(යොහාන් භාසුර)
ජාතික ජනබලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු ඇති වූ පුරප්පාඩුවට විශ්‍රාමික දේශීය ආදායම් නියෝජ්‍ය කොමසාරිස්වරයෙක් වන නිශාන්ත ජයවීර මහතා පත්කර තිබේ.
මැතිවරණ කොමිෂන් සභාව එම ගැසට් නිවේදනය අද (7) නිකුත් කළේය.
ජාතික ජන බලවේගයේ ලේකම්වරයා නිශාන්ත ජයවීර මහතාගේ නම මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමු කර තිබූ අතර ඒ අනුව පුරප්පාඩු වූ එම මන්ත්‍රී ධුරය සඳහා ජයවීර මහතාගේ නම ගැසට් කිරීමට මැතිවරණ කොමිසම පියවර ගත්තේය.
නිශාන්ත ජයවීර මහතා දේශිය ආදායම් දෙපාර්තමේන්තුවේ වසර 20 කට අධික කාලයක් සේවය කළ දේශීය ආදායම් නියොජ්‍ය කොමසාරිස්වරයෙක් වන අතර ඒ මහතා වර්තමාන ආණ්ඩුව පත්විමෙන් පසුව මාස කීපයක් සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා ලෙස ද කටයුතු කළේය.
ඒ මහතා පසුගියවය වසරේ දෙසැම්බර් සිට පසුගිය ජූනි 27 වැනිදා දක්වා ජනාධිපති අතිරේක ලේකම්වරයෙක් ලෙස ද කටයුතු කළේය.
ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අතර ඒ මහතා පසුගිය ජූනි මස නියෝජ්‍ය ඇමති ධුරයෙන් සහ මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්විය.
ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා ඉන් පසුව මුදල් අමාත්‍යාංශයේ ලේකම් ධූරයට පත්විය.
2025 නොවැම්බර් මස 04
473
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2222
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1669
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
හර්ෂණගේ මන්ත්‍රී පුරප්පාඩුවට නිශාන්ත ජයවීර පත්කරයි
සෙනෙවිරත්න Monday, 07 July 2025 11:08 PM
මොකද හාල්මෝල් කාරයෙක්, පක්ෂයට වියදම්කල මිනිහෙක් පත්නොකලෙ? ඒක තමයි අපේ රටේ පොලාසි එක. කරුණාකර එික කඩන්න එපා
ගමගේ Tuesday, 08 July 2025 08:20 AM
ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. කැලණිය විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා උපාධිධාරියෙකි.