
(අංජුල මහික වීරරත්න)
දුම්රිය ස්ථාන 100ක් නවීකරණය කිරීමේ ‘Dream Destination’ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සම්බන්ධ වන ව්‍යාපාරිකයන්ගේ හමුවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
රට සංවර්ධනය කිරීම සඳහා සියලුදෙනා එක් විය යුතු බවත්, ඒ සඳහා ඕනෑම අයෙකුට දායක විය හැකි වේදිකාවක් වත්මන් රජය විසින් සකස් කර ඇති බවත් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා මෙහිදී පෙන්වා දුන්නේය.
‘Dream Destination’ දුම්රිය ස්ථාන 100ක් නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ ව්‍යාපාරිකයන්ට සිය ස්තුතිය පළ කරන බවද ජනාධිපති ලේකම්වරයා කියා සිටියේය.
ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය සහ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන එක්ව පෞද්ගලික අංශයේ අනුග්‍රහයෙන් දුම්රිය ස්ථාන 100ක් නවීකරණය කිරීමට මෙමඟින් අපේක්ෂිතය.
විශේෂ අවශ්‍යතා සහිත ප්‍රජාවද ඇතුළත්ව සියලු මගීන්ගේ ආරක්ෂාව සහ සුවපහසුව සලසන පිරිසිදු, සුන්දර දුම්රිය ස්ථාන පද්ධතියක් රට තුළ නිර්මාණය කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි.
ඒ සඳහා NIO Engineering සංවිධානය ස්වේච්ඡාවෙන් නිර්මාණශීලී දායකත්වය සපයන අතර, ඊට අදාළ ඉදිකිරීම් සඳහා මූල්‍ය දායකත්වය ව්‍යාපාරිකයන් විසින් සැපයේ. මාස 6ක් ඇතුළත මෙම ඉදිකිරීම් අවසන් කිරීමට නියමිතය.
ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල ජනක බණ්ඩාර, ජනාධිපති අතිරේක ලේකම් එස්.පී.සී.සුගීෂ්වර යන මහත්වරුද, ව්‍යාපාරිකයෝ පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නවීකරණ සහ ඉදි කිරීම් මාස හයක් ඇතුළත ඉවර කරන්න ගත්තු තීරණය හොඳයි. නමුත් වැඩ පටන් ගන්නේ කවදාදැයි කියලා සඳහන් කිරීමක් නැහැනේ. වැඩ ආරම්භ කරන ස්ථිර දිනයක් ගැන සඳහන් නොකරන්නේ ඇයි? මෙය බොරුවක් ද?
නැවතුම්පොළ සමගම දුම්රියත් නවීකරණය කරමු.
ආණ්ඩුව මහජනයාගෙන් ගන්නා බදු මුදලෙන් අවශ්‍ය ප්‍රාග්ධනය සපයලා මේ ආයතන හැදුවාට නවීකරණය කළාට වැඩක් නැහැ. මොකද මේ ආයතන පාඩු ලබනවා. උපයන මුදල් මදි, නඩත්තු සඳහා මුදල් නැහැ. ඉතින් ටික කාලෙකින් ජරාජීර්ණ වෙලා විනාශ වෙනවා. මෙතුවක්කල් මේවා තමා වුනේ. ඉදිරියටත් එහෙමයි.