ජනපති පකිස්ථාන අගමැති හමුවෙයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ පාකිස්ථාන අග්‍රාමාත්‍ය ෂබාස් ෂරීෆ් මහතා අතර හමුවක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී අද (11)සිදු විය. 11 February 2025
කුඩුවලට ඇබ්බැහිවූ පොලිසියේ 17 ක් දොට්ට පසුගිය මාස 4 ක කාලය තුළ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූ පොලිස් නිලධාරීන් 17 දෙනකු ස්ථීරවශයෙන් සේවයෙන් පහ කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවැසීය. 11 February 2025
දර ලොරියට යට වී සිසුවා මරුට දර පටවගෙන ගමන් කරමින් තිබු ලොරි රථයකට යටවි පාසැල් සිසුවකු එම ස්ථානයෙදීම මරණයට පත්ව ඇති බව මහකුඹුක්කඩවල පොලිසිය කියයි. 11 February 2025
නොරොච්චෝලේ බලාගාර හදිසියේ නතර කරන්න බෑ විදුලිබල පද්ධතිය හදිසියේ නරත කිරීමට සිදුවුවද නොරොච්චෝලේ බලාගාරයට හදිසියේ නතරවීමට නොහැකි බවත් එම අවස්ථාවේදී ආරක්ෂක පද්ධතිය ක්‍රියාත්මක වූ පසුව බලාගාරය නැවත පණ ගැන්වීමට දින හතරක් පමණ ගතවන බවත් ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටිය මහතා අද (11) පැවසීය. 11 February 2025
පාර්ලිමේන්තුවට බේත් දෙයි පාර්ලිමේන්තු පරිපාලන කාර්ය මණ්ඩලීය සංගමය (PASU) විසින් සංවිධානය කළ වෛද්‍ය කඳවුර පාර්ලිමේන්තු පරිශ්‍රයේදී අද (11) පැවැත්විණි. 11 February 2025
හෙද නිලධාරීන්ගෙන් අයවැයට යෝජනා 14ක් අයවැයට යෝජනා 14 ක් ඉදිරිපත් කරමින් රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලිපියක් ඉදිරිපත් කර තිබේ. 11 February 2025
’’ලිට්රෝ ගෑස් මිලේ වෙනසක් නෑ’’ ලිට්රෝ ගෑස් සමාගම ගෘහස්ථ ගෑස් මිල මෙම මාසයේ (පෙබරවාරි) සංශෝධනය නොකරන බවත් ඒ අනුව ජනවාරි මස මිල මෙම මස තුළ ද පවතින බවත් ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති චන්න ගුණවර්ධන මහතා පවසයි. 11 February 2025
ඩේසි ෆොරස්ට්ට නොතීසි නිකුත් කිරීමට අධිකරණය ප්‍රතික්ෂේප කරයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙටුපුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන අයට අයත් හවුල් බැංකු ගිණුමක තිබූ රුපියල් මිලියන 59 ක පවතින නඩු කටයුත්තක් සම්බන්ධයෙන් ඩේසි ෆොරස්ට් යන අය සැකකාරියක ලෙසට නොතීසි නිකුත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව කළ ඉල්ලීමක් කඩුවෙල මහේස්ත්‍රාත් චාණිමා විජේබණ්ඩාර මහත්මිය විසින් අද (11) දින ප්‍රතික්ෂේප කලාය. 11 February 2025
උතුරු නැගෙනහිර මාර්ග සංවර්ධනයට උතුරු සහ නැගෙනහිර පළාත් වල ග්‍රාමීය මාර්ග පුනරුත්ථාපනය සහ වැඩි දියුණු කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 11 February 2025
ගුවන්තොටට කන්න දෙන්න ආයතන තෝරා ගනියි කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටු පොළෙහි පිටත්වීමේ/සංක්‍රමණ ප්‍රදේශයේ ජාත්‍යන්තර වශයෙන් ක්‍රියාත්මක ආහාර පාන ජාල වල අලෙවිසැල් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 11 February 2025
