එළොව පොල් පෙනෙන කොටුවේ පොල් මිල සාමාන්‍ය ප්‍රමාණයේ පොල් ගෙඩියක මිල රුපියල් 220 ක පිටකොටුව ප්‍රදේශයේ අද (28) පස්වරුවේ පැවතුණි. කුඩාම ප්‍රමාණයේ පොල් ගොඩියක් රුපියල් 180 සිට 210 ක මිලක පැවැති අතර ලොකු පොල් ගෙඩියක මිල රුපියල් 250 ත් 270 ත් අතර මිලක පැවතුණි. 28 January 2025
හත් කෝටියක් සාපරාධීව පරිහරණය කළැයි නාමල්ට නඩු ක්‍රිෂ් ගනුදෙනුවෙන් රුපියල් කෝටි 07ක මුදලක් සාපරාධි අන්දමින් සාවද්‍ය ලෙස පරිහරණ කිරීමේ චෝදනා යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණයේ නඩු පැවරුවේය. 28 January 2025
කරන්නාගොඩගේ පෙත්සම් විභාගයෙන් විනිසුරුවරයෙක් ඉල්ලා අස්වේ කොළඹ කොටහේන හා තදාසන්න ප්‍රදේශ වල තරුණයින් 11 දෙනෙකු කප්පම් ලබාගැනීම සඳහා පැහැරගෙන ගොස් අතුරුදන් කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් තමන්ට එරෙහිව ත්‍රී පුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ පවරා ඇති නඩුව විභාග කිරීම අත්හිටුවන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ප්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා ගොනු කළ රිට් පෙත්සම් විභාගයෙන් අභියාචනාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා අද ඉවත් වීමට තිරණය කළේය. 28 January 2025
වගා හානි වන්දිය බ්‍රහස්පතින්දා ගෙවයි නොවැම්බර් මාසයේ ඇති වූ ගංවතුර හේතුවෙන් හානි වූ වගාවන් සඳහා වන්දි මුදල් ගෙවීම බ්‍රහස්පතින්දා(30) සිට අරඹන බව කෘෂිකාර්මික හා ගොවි ජන රක්ෂණ මණ්ඩලය පවසයි. 28 January 2025
අ’පූරේ දී සූර් වූ ප්‍රංශ ජාතිකයා යාපනයෙන් හමුවෙයි අනුරාධපුර,කුබිච්චන්කුලම වැව අසල මත්පැන් පානය කරමින් සිටියදී අතුරුදන් වු 35 හැවිරිදි ප්‍රංශ ජාතිකයා යාපනය දුම්රිය ස්ථානය අසලදී අද (28) සොයා ගත් බව අනුරාධපුර පොලිසිය කියයි. 28 January 2025
ලංකා- විදෙස් විශ්ව විද්‍යාල අතර ගිවිසුම් දහයක් ශ්‍රී ලාංකීය විශ්ව විද්‍යාල හා විදේශීය විශ්ව විද්‍යාල අතර අවබෝධතා ගිවිසුම් වලට එළඹීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 28 January 2025
අදානිගෙන් අඩුවට විදුලිය ගන්න සාකච්ඡා අරඹයි අදානි පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතියෙන් ඩොලර් ශත හයකට විදුලිය මිලදී ගැනීමට සාකච්ඡා කරමින් සිටින බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 28 January 2025
ආනයනය කළ ලුණු පාරිභෝජනයට නොව කර්මාන්තකරුවන් සදහා ඉන්දියාවෙන් ආනයනය කළ ලුණු තොගය කර්මාන්ත අමාත්‍යාංශයේ නිර්දේශය මත කර්මාන්තකරුවන් සදහා බෙදාදීමට පියවර ගෙන ඇතැයි රාජ්‍ය වානිජ විවිධ නීතිගත සංස්ථාව පවසයි. 28 January 2025
වී සහතික මිල නියම කරන වෙලාව කියයි වී සඳහා රජය සහතික මිලක් නියම කරන්නේ වෙළෙඳපොළේ වී මිල අඩු වීමට ආරම්භ වන අවස්ථාවේදී බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 28 January 2025
මාධ්‍යයේ මිණි පහනක් නිවෙයි කීර්තිමත් මාධ්‍යවේදියකු මාධ්‍ය උපදේශකවරයකු මෙන්ම ලේක්හවුස් ආයතනයේ හිටපු සභාපතිවරයකු වන ලක්ෂ්මන් ජයවර්ධන මහතා අභාවප්‍රාප්ත විය. 28 January 2025
පළාත් පාලන මැතිවරණය අප්‍රේල් පළාත් පාලන මැතිවරණය බොහෝ දුරට අප්‍රේල් මාසයේ පැවැත්වෙනු ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 28 January 2025
ඉඩම් ප්‍රතිපත්ති පනත අලුතින් කෙටුම්පත් කරයි ඉඩම් පරිහරණ ප්‍රතිපත්ති සැලසුම් දෙපාර්තමේන්තු පනත කෙටුම්පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 28 January 2025
මාවෙයි සේනාධිරාජා රෝහල් ගත කරයි දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධාන පක්ෂය වූ ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂයේ නායක හිටපු පර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතා අද (28) දින හිදීසියේම ඇති වූ අසනීප තත්වයක් හේතුවෙන් යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කොට ඇත. 28 January 2025
පාර්ලිමේන්තු කාරක සභා තුනකට අලුත් සභාපතිවරු පාර්ලිමේන්තු කාරක සභා කිහිපයක් සඳහා නව සභාපතිවරුන් පත් කර තිබේ. 28 January 2025
හාල් පාලන මිල ඉවත් කරන්නේ නෑ සහල් සඳහා රජය විසින් පනවා ඇති පාලන මිල ඉවත් කරන්නට කිසිදු සූදානමක් නැතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 28 January 2025
