
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)
ඉතිහාසය හා සෞන්දර්ය 10 -11 වසර වල අනිවාර්ය විෂයට ඇතුළත් කර නෑ.ඉතිහාසය අමතක කරන්න මෙතරම් තැත් කරන්නේ ඇයි?දැයිගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චානක සම්පත් මාදුගොඩ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළේය.
ආණ්ඩුව විසින් මුලින්ම ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන ආරම්භ කළා.නමුත් අද ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන ආ ගිය අතක් නැතිවෙලා.ඊට පස්සේ කිසිම සැලසුමක් නැතුව සත්ව සංගණනය පැවැත්වූවා. ඒකත් අසාර්ථක වුණා.
ඒ වැඩසටහන් වගේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයත් කඩිමුඩියේ අරඹන්න එපා.ඒ සඳහා ක්ෂේත්‍රය ගැන විශාල දැනුමක් තිබෙන උගතුන් සම්බන්ධ කරගෙන කාලයක් අරගෙන ඒ කටයුතු සිදු කරන්න.පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ අදහස්ද ගන්න.
ඉතිහාසය හා සෞන්දර්ය විෂය ගැන ගැටලුවක් මතුවුණා.ඉතිහාසය හා සෞන්දර්ය 10 -11 වසර වල අනිවාර්ය විෂයට ඇතුළත් කර නෑ.ඉතිහාසය අමතක කරන්න මෙතරම් තැත් කරන්නේ ඇයි? එමෙන්ම පාසලේ කාලය දීර්ඝ කිරීම ගැන අපේ එකඟතාවයක් නෑ. ඒ තුළින් දරුවන්ගේ සෞඛ්‍ය පිරිහෙන්න පුළුවන් යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතිහාසයේ දැකපු "ආසියාවේ ආශ්චර්යය, චින්තනය" වාගේ දේවල්වලින් රට දියුණුවේ හිනිපත්තටම ගිහිල්ලා හින්දා, එම විෂයන් අනාගතයට නැතිවුණාට කමක් නෑ. ආශ්චර්යය වාගේ දේවල් වලින් සෞන්දර්යය දෙපාරක් කොහොමද බලන්නේ?
රටම හොරාකාලා විනාශ කරපු දූෂිත පොහොට්ටුවේ අයට මොනවා කියන්න බැරිද? පන්සල් වන්දනාවේ ගිය දූෂිත පාලකයින්ගේ සියලුම කෙරුවවාල් ලෝකෙම දන්නවා.
විපක්ෂයේ ඉන්න සමහර අටවන ශ්‍රේණියවත් සමත් නැති දේශපාලුවන්ගෙන්ද අදහස් ගන්න කියන්න ? මේයා ගැනත් මම හෙව්වා මෙයාගේ අධ්‍යාපන සුදුසුකම් කොහෙවත් සදහන් වෙලා නැහැ ? සමහර විට මේ කියන කතා අනුව මෙයත් එහෙම වෙන්න ඇති කියලා තමයි හිතා ගන්න වෙන්නේ, මොකද ඔයා නොදන්නවා උනාට විෂය ප්‍රමාණිකයන් තමයි ඔය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනා කරන්නේ. දන්නේ නැත්නම් දන්න කෙනෙකුගෙන් අහලා බලලා කතා කරන්න. සමහර විට මෙයාට උපදෙස් දෙන්නේ නාමල් සෑර් වෙන්න ඇති......ඒකයි මේ තරම් ගොන් කතා කියන්නේ !
ලේ වැකුණු ඉතිහාසයක් තියෙන අයට, ඒ ඉතිහාසය අමතක කරවන්න ලොකු වුවමනාවක් තිබෙනවා.
ජනාධිපති ඉතාම හොඳින් වැඩ පිළිවෙළ විස්තර කළා. ඒකවත් තේරුම් ගන්න බැරි මැටි මෝල්ලුන්ගෙන් උපදෙස් ගත්තොත් හොඳට තියෙයි.
සමාජ අධ්‍යයනය කියන විෂය තුළ, ඉතිහාසය, භූගෝලය, සංවර්ධනය කියන විෂයන් ගැබ්වෙලා තියන බවවත්, මෙයා දන්නේ නැද්ද..? එක අතකට, අට වසරවත් සමත් නොවුණු එවුන් ඕවා ගැන දන්නේ..? මීට බොහෝ කලකට ඉහත, මගේ අත්දැකීමෙන් කියනවා නම්, මම සාමාන්‍ය පෙළට කිසිම සෞන්දර්ය විෂයක් කළේ නැහැ. ඒ වෙනුවට, වාණිජ හා ගිණුම් විෂයයි කලේ... මේ නවීන යුගයේ ලංකාවේ දරුවන්ව කොහාට දක්කන්නද? මේ අමනයෝ දඟලන්නේ..! මීට දශක කිහිපයකට කලින් අපි ඉගෙන ගත්තු දේවල් තමයි වර්තමානයේ අපේ දරුවන්ට තවමත් උගන්වන්නේ.. ලෝකයේ අනෙක් රටවල ළමයි අනාගතය වෙනුවෙන් ඉගෙන ගනිද්දී, ලංකාවේ දරුවන්ව අතීතයට රැගෙන යන්නද මේ වැඩිහිටි පරපුර දඟලන්නේ.. සම්මාන සහිතව විභාග සමත් වුවත්, ලංකාවේ විෂය නිර්දේශය අනුව විභාග සමත්, සිසුන්ගේ හා, ජාත්‍යන්තර පාසල් වල එඩෙක්සල් හා කේම්බ්‍රිජ් විෂය නිර්දේශ හදාරපු සිසුන්ගේ දැනුමේ විශාල පරතරයක් ඇති බවවත් මේ අඥානයින් දන්නේ නැද්ද..? ලංකාව කියන මඩ වගුරේ ලොක්කෝ කියලා හිතාගෙන හිටියට ලෝකෙට ගියාම නුගත්තු තමයි නුඹලා.. ඒ වුණාට හිතාගෙන ඉන්නේ, මොවුන් තරම් දන්නා කිසිවෙක් ලෝකේ කොහෙවත් නැහැ කියලයි.
ලෝකයට ගැලපෙන විදියට නැතුව ගතානුගතික ජනතාවක් බිහි වෙනකොට තමයි පපුවට ගහලා, පොළවට වැඳලා හොරාකන්න පුළුවන්...
මව් බිමේ අනාගතයම නැතිකරලාම දාපු නරුම තක්කඩි පොහොට්ටු හැතිකරේ ඉතිහාසය ගැන කතා කරනවා ,අපට පුපෙන් හිනා