
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
නවය වසරේදී දරුවන්ට කැමැත්ත සහ හැකියාවන් මත විෂය තෝරා ගැනීමේ අවස්ථාව නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ ලබා දෙන බව බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී රවින්ද්‍ර බණ්ඩාර මහතා:-(ජා.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.
එය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වල විප්ලවීය ඉදිරිගාමී පියවරක් බවද මන්ත්‍රීවරයා කීය.
"අප බලාපොරොත්තු වන සංස්කෘතික මිනිසෙක් ඇති කරන්න නම් අධ්‍යාපන ක්‍රමයේ වෙනසක් විය යුතුයි.මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යනු අපේ ජනමතයට එරෙහි දෙයක් නොවේ.ඉතිහාස විෂය ඉවත් කර ඇතැයි තවත් දුර්මතයක් යනවා. ඉතිහාසය -සෞන්දර්ය ඉගෙනීම අනිවාර්යයි.පූර්ව ළමා විය සංවර්ධනයේ වගකීම රජය විසින් ගන්නා බව අපේ ප්‍රතිපත්ති ප්‍රකාශයේද සඳහන්ව තියෙනවා.නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වල ඒ කාරණය තිබෙනවා.නවය වසරේදී දරුවන්ට කැමැත්ත සහ හැකියාවන් මත විෂය තෝරා ගැනීමේ අවස්ථාව ලබා දෙනවා.එය මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වල විප්ලවීය ඉදිරිගාමී පියවරක් බව කිව යුතුයි.එමෙන්ම වෘත්තීය හැකියාවන් මත ඉදිරියේදී වෘත්තීය විශ්ව විද්‍යාල බිහිවෙනවා.ශිෂ්‍යත්වය කියන්නේ අනවශ්‍ය පීඩාවක්.පාසල් හැම එකක්ම සමාන තත්ත්වයට ගෙන ඒමෙන් ශිෂ්‍යත්ව විභාගයේ අවශ්‍යතාවය නැතිව යනවා" යනුවෙන්ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හාමුදුරුවරුන්ට දානේ හම්බවෙන්නේ නෑ. පෙරහැර පවත්වන්නේ නැහැ කියලා පට්ටපල් බොරු බේගල් සමාජගත කරපු දූෂිත දේශපාලුවන්ට මොනවා කියන්න බැරිද?
9 වසරේ ඉගෙනුම සඳහා පිවිසෙන්නේ වයස අවුරුදු 14ක පමණ දරුවන්... ඔවුන්ට තනි තීරණ ගන්න තරම් මෝරපු දැනුමක් තිබෙනවද? මේ තීරණ ආණ්ඩුවෙන් ගන්නකොට අදාල පිරිස් වන ගුරුවරුන් දෙමවුපියන් සහ සමාජයේ අනිකුත් අයගේ යෝජනා සලකා බැලුවාද? අධ්‍යාපන ඇමැතිතුමිය රජයේ පාසලක හෝ විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලංකාවේ ලබපු කෙනෙක් නොවෙයි. එසේම එතුමිය පාසල් සහ ළමා අධ්‍යාපනය ගැන විශේෂඥයෙක්වත් නොවෙයි. අපිත් දෙයක් කරා කියලා කරන්න ගිහින් අපේ රටේ අනාගතය නැතිවෙන දේවල් නම් කරන්න එපා.
ඔය කියන දුර්මත පලකරන අයට එරෙහිව නීතිය තරයේ ක්‍රියාත්මක නොකරන්න හේතුව එය දුර්මතයක් නොවන නිසා නේද?
ඔව්, ඉතින් කලා උපාධි අරන් මහා පාරේ යනවා වෙනුවට 9 වසරේ ඉඳන් කැමති පාරට ගියාම හොඳයි.