කටුනායක ගුවන්තොටුපොළ දොරටු ජනවාරියේදී සංචාරකයන්ට ඇරෙයි එළඹෙන ජනවාරි මාසයේදී කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ සංචාරකයන්ට යළි විවෘතකිරීමට එහි බලධාරීන් තීරණය කර තිබේ. 07 December 2020
ළමෝ පාසලට එති:ගුරුවරු නැහැ ඇල්පිටිය අධ්‍යාපන කලාපයට අයත් නවදගල මහා විද්‍යාලයේ දරුවන් 59 ක් පමණ අද පාසලට පැමිණ ඇතත් ගුරුවරු අද (07)පාසලට පැමිණ නැතැයි වාර්තාවේ. 07 December 2020
ගාල්ල අධ්‍යාපන කොට්ඨාසයේ සියලුම පාසල් වහයි අයහපත් සෞඛ්‍ය තත්වය හේතුවෙන් ගාල්ල අධ්‍යාපන කොට්ඨාසයේ සියලුම පාසල් හෙට (07) සිට නැවත දැනුම් දෙන තුරු වසා තැබීමට තීරණය කල බව දකුණු පලාත් අධ්‍යාපන ලේකම් රංජිත් යාපා මහතා පැවසීය. 06 December 2020
නිර්මාණය කළ නඩු ඉහළ උසාවියේදී බිඳවැටෙනවා අපරාධ නඩු සම්බන්ධයෙන් වැඩ කළ නිතිවේදියෙක් ලෙස තමන් දන්නා දේ නම්, නිර්මාණය කළ නඩු ඉහළ උසාවි වල විභාග කිරීමේ දී සාක්ෂි විමසීම්වල දී බිඳ වැටෙන බව යැයි අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා කියා සිටියේය. 06 December 2020
රුපියල් කෝටි 300 ක මත්ද්‍රව්‍ය අල්ලයි ඩුබායි රටේ සැඟව සිටින ජූඩ් නැමති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු විසින් මෙරටට බෝට්ටු මගින් එවන ලද බව කියන රුපියල් කෝටි 300 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් මත්කුඩු සහ අයිස් මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගත් බව සුරාබදු කොමසාරිස් ජනරාල් ඒ. බෝඩරගම මහතා පැවසීය. 06 December 2020
ප්‍රභූ ආරක්ෂකයන් 44 කට කොරෝනා ප්‍රභූ ආරක්ෂකයන් 44 දෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. 05 December 2020
මහනුවර පාසැල් තවත් සතියක් වසා දමයි මහනුවර නගර සීමාවේ වසා දැමු පාසැල් 45 තවත් සතියක් යන තුරු වසා දැමීමට තීරණය කළ බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතා පැවැසීය. 04 December 2020
පාම් ඔයිල් සමාගම් නිසා රේගුවට රුපියල් කෝටි 613 ක් අහිමි වෙයි මෙරටට පාම් ඔයිල් ආනයනය කළ ප්‍රධාන පෙළේ සමාගම් දෙකක් නිසා ශ්‍රී ලංකා රේගුවට රුපියල් මිලියන 6130 ක් අහිමිව ඇති බව පාර් ලිමේන්තුවේ රජයේ ගිණුම් කාරක සභාවේදී අනාවරණය විය. 04 December 2020
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට කෙළ ගැසූ සැකකරු රිමාන්ඩ් බණ්ඩාරගම අටලුගම දී මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන්ට තර්ජනය කර කෙල ගැසූ කොරෝනා වෛරසය ආසාදිත සැකකරු පානදුර අධිකරණයට ස්කයිප් තාක්ෂණය ඔස්සේ ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 17 දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා නියෝග කළේය. 04 December 2020
පාස්කු ප්‍රහාරයේ විමර්ශන නිසි ලෙස නොවුණොත් විකල්ප හොයන්න වෙනවා පාස්කු ප්‍රහාරය පිටුපස සිටින බලවේග සොයා දඬුවම් දෙන බවට වත්මන් ජනාධිපතිවරයා සහ රජය දුන් පොරොන්දුව ඉටු නොවුවහොත් ඒ සඳහා විකල්ප සොයන්නට සිදුවන බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ. 03 December 2020
සාමාන්‍යපෙළ විභාගය මාර්තුවේදී අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය ලබන මාර්තු මාසයේදී පැවැත්වීමට හැකිවනු ඇතැයි අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පැවසීය. 03 December 2020
