
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
2029 වසරේ දී ශිෂ්‍යත්ව විභාගය ගැන නැවත තීරණයක් ගන්නා බව අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනවිරත්න මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
සමහර විට ඒ යුගය වන විට නගරයට දරුවන් යැවීමේ මවුපියන්ගේ අවශ්‍යතාවය නැති වී යාමට පසුබිම සැකසේවි යැයි ද නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.
"අප රටට ඉලක්ක සහගත ප්‍රතිපත්ති තිබුණා නම් මේ සමාජ කැළඹීම් එන්නේ නැහැ.ඉලක්කය, මූලධර්ම සහ ක්‍රියා මාර්ගය පදනම් කර ගනිමින් අප කටයුතු කරනවා.අධ්‍යාපනය සඳහා ස්ත්‍රී-පුරුෂ සමානාත්මතාවය ඇති කර තිබෙනවා.අප මේ වැඩ කටයුතු කාල රාමුවක් ඇතිව මෙහෙයවනවා.අපගේ පාසල් අතර භෞතික හා මානව සම්පත් අතර විෂමතාවය ඉතා පුළුල්.අපට ඉදිරියට යාමට සිදුවන්නේ මේ තත්ත්වය මත සිටයි.අදාල ක්ෂේත්‍රයන් සඳහා ගුරු පුහුණුවීම් මේ දිනවල අප අරඹා තිබෙනවා.අප හැම විටම සාකච්ඡා වලට විවෘතයි. හැම විටම සාධනීය විවේචන බාර ගන්නවා. පූර්ව ළමා විය සංවර්ධනය ගැන විශේෂ අවධානයක් යොමු කරනවා. ශිෂ්‍යත්ව විභාගය ක්‍රමයෙන් විකාශනය කොට 2029 වසරේ දී ශිෂ්‍යත්ව විභාගය ගැන නැවත තීරණයක් ගන්නවා.සමහර විට ඒ යුගය වන විට නගරයට දරුවන් යැවීමේ මවුපියන්ගේ අවශ්‍යතාවය නැති වී යාමට පසුබිම සැකසේවි යනුවෙන්ද නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරි සලසුම් ඇතිව බලයට ආවනම්, මොකටද 2029 වෙනකම් ඉන්නේ? තවමත් හදන්නේ රටේ ජනතාව රවටන්න.