
(අංජුල මහික වීරරත්න)
වනජීවී කළමනාකරණය යනුවෙන් විෂයක් ඇති කිරීමට උත්සාහ ගනිමින් සිටින බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පැවැසීය.
එවැනි විෂයක් ලංකාවේ නැතැයි කී අමාත්‍යවරයා එම විෂය බිහිකිරීමට කටයුතු කරන බවද සඳහන් කළේය. ලංකා ජාතික ගොවිජන බල මණ්ඩලය සමග කෘෂිකර්මාන්තයේ ගැටළු සම්බන්ධයෙන් කොළඹ ගොවි ජන මන්දිරයේ පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව කීය.
මෙහිදී ලංකාවේ වන සතුන්ගේ හානිය පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ “ගොවියෝ සත්තු මරනවා නම් ලංකාවේ මෙලහකට සත්තු නැහැ” යනුවෙනි.
මෙහිදී ශ්‍රී ලංකා ජාතික ගොවිජන බල මණ්ඩලය විසින් දැනට කෘෂිකර්මාන්තයේදී ගොවීන්ට මුහුණපාන්නට සිදු වන ගැටළු සහ ඊට ලබා දිය යුතු විසඳුම් සම්බන්ධයෙන් සකස් කළ යෝජනාවලියක් ද පිළිගැන්විණි.
වී අස්වනු නෙලීමේදී සාධාරණ මිලක් ඉදිරිපත් කිරීම සඳහා රජයේ මැදිහත්වීම ලබා දීම, කෘෂි උපකරණවල බදු ඉවත් කිරීම, වගා කන්නයට පෙර පොහොර ලබා දීමේ වැඩපිළිවෙලක් සකස් කිරීම, බඩ ඉරිඟු ගොවීන්ට පොහොර සහනාධාරය ලබා දීම, වනසතුන්ගෙන් බෝග ආරක්ෂා කිරීමට වායු රයිෆල් ලබා දීම, පොහොර වලට සහතික හෝ පාලන මිලක් නියම කිරීම, කෘෂි රක්ෂණ වන්දි මුදල් වැඩි කිරීම, අස්වනු නෙලන සමයේදී එම බෝග ආනයනයට පෙර ගොවි සංගම්වල අදහස් ලබා ගැනීම ආදී කාරණා මෙම යෝජනාවලියට ඇතුලත්ය.
2025 නොවැම්බර් මස 04
353
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2154
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1634
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
වන ජීවී කළමනාකරණයට අලුත් විෂයක් ඕනෑ
පන්සිළු Thursday, 24 July 2025 12:11 PM
එක එක ඒවා පටලව පටලවා ඉන්නකොට වෙන්න ඕන දේවල් වෙලා ඉවරයි.