ඩල්ජිත් අලුවිහාරේ මාතලේ නගරාධිපති ධුරයෙන් ඉවතට මාතලේ නගරාධීපති ඩල්ජිත් අලුවිහාරේ මහතා මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු ගමගේ මහතා විසින් එම ධූරයෙන් පහ කරනු ලැබ ඇත. 03 December 2020
යාපනයේ 1589ක් පීඩාවට - නිවාස 156කට හානි උතුරු පළාතට නොකඩවා ඇදහැලෙන අධික වර්ෂාව හා සුළං තත්වය හමුවේ යාපනය දිස්ති‍්‍රක්කයේ පවුල් 459 ට අයත් පුද්ගලයින් 1589 දෙනකු පීඩාවට පත්ව ඇතැයි යාපනය දිස්ති‍්‍රක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 03 December 2020
බැසිල්ගේ විදෙස් ගමන් තහනම ඉවතට හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට ගම්පහ මහාධිකරණය මගීන් පනවා තිබු විදෙස් ගමන් තහනම ගම්පහ අංක 01 මහාධිකරණ විනිසුරු නිමල් රණවීර මහතා අද (02) ඉවත් කලේය. 02 December 2020
උතුරේ සියලු පාසල් දින දෙකක් වසා දමයි බූරවී සුලි කුණාටු තත්වය හේතුවෙන් උතුරු පලාතට පවතින අවධානම සලකා උතුරේ සියලුම පාසල් හෙට (03) සිට දින දෙකක් වසා තැබීමට පියවර ගත් බවට උතුරු පලාත් ආණ්ඩුකාර පී.එස්.එම්.චාල්ස් මහත්මිය පැවසුවාය. 02 December 2020
මහර කැරැල්ලේදී මියගිය රැඳවියන් 9කට කොරෝනා මහර බන්ධනාගාරය තුළ ඇතිවූ කැරැල්ලේ දී මියගිය රැඳවියන් 9දෙනෙකුට කොරෝනා වයිරසය ආසාදිත වී ඇති බවට පී. සී. ආර්. පරීක්ෂණවලින් තහවුරු වී ඇතැයි රාගම රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතා පැවසීය. 02 December 2020
කොවිඩ් මරණ ආදාහනයට එරෙහිව ගොනු කළ පෙත්සම් 12ම ඉවතට කෝවිඞ් 19 වෛරසය ආසාදනය වී මරණයට පත්වන්නන්ගේ සිරුරු ආදාහනය කිරීමෙන් මුස්ලිම් ජාතිකයින්ගේ මූලික අයිතිවාසිකම් කඩවන බැවින් , එම වසංගතයට ගොදුරු වී මියගිය අයගේ සිරුරු ආදාහනය කළ යුතු බවට රෙගුලාසි පනවමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය බල රහිත කරන ලෙස ඉල්ලා මුස්ලිම් දේශපාලන පක්ෂ නායකයින් ,පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් සහ සිවිල් වැසියන් පිරිසක් විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් 12 විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (01) තීන 01 December 2020
මහර සිද්ධිය ගැන සෙවීමට කමිටු හතරක් මහර බන්ධනාගාරයේ ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට මේ වන විට කමිටු 4ක් පත් කර ඇතැයි, සම කැබිනට් ප්‍රකාශක, බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසීය. 01 December 2020
සාමාන්‍ය පෙළ කල් යයි අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය කල් දැමීමට සිදු වන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරීස් මහතා ප්‍රකාශ කළේය. 01 December 2020
තවත් රැඳවියෙක් මරුට-තුවාලකරුවෝ 105යි මහර බන්ධනාගාරයේ සිදුවූ රැඳවියන්ගේ කැරැල්ලේදී තුවාල ලැබීමෙන් තවත් රැඳවියෙකු මරුමුවට පත් වී තිබේ. ඒ අනුව, ඊයේ වනවිට සිටි තුවාලකරුවන් සංඛ්‍යාව 69 සිට 105 දක්වා වැඩි වී ඇත. 01 December 2020
මහර බන්ධනාගාරයේ කලහයට මැදිවූ රැඳවියන් 61 කට කොරෝනා මහර බන්ධනාගාරයේ ඇති වූ වෙඩිතැබීමේ සිදුවීමෙන් බරපතළ තුවාල ලබා රාගම මහ රෝහලට ඇතුළත් කළ රැඳවියන් 61දෙනාට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු වූ බව රාගම මහ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය සරත් ප්‍රේමසිරි මහතා පැවසීය. 30 November 2020
