(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
"ඔබතුමා කට වහගන්න" යන ප්‍රකාශයෙන් කතානායකවරයාට අපහාසයක් හෝ අපහසුතාවයක් ඇතිවූයේ නම් එම ප්‍රකාශය ඉවත් කරගන්නා බව සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රීනි රෝහිනී කුමාරි විජේරත්න මහත්මිය පාර්ලිමේන්තුවේදී අද (24) පැවසුවාය.
මෙම ප්‍රකාශයෙන් පසු කතානායකවරයා තමාගේ හැදියාව
සම්බන්ධයෙන් ප්‍රශ්න කළ බවත් ප්‍රකාශය මෙසේ ඉල්ලා අස්කර ගැනීමෙන් ඔහුගේ ඒ ප්‍රශ්නයට ද පිළිතුරක් ලැබෙන බවත් විජේරත්න මහත්මිය කීවාය.
මධ්‍යස්ථව සිටිය යුතු භූමිකාවක් අන්තවාදී ලෙස කටයුතු කරද්දී මෙවැනි ප්‍රකාශ ඉබේම පිටවිය හැකි බවද ඇය සඳහන් කළාය.
රෝහිනී කුමාරි විජේරත්න මහත්මිය මෙසේ පැවසුවේ කතානායකවරයාට ‘ඔබතුමා කට වහගන්න’ යැයි පෙරේදා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඉන්න කතානායක තුමා, කලින් හිටපු පක්ෂග්‍රාහී පොලී මුදලාලි වගේ කියලා හිතාගෙන ඉන්න ඇති...?
කතානායක වෙනුවට චමුදිත දැම්මා නම් හරි... එයාගෙන් පොඩි හරි චාන්ස් එකක් ලැබෙනවා...
මෙයාගේ කොහොමත් දන්නවා වැඩිකමට කට ටිකක් සද්ද වැඩියි. ආණ්ඩුව රට හොඳට කරනවාට තියෙන ඊර්ෂ්‍යාව. නැත්නම් වෙන මොකක්ද?
කෝ අර බයියෝ දෙන්නා ගුණරත්න සහ යෝගා?