කෝටි 25ක් සුරියවැව කර්මාන්තපුරයට නාස්ති වෙලා සූරියවැව ප්‍රදේශයේ අක්කර විස්සක ඉඩමක කර්මාන්ත පුරයක් ඉදිකිරීම වෙනුවෙන් වැය කරන ලද රුපියල් කෝටි 25 කට වැඩි මුදලක් නාස්ති වී ගොස් තිබූ බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක් සඳහන්වේ. 28 January 2025
’’අව්-වැසි-සුළං’’කලාපීය සමුළුව ලංකාවේ කලාපීය ඒකාබද්ධ බහු විධ ආපදා අනතුරු ඇඟවීමේ පද්ධති ආයතනයේ සිව්වන අමාත්‍ය සමුළුව පැවැත්වීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 28 January 2025
සිසුවාට පහර දුන් පියා අත්අඩංගුවට හතරළියැද්ද පොළ භූමියේ පැවැති සංගීතයක් නැරඹීම සදහා පැමිණ සිටි පාසල් සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකදී පාසල් සිසුවකුට පහරදී කලහකාරී ලෙස හැසිරුණු සිසුවකුගේ පියකු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කළ බව හතරළියැද්ද පොලිසිය පවසයි. 28 January 2025
‘ඊ ටිකට්’ ගැන මගීන්ගෙන් පොලිසිය ප්‍රකාශ ගනී දුම්රිය දෙපාර්තමේන්තුව අන්තර්ජාලය හරහා නිකුත් කරන දුම්රිය ප්‍රවේශපත් ‘ඊ ටිකට්’ වංචාව පිළිබඳ පරීක්ෂණයට අදාලව උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය මගීන් 100 කට අධික සංඛ්‍යාවකගෙන් ප්‍රකාශ සටහන්කරගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය. 28 January 2025
කුණු ගෙනියන රථ ගන්න ජපන් සල්ලි කසළ ප්‍රවාහනය සඳහා භාවිත කරන Garbage Compactors මිල දී ගැනීමට ජපන් යෙන් මිලියන තුන්සියයක ප්‍රදානයක් ලබා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 28 January 2025
පොඩි ගොවීන්ට අත දෙන ණය ක්‍රමයකට කැබිනට් අනුමැතිය ’’ නව සපිරි ග්‍රාමීය ණය යෝජනා ක්‍රමය - සරුසාර ’’ පොලී සහනාධාර යෝජනා ක්‍රමය 2025 වර්ෂයේ සිට වාර්ෂික වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 28 January 2025
ශ්‍රී පාලි මණ්ඩපයට කොටගල වත්තේ ඉඩමක් කොළඹ විශ්ව විද්‍යාලයට අනුබද්ධ ශ්‍රී පාලි මණ්ඩපය සංවර්ධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 28 January 2025
මුදල් කොමිෂන් සභාවේ අලුත් නිර්දේශ පාර්ලිමේන්තුවට 2025 වර්ෂය වෙනුවෙන් මුදල් කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කර ඇති නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 28 January 2025
ආණ්ඩුව රටේ ඉදිරි ගමන වෙනුවෙන් සියලු තීන්දු ගන්නවා ආණ්ඩුව රටේ ඉදිරි ගමන හා ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම වෙනුවෙන් ගත හැකි සියලු තීන්දු ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. 28 January 2025
වෙළෙඳ වැටලීම්වලින් පසුගිය වසරේ කෝටි 20 ක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පසුගිය වසරේ කළ වැටලීම්වලට අදාලව මහේස්ත්‍රාත් අධිකරණවල පැවරූ නඩුවලින් රුපියල් මිලියන 207ක් හෙවත් රුපියල් කෝටි 20 කට අධික දඩ මුදල් රජයට ලැබී ඇතැයි එම අධිකාරිය පැවසීය. 28 January 2025
රටඉඳි බද්ද අඩු කරයි රටඉඳි මත පනවා ඇති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියලක් දක්වා අඩු කරමින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. 28 January 2025
රෝහල් පහසුකම් වැඩි කරන ව්‍යාපෘතියේ කාලය දිගු කරයි තෝරාගත් රෝහල්වල සෞඛ්‍ය පහසුකම් වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතියේ ව්‍යාපෘති කාලසීමාව දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 28 January 2025
මෛත්‍රීගෙන් ආණ්ඩුවට ලියුමක් මොරගහකන්ද ජලාශයෙන් පිටවන ජලය අපතේ නොයවා අනුරාධපුරයට හා වයඹට ගෙන යන ඇලමාර්ග කඩිනමින් ඉදිකරන ලෙස හිටපු ජනාධිපති මෛත්රීපාලන සිරිසේන මහතා නිවේදනයක් නිකුත් කරමින් රජයෙන් ඉල්ලා සිටී. 28 January 2025
යාපනය සරසවි ඇඳුරෝ වර්ජනයක යාපනය විශ්ව විද්‍යාලයේ ආචාර්යවරුන්ගේ සංගමය අද (28) සියලු දේශයනයන්ට සහභාගී නොවී වර්ජනයක් ආරම්භ කර තිබේ. 28 January 2025
අඹේ වටිනාකම ලක්ෂ දෙකහමාරක් යාපනය පූතූර් මුරුගන් හින්දු කෝවිලේ පැවති දේව මෙහෙයකින් අනතුරුව පැවත්වෙන පූජා භාණ්ඩ වෙන්දේසිකදී එහි තිබූ අඹ ගෙඩියක් රුපියල් 246,000 ක මුදලකට වෙන්දෙසී වූ බවට කෝවිල් භාරකාර මණ්ඩලය පැවසීය. 28 January 2025
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026