ලංගම - පෞද්ගලික බස්සේවා ඒකාබද්ධ කරයි පාසල් සහ කාර්යාල සේවාවන් ආරම්භ කිරීමත් සමඟ ධාවනය කරනු ලබන බස් රථ සංඛ්‍යාව ප්‍රමාණවත් නොවීම හේතුවෙන් ගමනා ගමන මණ්ඩලය සහ පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගම් ඒකාබද්ධව බස් රථ ධාවනය කිරීමට එකඟතාවයකට පැමිණි බව ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා පැවසීය. 30 November 2020
බන්ධනාගාර ගැටුමින් 8ක් මරුට මහර හිරගෙදර ඊයේ (29) රාත්‍රියේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීම සඳහා බන්ධනාගාර නිලධාරීන් එල්ල කරන ලද වෙඩි පහරට ලක්වී රැඳවියන් 8 දෙනෙකු මියගොස් 50 දෙනකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පැවසීය. 30 November 2020
මහර මහ යුද්ධයෙන් මරණ 6යි-රැඳවියන් 35කට තුවාල මහර බන්ධනාගාරයේ ප්‍රධාන දොරටුව බිඳගෙන පලා යාමට රැඳවියන් ගත් උත්සාහයකදී බන්ධනාගාර නිලධාරීන් කළ වෙඩි තැබීමකින් මිය ගිය රැඳවියන් ගණන 6 දක්වා ඉහළ ගොස් ඇතැයි ආරංචි මාර්ග අනාවරණය කරයි. 30 November 2020
මහර බන්ධනාගාරයේ මහ යුද්ධයක් - 4 ක් මරුට මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තාවයෙන් පසුව දැනට රාගම රෝහලට මළ සිරුරු 4 ක් රැගෙන ආ බවත්, මේ වන විට තුවාල ලැබූ රැඳවියන් 25 දෙනෙකු රෝහලේ ප්‍රතිකාර ලබන බවත් රෝහල් අධ්යක්ෂවරයා පවසයි. 29 November 2020
කොළඹ-ගම්පහ තවත් ප්‍රදේශ කිහිපයක අගුලු අරී කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක දෙකෙහි ප්‍රදේශ කිහිපයක හුදකලා තත්ත්වය ඉවත්කිරීමටත්, තවත් ප්‍රදේශ කිහිපයක තවදුරටත් හුදකලා තත්වය ක්‍රියාත්මක කිරීමටත් තීරණය කර ඇතැයි කෝවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. 29 November 2020
ක්‍රීඩාව කියන්නේ අපව හැමදාම එක්කළ මහපොදු සාධකයයි නාමල් රාජපක්ෂ ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යවරයා යටතේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකටම ප්‍රධාන ක්‍රීඩා පිටියක් බැගින් ලබාදීමට නියමිත බව පොදුජන පෙරමුණු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා අද(28) පාර්ලිමේන්තුවේදී ක්‍රීඩා අමාත්‍යංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදයට එක්වෙමින් පැවසීය. 28 November 2020
කොරෝනා මරණ 100 පනී - අදට 8 යි කොරෝනා ආසාදිත තවත් පුද්ගලයන් අටදෙනකු අද (27) දිනය තුළදී මිය ගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි. 27 November 2020
ඉතියෝපියාවේ යුධ කලාපයක සිරව සිටි ශ්‍රී ලාංකිකයෝ 38 ක් බේරා ගැනෙති ඉතියෝපියාවේ උතුරු කොටසේ පිහිටි යුද කලාපයක් වන ටයිග්‍රේ ප්‍රදේශයේ සිරවී සිටි ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 38 දෙනෙකු බේරා ගැනීමට හැකි වූ බව විදේශ අමාත්‍යාංශය කියා සිටී. 27 November 2020
කොවිඩ් ආසාදිතයකු පාසලට ආවැයි දෙමාපියෝ දරුවන් රැගෙන යති පොලොන්නරුව හිගුරක්ගොඩ අධ්‍යාපන කලාපයේ මින්නේරිය ජාතික පාසල අද (27) දිනයේ ආරම්භ කර ස්වල්ප වේලාවකින් දෙමාපියන් පැමිණ දරුවන් රැගෙන ගිය බව එම පාසලේ විදුහල්පතිවරයා පැවසීය. 27 November 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026