යෝෂිතට - ඩේසි ආච්චිට නඩු හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙටුපුත් යෝෂිත රාජපක්ෂ මහතාගේ බැංකු ගිණුම්වල තිබූ රුපියල් මිලියන 59 මුදල ඔහුගේ මිත්තණිය වන ඩේසි’ පොරස්ට් නැමති කාන්තාව සමඟ හවුල් ගිණුමක් ලෙස පවත්වාගෙන යාම හේතුවෙන් ඩේසි ෆොරස්ට් නැමති කාන්තාවට විදෙස් ගමන් තහනමක් පනවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවසීය. 11 February 2025
ප්‍රංශයට යවනවැයි කියා සුපිරි ගේම් දුන් 4 ක් දැලේ ප්‍රංශයට යවන බව පවසා පුද්ගලයකු මෝටර් රථයකින් පැහැරගෙන ගොස් රුපියල් ලක්ෂ 80 ක් බලෙන් වෙනත් ගිණුමකට මාරු කර මුදල් කොල්ලකෑ සැකකරුවන් 4 දෙනකු සමග මෝටර් රථයක් ඊයේ (10) අත්අඩංගුවට ගත් බව යාපනය පොලිසිය පවසයි. 11 February 2025
හිංසාකාරී ලෙස එළුවන් ගෙන ගිය දෙදෙනකුට වැඩ වරදී ’’ ඔය ඔක්කොම බලන් ඉන්නේ වරදින තුරු අපිට’’ යන වදන තීරෝද රථයක ප්‍රදර්ශනය කරමින් එහි පිටුපස භක්කිය තුල එළුවන් දස දෙනකු කිටි කිටියේ තදකර හිංසාකාරී අයුරින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය කියයි 11 February 2025
ගෑස් සිලින්ඩරයක් පුපුරා යුවළක් රෝහලට කතරගම නාවික හමුදා නිවාඩු නිකේතනයේ ගෑස් සිලින්ඩරයක් පුපුරා යාමෙන් එහි නවාතැන් ගෙන සිටි දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි පොලිසිය කියයි . 11 February 2025
ජනපති මාස්ටර් ඉන්වෙස්ට්මන්ට් සමූහයේ ’’ ලොක්කා’’ හමු වෙයි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තෙදින සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ මාස්ටර් ඉන්වෙස්ට්මන්ට් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී ෂෙයික් අබ්දුල්ලා බින් මොහොමඩ් අල් කාසිමි මහතා හමුවක් සිදු විය. 11 February 2025
ගිනි අවිය සමඟ පැන ගිය පීසීගේ මව පියා අත්අඩංගුවට රාජකාරියට යන මුවාවෙන් ටි 56 ගිනි අවියක් සහ ජීව උණ්ඩ 30 ක් රැගෙන අනතුරුව ඩුබායි රාජ්‍යයට පලා ගිය ආධුනික පොලිස් කොස්තාපල්වරයාගේ මව, පියා සහ තවත් කොස්තාපල්වරයෙකු ඊයේ (10) රාත්‍රී අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස මූලාස්ථාන පොලිසිය කියයි ‘ 11 February 2025
ඇද යටින් කේරළගංජා මතුවෙයි ලක්ෂ 50කට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා ඇඳ යට රහසිගතව සඟවා තැබූ සැකකරුවෙකු කල්මුණේ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 11 February 2025
තේරීම් සභාවක් ඉල්ලා නාමල්ගෙන් කතානායකට ලිපියක් රටේ ක්‍රියාත්මක වන ලියාපදිංචි සහ ලියාපදිංචි නොකළ රාජ්‍ය නොවන සංවිධාන (NGO) විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරන ලෙස ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කථානායකවරයාගේ කථානායකවරයාගෙන් ඉල්ලීමක් කරයි. 11 February 2025
ඩෑන් ප්‍රියසාද් අත්අඩංගුවට සිංහල ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරුවන ඩෑන් ප්‍රියසාද් අද (11) අලුයම කටුනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අධිකාරී නීතිවේදී ප්‍රියන්ත මනතුංග මහතා පැවසීය. 11 February 2025
කොස්තාපල් ගංජා අයිස් සමඟ මාට්ටු රිදීමාලියද්ද පොලිසියට අනියුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරයකු ගංජා සහඅයිස් මත්ද්‍රව්‍ය සමග ගල්පෝරුයාය ප්‍රදේශයේ දී ඊයේ (10) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව ගිරාදුරුකෝට්ට පොලිසිය පවසයි . 11 February 2025
