IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


තුර්කි අධ්‍යාපන ඇමති එයි

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාව සහ තුර්කි ජනරජය අතර පැවැත්වෙන ආර්ථික සහ සහයෝගීතාවය සදහා වූ ඒකාබද්ධ කමිටුවේ 3 වන සැසිවාරයට සහභාගී වීම සදහා තුර්කි ජනරජයේ අධ්‍යාපන අමාත්‍ය යූසුෆ් ටෙකින් ( Yusuf Tekin ) මහතා ඇතුළු දූත පිරිසක් අද(24 )අලුයම දිවයිනට පැමිණියහ.

වෙළෙඳ , වානිජ ,ආහාර සුරක්ෂිතතා නියෝජ්‍ය අමාත්‍ය ආර්.එම්.ජයවර්ධන මහතා විසින් කටුනායක ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන් පිළිගැනීමේ පර්යන්තයේදී ඔවුන් පිළිගන්නා ලදී. 

මෙම අවස්ථාව සඳහා මෙරට තුර්කි ජනරජයේ තානාපති සෙමි ලුට්ෆු ටර්ගුට් මහතාද එක් විය.

වෙළෙඳ අමාත්‍යාංශය යටතේ ඇති වානිජ දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන මෙම සමුළුව කොළඹ දී අද පැවැත්වීමට නියමිත අතර එහිදී දෙරට අතර වෙළෙඳ , ආයෝජන , සංචාරක , අධ්‍යාපන , තාක්ෂණික සහ තවත් ක්ෂේත්‍ර ගනනාවක සහයෝගීතාවය ප්‍රවර්ධනය කිරීමට නියමිතයි.  

මෙහිදී ශ්‍රී ලංකාව අල්ලස , දූෂණයෙන් තොර රටක් වශයෙන් කටයුතු කිරීම අගය කළ තුර්කි අධ්‍යාපන අමාත්‍යවරයා තුර්කි රාජ්‍යය දිගු කළක සිට ශ්‍රී ලංකාවේ සංවර්ධනයට සහයෝගය දක්වමින් සිටින බවද පැවසීය .

දිගු කලක් තිස්සේ මෙරට ආර්ථික සංවර්ධනය වෙනුවෙන් තුර්කි රජය ලබාදෙන සහයෝගය මෙහිදී නියෝජ්‍ය අමාත්‍ය ආර්.එමජයවර්ධන මහතා විසින් ඇගයිමට ලක් කළේය. දෙදින නිල සංචාරයක් සදහා පැමිණි තුර්කි අධ්‍යාපන අමාත්‍යවරයා සමග එරට ඉහළ පෙළේ ව්‍යාපාරික දූත පිරිසක් ද පැමිණ සිටිති.

 



අදහස් (0)

තුර්කි අධ්‍යාපන ඇමති එයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 88 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 31 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 737 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site