මැතිසබේ IT අංශයේ කාන්තා හිංසන හොයන්න ත්‍රිපුද්ගල කමිටුවක් පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ ඇතැම් කාන්තාවන්ට සිදු වී ඇතැයි පැවසෙන ලිංගික හිංසන සහ අඩන්තේට්ටම් සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ උපදෙස් මත පාර්ලිමේන්තුවේ මහලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මහත්මිය විසින් ත්‍රිපුද්ගල කමිටුවක් අද (11) පත් කරනු ලැබීය. 11 February 2025
අලුත් බදු පාර්ලිමේන්තුවට නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනතේ විධි විධාන පරිදි නිකුත් කරන ලද නියමය සහ සුරාබදු ආඥාපනතේ විධිවිධාන පරිදි නිකුත් කරන ලද නිවේදනය පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 11 February 2025
රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් සඳහා කැබිනට් අනුමැතිය රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් ක්‍රියාවලිය සමාලෝචනය කිරීම සහ කාර්ය මණ්ඩල කළමනාකරණය කිරීම් පිණිස පත් කරන ලද කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 11 February 2025
සේවක අර්ථ සාධක අරමුදලට කළමනාකරණ පද්ධතියක් නව සේවක අර්ථසාධක අරමුදල් කළමනාකරණ පද්ධතියක් නිර්මාණය කිරීම සහ ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 11 February 2025
සපුගස්කන්දට නව පිරිපහදුවක් සපුගස්කන්ද තෙල් පිරිපහදු සංකීර්ණය සංවර්ධනය කිරීම සහ පුළුල් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 11 February 2025
විදුලිය අද කපන්නේ මෙහෙමයි නොහොච්චෝලේ ‘ලක්විජය’ විදුලිබලාගාරයේ ජනන යන්ත්‍ර තුන අක්‍රීය වීම නිසා අහිමිවූ මෙගාවොට් 800 පමණ විදුලි ප්‍රමාණය ආවරණය කිරීම සඳහා පැය එකහමාර බැගින් අද (11) දිනයේ විදුලි සැපයුම අත්හිටුවන ආකාරය ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු ධම්මික විමලරත්න මහතා මීට සුළු මොහොතකට පෙර නිවේදනය කළේය. 11 February 2025
බුද්ධිමය දේපල ලේඛන ඩිජිටල් කරයි ශ්‍රී ලංකාවේ ජාතික බුද්ධිමය දේපළ කාර්යාලයේ ලේඛන ඩිජිටල් කරණය කිරීමේ ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 11 February 2025
ලංකාව අරාබිය අතර ආයෝජන ප්‍රවර්ධන ගිවිසුමක් ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබී එමීර් රාජ්‍යය අතර අන්‍යෝන්‍ය ආයෝජන ප්‍රවර්ධනය සහ ආරක්ෂාව පිළිබඳ යෝජිත ගිවිසුම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 11 February 2025
ගිය වසරේ ආදායම් - වියදම් වාර්තාව ඇමති මණ්ඩලයට රජයේ මුල්‍ය කාර්ය සාධනය පිළිබඳ 2024 හතර වන කාර්තුවේ ප්‍රකාශය අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගෙන තිබේ. 11 February 2025
වී අලෙවි මණ්ඩල පනත සංශෝධනයට වී අලෙවි මණ්ඩල පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 11 February 2025
අපරාධ විසදන්න අලුත් කාර්යාංශයක් රටතුළ ක්‍රියාත්මක වන සහ පසුගිය දිනවල සිදුවූ අපරාධ විසදාගැනීම සදහා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය නමින් නව කාර්යාංශයක් පිහිටු වන බව පොලිස් මූලස්ථානය පවසයි. 11 February 2025
