(දයාරත්න ඇඹෝගම)

පොත්තේගම ප්‍රදේශයේ ගෙවත්තකට පැමිණි වන අලියෙකු පලවා හැරිමට උත්සහ කළ 51 හැවිරිදි විවාහක පුද්ගලයෙකු වන අලියාගේ පහර කෑමට ලක්ව අද (24) එම ස්ථානයේම මියගිය  බව එප්පාවල පොලිසිය කියයි.

මෙසේ මිය ගොස් ඇත්තේ පොත්තේගම,මහඉලුප්පල්ලම පදිංචිව සිටි මඩිගසේකර මුදියන්සේලාගේ රණසිංහගේ චමින්ද කුමාර(51)නැමති විවාහක පුද්ගලයෙකි. සිය කෙසෙල් වත්තට පැමිණි වන අලියෙකු පන්නා දැමිමට උත්සහා කිරීමේදී මෙම පහරදීම සිදු කරතිබේ.