අද කාලගුණය දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 11 February 2025
මෙක්සිකෝ බොක්කේ නම වෙනස් වෙයි මෙක්සිකෝ බොක්ක ’’ඇමෙරිකා බොක්ක’’ ලෙස නිල වශයෙන් නම් කරමින් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඒ සඳහා වන විධායක නියෝගයට අත්සන් තබා ඇත. 10 February 2025
වේරහැර රියදුරු බලපත්‍ර අංශයට නව කොමසාරිස්වරයෙක් අනූපම මංගල වික්‍රමාරච්චි මහතා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු වේරහැර රියදුරු බලපත්‍ර අංශයේ කොමසාරිස්වරයා ලෙස වැඩ ආරම්භ කළේය. 10 February 2025
ආහාර කමිටුව රැස්වෙයි සිංහල හා හින්දු අලුත් අවුරුදු කාල සීමාවේ දී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඛණ්ඩව සැපයීම හා එම භාණ්ඩ මිල පාලනයක් සහිතව තබා ගත යුතු බව ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුව අද (10)තීරණය කළේය. 10 February 2025
කොටහේනේ වෙඩි තැබීමකින් අයෙක් මරුට කොටහේන බෙනඩික් මාවතේදී යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනකු අතරින් එක් පුද්ගලයෙකු සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයකුත් තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් පසු මිය ගොස් ඇතැයි කොටහේන පොලිසිය කියයි 10 February 2025
චමිඳු එක්දින සංචිතයෙන් ඉවත් කරයි ඕස්ට්‍රේලියාවට එරහෙිව අනිද්දා (12) ආරම්භ වන තරග දෙකකින් සමන්විත එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා එක්දින සංචිතයේ වේග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක චමිඳු වික්‍රමසිංහට ස්ථානය අහිමිවී තිබේ. 10 February 2025
IMF විධායක අධ්යක්ෂ අග්‍රාමාත්‍ය හරිනි හමුවෙයි ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක අධ්යක්ෂ ආචාර්ය ක්‍රිෂ්ණමූර්ති සුබ්‍රමනියම් මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය අතර හමුවක් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්විණි. 10 February 2025
පුරය සරසන්න පෙරහරට පේ වෙන අලි ඇතුන්ගේ හැඩ කොළඹ හුණුපිටිය, ගංගාරාම විහාරස්ථානයේ 46 වැනි වාර්ෂික ‘නවම් මහා පෙරහර හෙට (11) සහ අනිද්දා (12) වීථි සංචරය කිරීමට කටයුතු සූදානම් කර තිබේ. 10 February 2025
තානාපතිනී ජුලී චන්ග් ඇමති බිමල් හමුවෙයි ශ්‍රී ලාංකික ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් නව රජය අනුගමනය කරන ප්‍රතිපත්තිමය ක්‍රියාදාමය සහ ඒ වෙනුවෙන් ජනාධිපතිතුමන් ප්රමුඛ රජය වෙත හිමිවූ අතිවිශාල ජනවරමත් සම්බන්ධයෙන් සතුටු පත්වන බව ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිනි, ජුලී චන්ග් මහත්මිය පැවසුවාය. 10 February 2025
’’අලුත් සත්තු’’ ජාති තුනක් ලංකාවට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට දුඹුරු වලසුන් යුවලක්,හයිනා යුවලක් සහ මියර්කැට් යුවල තුනක් සත්ව හුවමාරු වැඩසටහන යටතේ මෙරට සත්වෝද්‍යාන ප්‍රදර්ශනය සඳහා ගෙන්වූ බව පරිසර අමාත්‍යාංශය පවසයි. 10 February 2025
අරාබියට ගිය ජනපති හරසරින් පිළිගනී ලෝක රාජ්‍ය සමුඵව (WGS)ට සහභාගී වීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු දූත පිරිස ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපොලේ දී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ වෙළඳ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ආචාර්ය තානි බින් අහමඩ් අල් සෙයුඩි මහතා ඇතුළු රාජ්‍ය නියෝජිතයන් විසින් මහත් හරසරින් පිළිගනු ලැබීය. 10 February 2025
