IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


බොරු තොරතුරු වලට වැට බඳින ප්‍රකාශයකට අත්සන් කරයි

(අංජුල මහික වීරරත්න සහ නිමල කොඩිතුවක්කු)

කාම්බෝජයේ, සියම් රීප් හි පැවති 20 වන ආසියානු මාධ්‍ය සමුළුවේ සමාප්ති උත්සවයේ දී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අන්කෝර් මුලපිරීම 2.0 (Angkor Initiative 2.0) ප්‍රකාශනයට අත්සන් තැබීය.

මෙම ප්‍රකාශනය මගින්  සාවද්‍ය තොරතුරු වලට එරෙහිව කලාපීය උත්සාහයන් ශක්තිමත් කිරීමට සහ තොරතුරු අඛණ්ඩතාව ප්‍රවර්ධනය කිරීමට කටයුතු කරනු ලබයි.

විකාශන සංවර්ධනය සඳහා වන ආසියා ශාන්තිකර විකාශන ආයතනය (AIBD) විසින් සංවිධානය කරන ලද සහ කාම්බෝජයේ තොරතුරු අමාත්‍යාංශය විසින් පවත්වන ලද ආසියානු මාධ්‍ය සමුළුවට කලාපයේ රටවල මාධ්‍ය විෂය භාර අමාත්‍යවරු මාධ්‍ය ආයතන ප්‍රධානීහු සහ වෘත්තිකයෝ ඇතුළු විදේශීය නියෝජිතයෝ 200 කට අධික සංඛ්‍යාවක් සහභාගී වූහ.

කාම්බෝජයේ තොරතුරු අමාත්‍ය නෙත් ෆීක්ත්‍රා (H.E. Neth Peaktra) සහ ආසියා ශාන්තිකර විකාශන ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ෆිලෝමේනා ඥානප්‍රගාසම් (Ms Philomena Gnanapragasam) මහත්මියගේ දේශන සමඟින් ජූලි 22 වන දින මෙම සමුළුව කාම්බෝජයේ දී ආරම්භ විය.



අදහස් (1)

බොරු තොරතුරු වලට වැට බඳින ප්‍රකාශයකට අත්සන් කරයි

Chandana Thursday, 24 July 2025 02:53 PM

කාට බොරු කිව්වත් ?

:       2       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 322 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2136 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1620 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site