ශ්‍රී ලංකා - වියට්නාම සබඳතා තවදුරටත් තරකළ යුතුයි ශ්‍රී ලංකාව සහ වියට්නාමය වසර 55 කට ආසන්න කාලයක් තිස්සේ පවත්වාගෙන යන තානාපති සබඳතා, ඉදිරියේදී තවදුරටත් ශක්තිමත් කිරීමට පියවර ගතයුතු බව වියට්නාම තානාපතිනී ට්‍රින් තයි ටැම් මහත්මිය පැවසුවාය. 11 February 2025
වරෙන්තුකරු අධිකරණයට ගෙනයද්දී අනතුරින් සැරයන් මරුට සැකකරුවෙකු රැගෙන මතුගම අධිකරණය වෙත යමින් සිටි ත්‍රී රෝද රථයක් අගලවත්ත කැකුලන්දල ප්‍රදේශයේදී කිලෝමීටර් කණුවක වැදී අනතුරට පත්වීමෙන් පොලිස් සැරයන්වරයෙකු මියගොස් කොස්තාපල්වරයෙකු සහ වරෙන්තුකරුවෙකුත් තුවාල ලැබූ බව අගලවත්ත පොලිසිය කියයි 11 February 2025
පොල් කඩන්නා පොල් ගසකඩා වැටී මරුට පොල් කැඩීමට නැගි ගසක කද මැදින් කැඩී අඩි හතලිස් හතක පමණ උසක සිට බිමට වැටුණු පුද්ගලයකුගේ හිස මතට කඩා වැටුණු පොල් ගසෙහි කද කොටසද වැටී ඊට යට වී එම ස්ථානයේදිම ජීවිතක්ෂයට පත්ව ඇතැයි කහතුඩුව පොලීසිය පවසයි. 11 February 2025
ගුරුවරු නැතිව වියළුව පාසලක් වහලා බදුල්ල දිස්ත්‍රික්කයේ වියළුව අධ්‍යාපන කලාපයට අයත් අති දුෂ්කර පාසලක් වන මීගහකිවුල බෝගහපතන විද්‍යාලයේ සේවය සඳහා අද (11) දින එකදු ගුරුවරයකු හෝ නොපැමිණීම හේතුවෙන් අද උදැසන පාසලට පැමිණි දරුවන්ට හිස් අතින්ම ආපසු නිවෙස් බලා යාමට සිදුවූ බව දරුවන්ගේ මව්පියෝ පැවැසූහ. 11 February 2025
විදුලි කප්පාදුවක් හෙට නෑ විදුලි කප්පාදුවක් හෙට (12) ක්‍රියාත්මක නොවන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි. 11 February 2025
ඩුබායි පැන්න පීසීගේ වැඩ තහනම් ගල්කිස්ස පොලිසියේ ගිනි අවි ගබඩාවෙන් ලබාගත් ටි 56 ගිනි අවිය සහ ජීව උන්ඩ 30 නැවත භාර නොදී දිවයිනෙන් ඩුබායි රටට පලා ගිය ආධුනික පොලිස් කොස්තාපල්වරයාගේ රාජකාරී වැඩ තහනමට ලක් කළ බව පොලිස් මූලස්ථානය කියයි 11 February 2025
ලෝක රාජ්‍ය නායක සමුළුව ඇරැඹෙයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද දිනයේදී ‘අනාගත ආණ්ඩු හැඩගැස්වීම’ යන තේමාව යටතේ ඩුබායිහිදී පැවැත්වෙන ලෝක රාජ්‍ය සමුළුව - 2025හි පූර්ණ සැසිවාරයට සහභාගි වීමට නියමිත අතර, සමුළුව අතරතුර, උපායමාර්ගික වශයෙන් වැදගත් වන ද්විපාර්ශ්වික හමු කිහිපයකට සම්බන්ධ වීමටද අපේක්ෂා කරයි. 11 February 2025
යෝෂිතට - ඩේසි ආච්චිට නඩු හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙටුපුත් යෝෂිත රාජපක්ෂ මහතාගේ බැංකු ගිණුම්වල තිබූ රුපියල් මිලියන 59 මුදල ඔහුගේ මිත්තණිය වන ඩේසි’ පොරස්ට් නැමති කාන්තාව සමඟ හවුල් ගිණුමක් ලෙස පවත්වාගෙන යාම හේතුවෙන් ඩේසි ෆොරස්ට් නැමති කාන්තාවට විදෙස් ගමන් තහනමක් පනවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවසීය. 11 February 2025
ප්‍රංශයට යවනවැයි කියා සුපිරි ගේම් දුන් 4 ක් දැලේ ප්‍රංශයට යවන බව පවසා පුද්ගලයකු මෝටර් රථයකින් පැහැරගෙන ගොස් රුපියල් ලක්ෂ 80 ක් බලෙන් වෙනත් ගිණුමකට මාරු කර මුදල් කොල්ලකෑ සැකකරුවන් 4 දෙනකු සමග මෝටර් රථයක් ඊයේ (10) අත්අඩංගුවට ගත් බව යාපනය පොලිසිය පවසයි. 11 February 2025
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026