සමන් දේවාලයේ නිලවරණය වළකා අතුරු නියෝගයක් සබරගමුව සමන් දේවාලයේ බස්නායක නිලමේ තනතුරු සඳහා හෙට (11) පැවැත්වීමට නියමිත නිලවරණය පැවැත්වීම වළකාලමින් අභියාචනාධිකරණය අද (10) අතුරු නියෝගයක් නිකුත් කළේය. 10 February 2025
අම්පාරේ වගා හානි වන්දිය අද ගොවි ගිණුම්වලට නොවැම්බර් මස 26 දා සිට ඇති වූ ගංවතුර හේතුවෙන් හානි වූ වගා පරීක්ෂා කිරීම අවසන් බව කෘෂිකාර්මික හා ගොවි ජන රක්ෂණ මණ්ඩලය පවසයි. 10 February 2025
මැති - ඇමැති - ජනපති නෝනලාගේ වරප්‍රසාද කැපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, හිටපු රාජ්‍ය නායකයන් සහ ඔවුන්ගේ වැන්දඹුවන් භුක්ති විඳින වරප්‍රසාද සුදුසු පරිදි කප්පාදු කළ යුතු යැයි සඳහන් යෝජනාවක් පාර්ලිමේන්තුවේ අලුත්ම න්‍යාය පුස්තකයට ඇතුළත් කරනු ලැබ ඇත. 10 February 2025
පුංචි ඡන්දෙ ගැන විවාදය අය වැය දා හවස පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පතට අදාළ දෙවැනිවර කියවීමේ විවාදය ලබන සඳුදා(17) පස්වරු 2.00 සිට පස්වරු 7.00 දක්වා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබේ. 10 February 2025
පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක් කැඳවයි පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පතට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර ඇති පෙත්සම්වලට අදාළ තීරණය කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවට දැනුම්දීම සඳහා පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක් සිකුරාදා (14)පෙ.ව 9.30 ට කැඳවීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වූ බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් චමින්ද කුලරත්න මහතා පැවසීය. 10 February 2025
කෙහෙළියගේ මල් වඩම් සිද්ධියට නීතිපති උපපදෙස් පතයි හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ කොළඹ 07 පිහිටි නිල නිවස ඉදිරිපිට මල් වඩම් තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් පරිදි කඩිනම් පියවර ගන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය කුරුඳුවත්ත පොලිසියට අද (10) නියෝග කළාය. 10 February 2025
රට විරුවන්ගෙන් මේ වසරේදී ඩොලර් බිලියන 7ක් මේ වසරේදී ශ්‍රී ලාංකිකයින් 340,000 ක් රැකියා සඳහා විදේශ ගත කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා පැවසීය. 10 February 2025
වී අළෙවි මණ්ඩලය බලාපොරොත්තුවෙන් ගොවි ව්‍යාපාර රැසක වී අස්වැන්න මේ දක්වා නෙළීම ආරම්භ කර නොමැති බවත් වී අස්වැන්න නෙළීම අඛණ්ඩව සිදුවන විට ගොවීන් රජයේ කොටස වී අළෙවි මණ්ඩලයට අළෙවි කරනු ඇති බවත් වී අළෙවි මණ්ඩලයේ සභාපති ඒ. එම්. යූ. පින්නලන්ද මහතා අද (10) පැවසීය. 10 February 2025
යූඑස්ඒඩ් මෙරට මුදල් වියදම් කළේ කාටදැයි සොයන්න ශ්‍රී ලංකාවේ ලිංගික දිශානතිය සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම සඳහා විශාල මුදලක් යූඑස්ඒඩ් කියන සංවිධානය හරහා මෙරට තුළ වියදම් කර ඇතැයි හෙළිවී ඇති බවත් එම මුදල් සැබවින්ම වියදම් කළේ කුමන කාරණයකට ද යන්න සෙවීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කටයුතු කළ යුතු බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, නීතිඥ සාගර කාරියවසම් මහතා අද (10) පැවසීය. 10 February 2025
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026