
එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමෙන් රාජ්‍ය නොවන පාර්ශවයන්ට සිදු වූ හානි සඳහා වන්දි වශයෙන් වසරක් ඇතුළත ඇමරිකානු ඩොලර් බිලියන 1ක මූලික ගෙවීමක් ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (24) නියෝග කළේය.
එම වන්දි මුදල් භාණ්ඩාගාර ලේකම්වරයාට ගෙවිය යුතු බවට අධිකරණය තවදුරටත් නියෝග කළේය.
අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු, විනිසුරු යසන්ත කෝදාගොඩ, විනිසුරු ශිරාන් ගුණරත්න, විනිසුරු අචල වෙන්ගප්පුලි සහ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු යන පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ගාමිණී අමරසේකරගේ සභාපතිත්වයෙන් යුත් MV X-Press Pearl වන්දි කොමිසමක් පිහිටුවීමට ද නියෝග කළේය.
මේ අතර, නාගරික සංවර්ධන හා වෙරළ සංරක්ෂණ කටයුතු පිළිබඳ හිටපු රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා අධීක්ෂණ පියවර ගැනීමට අපොහොසත් වීම සහ එමඟින් පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් වගකිව යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රනිල් මහින්දලා ඒකත් අපෙන් අරන් ඇති....