
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
එක විෂයක් ගැන පමණක් නොබලා අධ්‍යාපනයේ සමස්ත වෙනස් කිරීම ගැන බලන ලෙස ඉල්ලා සිටින බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රීනී ආචාර්ය කෞශල්‍යා ආරියරත්න මෙනවිය:-(ජා.ජ.බ) පාර්ලිමේන්තුවේ දී කීවාය.
අපට තිබෙන්නේ යටත් විජිතවාදී අධ්‍යාපනයක්.නිදහස් අධ්‍යාපනය ගෙනෙන විට ජාතික අධ්‍යාපන සංකල්පය ගෙනාවා. අපේ දැනුම චින්තනය වෙනස් විය යුතුයි. වටිනාකම් වෙනස් විය යුතුය යන අදහසේ අප ඉන්නවා. මේ ප්‍රතිසංස්කරණ අගමැතිනියගේ වෙනස්කම් කියා ගොඩක් අය කියනවා. මේවා අනුරගේ හෝ හරිනිගෙ වෙනස්කම් නොවේ.මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනාවලියට සහභාගී වූ විශාල පිරිසක් සිටියා.2019 සිට අප මේ කාර්යය අරඹා තිබුණා. එක විෂයක් ගැන පමණක් නොබලා සමස්ත වෙනස් කිරීම ගැන බලන ලෙස අප ඉල්ලා සිටිනවා.මෙය විෂය මාලා ප්‍රතිසංස්කරණයකට ලඝු කරන්න එපා.
ඒ වගේම අප මේ කරන්නේ ජන වරමේ පොරොන්දුවක්.ළමා කාලය අහිමි කරන අධ්‍යාපනයක් අපට අවශ්‍ය නැහැ.
කන්නංගර එදා පටන් ගත්ත වැඩේ අවසන් නැති බව අපේ හැඟීමයි යනුවෙන්ද මන්ත්‍රීවරිය කීවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සියල්ලන්ගේම ජනපති ඇතුලුව අති ලස්සනයි, හදවත නොව පපුවම සෙලවෙනවා කොහොමත් දරුවන් ගැන අපි ඉතා සන්වේදීනේ. කොහොම වෙතත් අද වෙනතෙක් කිසිම දරුවෙක් මට පාසලේ අද්‍යාපන ක්‍රියාවලිය නිසා පාසල් යන්නේ නැහැ කියා නැත. මට ගෙදරට උදව් කරන්න තිබෙන නිසා පාසල් යන්නේ නැහැ නම් අපමණවත් අසා ඇත. දැන් මෙතැන ප්‍රශ්නය ක්‍රමවේදයද දුප්පත්කමද? අධ්‍යාපන වෙනස්කම් වලින් පමණක් එතකොට ඔය කියන ලෝක පුරවැසියා සෑදිය හැකිද? සිතා බැලීමට කරුණක්...
ඔබතුමීලා කලින් බෙරිහන් දුන්නේ අනිත් ආණ්ඩු ඔය ටිකම කරන්න ගියහමනේ. බලාගෙන යනකොට ඔයාලාට අලුත් දෙයක් කියලා දෙන්න දෙයක් නැහැනේ...
සමස්ත වෙනස ගත්තොත් කිසිම වෙනසක් නෑ.. විපක්ෂය තුළදී 70 වසරක සාපය ගැන කිව්ව මිනිස්සු, ඒක ජනගත කලේ මිනිස්සු අන්දලා බව අද රටම දන්නවා. 70 වසරේ සාපය ගැන බෙරිහන් දීලා අහන අයට හපන් මේ අය. අධ්‍යාපනයත් විනාශ කරලා තමයි ගෙදර යන්නේ...
ඔය එක විෂය කියන්නේ ඉතිහාසය, මනුස්සයෙක්ගේ, රටක අනාගතය ගැන හිතන්න බැහැ ඉතිහාසය නොදැන. කවුදෝ කිව්වා සමාජයේ වෙසෙන පොදු ජනතාව ගසක කොළ වැනි කියලා, එම ගසේ මුල් තමයි ඒ සමාජයේ ඉතිහාසය, මුල ඉදිරුනොත් සමාජයක් නැහැ. ජවිපෙ ප්‍රමුඛ මාලිමාවුන් ඉතිහාසයට මේ තරම් අකැමැති මොකද? නිතර බොරු කියන්නේ මොකද දන්නවාද? ඔවුන්ගේ ඉතිහාසය ලේ වැකුණු මළමිනීවල දූර්ගන්ධයෙන් පිරුණු ඉතිහාසයක්, කිසිම තේරුමක් නැති එහෙත් ලස්සන පොරොන්දු දීලා ඒ ඉතිහාසය වහගෙන මිනිස්සු රැවට්ටුවාට අපව රවටන්න්න ඔවුන්ට බැහැ...
මෙයාලගේ ජරා ඉතිහාසය සහ, දෙමළ ඩයස් පෝරාවට අවශ්‍ය සිංහල ජාතියේ උපත ගෑන අයින් කරන්න ඕන නිසා මුන් ඉතිහාසය තෝරා ගැනීමේ විෂයට දමා තිබෙන්නේ, ඒවගේම මෙයා ආචාර්ය උනාට නිදහස් අධ්‍යාපනයේ පියා ලෙස හදුන්වන කන්නන්ගර මැතිතුමාට ගෞරව විඳියට අමතන්න බැරි බුද්ධියක් නැති හීනමානයෙන් පෙළෙන ලෙඩෙක්.
ලොකු ඉස්කෝල වල කරන වැඩකට නෑති මුදල් හම්බ කරන ප්‍රවර්ධන වැඩ සටහන් ඉක්මනින්ම නවත්තන්න. අර Walk Me Walk… රටේ නෑති සෙණකෙලී… දෙමාපියන්ට ඒවා විශාල බරක්. සමහර ඉස්කෝලවල තියෙන වාර්ෂික සංගීතේ, කොන්සට් වලට ටිකට් භාරගන්න දෙමාපියන්ට ඒවා අනිවාර්යෙන් ගන්න කියනවා. අනවශ්‍ය ලෙස මුදල් ගැරිලි වහාම නවත්තන්නත් පියවර ගන්න ඉක්මනටම. ඕක ලොකු ඉස්කෝලවල විශාල ජාවාරමක්.