000 ක අල්ලසක් ලබා ගත්තේ යැයි කියන මතුගම මූලස්ථාන පොලිස් ස්ථානයේ පොලිස් සැරයන් ලබන 11 වැනි දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය අද (28) නියෝග කළාය. 28 January 2025
මෛත්‍රීගේ රට් පෙත්සම පෙබරවාරි 6 විභාගයට පාස්කු ඉරිදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග කරමින් නිකුත් කළ සිතාසිය බල රහිත කරන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගොනු කළ රිට් පෙත්සම නව විනිසුරු මඩුල්ලක් හමුවේ පෙබරවාරි 06 වැනිදා සිට විභාගයට ගැනීමට අභියාචනාධිකරණය ඊයේ (28) දින නියම කළේය. 28 January 2025
ගිනි අවිය පත්තු වීම ගැන ඉන්දියන් රජයේ දැඩි විරෝධය ඩෙල්ෆ් දූපත ආසන්නයේ නීති විරෝධීව මසුන් අල්ලමින් සිටි ඉන්දීය ධීවරයන් 13 දෙනකු ශ්‍රී ලංකා නාවික හමුදාව අත් අඩංගුවට ගැනීමට යෑමේදී වෙඩි තැබීමක් සිදුවී තිබෙන බවත් එම සිදුවීම සම්බන්ධයෙන් නව දිල්ලියේ වැඩබලන ශ්‍රී ලංකා මහා කොමසාරිස් ප්‍රියංගා වික්‍රමසිංහ මහත්මිය ගෙන්වා ඉන්දීය රජය දැඩි විරෝධය ප්‍රකාශ කර තිබෙන බවත් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහා කොමසාරිස් කාර්යාලය අද නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. 28 January 2025
ඉන්දියන් ධීවරයන් අල්ලදී නාවික සෙබළාගේ ගිනි අවිය පත්තු වෙලා මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් ධීවර කටයුතුවල නිරතවූ ඉන්දීය ධීවර යාත්‍රාවක සිටි ධීවරයන් පිරිසක් නාවික හමුදා බාරයට ගැනීමට යාමේදී ධීවරයකු විසින් නාවික හමුදා ගිනි අවියක් උදුරාගැනීමට යාමේදී ගිනි අවිය පත්තුවී ධීවරයන් දෙදෙනකු තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ගයාන් වික්‍රමසූරිය මහතා පවසයි. 28 January 2025
අනුර-හරිනි-සජිත් එක මේසෙට රෝගී ජනතාවට වැඩි ප්රතිලාභ ලැබෙන අන්දමින් ජනාධිපති අරමුදලේ කටයුතු ගම් මට්ටම දක්වා ගෙන යාමට හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා මාර්ග ගත ක්‍රමය ඔස්සේ සේවා සැපයීමට ජනාධිපති අරමුදලේ පාලක සභාවේ අනුමැතිය හිමි විය. 28 January 2025
සහල් උපරිම මිල ඉවත්කරන්න ආණ්ඩුව ආනයනික සහල් කිලෝවකට රුපිල් 65 ක බද්දක් අයකිරීම නිසා සහල්වලට පනවා ඇති උපරිම මිල ඉවත්කරන තෙක් සහල් ගැටලුවට විසඳුමක් නොලැබෙන බව පිටකොටුව සහල් තොග ව්‍යාපාරිකයෝ අද පස්වරුවේ පැවසූහ. 28 January 2025
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026