
(සුජිත් හේවාජුලිගේ)
කොරෝනා වසංගතය බැරෑරුම් අභියෝගයක් වුවත් ඒ අභියෝගය බාර ගෙන ජනතාවගේ අරමුණු ඉටු කිරීමට හැකි උපරිමයෙන්ම කටයුතු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය අමතමින් මීට සුළු මොහෝතකට පෙර ප්‍රකාශ කළේය.
මේ අරමුණු ඉටුකර ගැනීමට බුද්ධිමත් ජනතාව තමාටත් තම රජයටත් දිගටම සහයෝගය ලබාදෙනු ඇතැයි බලාපොරොත්තු වන බව පැවැසූ ජනාධිපතිවරයා රටට සෞභාග්‍ය උදාකර ගත හැක්කේ සියලු දෙනා නිසි සැලැස්මක් ඇතිව වෙහෙස වී වැඩ කළහොත් පමණකැයි ද සඳහන් කළේය .
රටේ ජනගහනයෙන් එක් කෝටි තිස් ලක්ෂයකට මේ වසරේ සැප්තැම්බර් මාසය වනවිට කොරෝනා මර්දන එන්නත් ලබාදීමට අපේක්ෂා කරන බවත් වයස 30ට වැඩි සියලු දෙනාද මේ කාලයේදී එන්නත්කරණයට ලක්කරන බවත් ඔහු පැවසුවේය.
ජනතාව තමා ජනාධිපති තනතුරට පත් කළේ විශාල බලාපොරොත්තු ඇතුව බව කී ගෝඨාභය රාජපක්ෂ මහතා මොන තරම් බරපතළ ප්‍රශ්න මැද්දේ වුවත් ඒ බලාපොරොත්තු ඉටු කිරීමට තමා බැඳී සිටින බවද අවධාරණය කළේය.
රට මුහුණ දී සිටින ගැටලුවලින් මුදාගෙන ජනතාවට සෞභාග්‍ය උදා කිරීමේ අරමුණ වෙනුවෙන් තමා කැපවෙන බවද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.
තමා හැම විටම ක්‍රියා කරන්නේ සැලසුමකට අනුව බවත් අනාගතය සැලසුම් කරන විට අතීතය අමතක නොකර වර්තමානය හොඳින් විමසා වටහා ගත යුතු බවත් රාජපක්ෂ මහතා පැවසුවේය.
රටේ ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වූ සැලසුම් ගෝලීය කොරෝනා වසංගතය නිසා ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කිරීමට නොහැකි වාතාවරණයක් ඇති වූ බවත් ගෝලීය කොරෝනා වසංගතය වසංගතය අද මෙරටට පමණක් නොව සමස්ත ලෝකයටම බරපතළ ගැටලුවක් වී ඇති බවත් ජනාධිපතිවරයා පැවසුවේය.
කොරෝනා සාර්ථකව පාලනය කිරීමට නම් රජය පැනවූ දැඩි සමාජ දුරස්ථතා නීතිවලට ජනතාව වගකීමෙන් සහාය දිය යුතු බව පැවසූ රාජපක්ෂ මහතා සෞඛ්‍ය ආරක්ෂාව ගැන සැලකිලිමත් වන්නේ යැයි කෙතරම් උපදෙස් දුන්නත් සමහර ජනකොටස් එයට සම්පූර්ණ සහාය නොදුන් බවද සඳහන් කළේය.
සිංහල අවුරුදු සමයේ දී ජනතාව අවිධිමත්ව විශාල ලෙස කණ්ඩායම් ගැසී සංචාරය කිරීමේ අතුරු ප්‍රතිඵලයක් ලෙස රට දැන් කොරෝනා තුන්වෙනි රැල්ලකට මුහුණදී ඇතැයිද ජනාධිපතිවරයා කීවේය.
පුද්ගල ප්‍රතිරූප පිම්බීම සඳහා ප්‍රචාරණ කටයුතු නොකළාට ආණ්ඩුවක් කරන වැඩ ගැන ජනතාව දැනුවත් විය යුතු බවත් එසේ නොවුණහොත් දේශපාලන අවශ්‍යතාව මත වැරදි තොරතුරු ජනගත කිරීමට ආණ්ඩුවේ ප්‍රතිවාදීන්ට අවස්ථාව ලැබෙනු ඇති බවත් ඔහු පැවසුවේය.
මෙහි ප්‍රතිඵලයක් ලෙස සත්‍ය යටපත් වී බොරුව ජය ගැනීමට ඉඩ ඇතැයිද ප්‍රකාශ කළේය.
සමාජ මාධ්‍යවල ප්‍රශ්න කෙරුණේ ප්‍රශ්නගත සිද්ධීන් පමණක් බවත් කොරෝනා අර්බුදය මැද රජය කරගෙන ගිය සංවර්ධන ව්‍යාපෘතිවලින් රටට ජනතාවට ලැබුණු ප්‍රතිලාභ ගැන කිසිවකුත් කතා නොකළ බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.
සමහරුන් තමන්ගේ පෞද්ගලික ඉල්ලීම් ඉටු නොවුණා කියා රජය සමග අමනාප වී රජය අසාර්ථක යැයි මතයක් ජනගත කිරීමට අද උත්සාහ දරන බවක් පෙනෙන්නට ඇතැයි කී ඒ මහතා තමාට අවශ්‍ය වන්නේ කීපදෙනකු සතුටු කිරීම සඳහා ප්‍රතිපත්ති වෙනස් කිරීම නොව තමා පොරොන්දු වූ ආකාරයට සෞභාග්‍යයෙ දැක්ම මනාව ක්‍රියාත්මක කිරීම යැයි ද ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමා බැසිල් ගාවගත්තොත් නම් ඉවරයි.
අනේ මන්දා... මොනවද මේ කියන්නේ..?
අන්තර්ගතය ගැන කතා කරලා වැඩක් නැහැ. නිෂ්පාදනය නම් අජූතයි. මේකටද අර දෙන්නෙක් ගත්තේ?
ජනාධිපතිතුමනි. ඔබ ජාතිය අමතා කළ කතාවේත් ඔබ ප්‍රමුඛ රජයෙන් ගසන ගැසට් නිවේදන අතර වෙනසක් නැත. මක්නිසාද යත් මහපොලවේ යතාර්ථය එය නොවන බැවිනි. එසේම එල්ල වන විවේචන පිළිබඳව මීටා වඩා අවබෝධයෙන් බලන ලෙස ඉල්ලා සිටින අතර මෙය පුද්ගල හානියකට වඩා ජාතියකට කරන හානිය අතිමහත්ය. මේ අයුරින් නම් යලි සංචරන සීමා කියා පෙන්වන විහිලු සංදර්ශන නොපෙන්වන ලෙසද ඉල්ලමි...
සිඟිති ආතල් ගන්න ෆේස්බුක් හා වට්ස් ඇප් පෝස්ට් දාන නංගිලා, මල්ලිලාට යථාර්තය මතක්කරදී කළයුත්තේ කුමක්දැයි සඳහන් කරන කදිම කථාවකි...
ඔබතුමා ජාතිය අමතන වෙලාවේ! අන්න අරහේ මනුස්සයෙක්ව පැහැරගෙන ගිහිල්ලා, ගෙදර අය කියන්නේ සී.අයි.ඩී.. එකෙන් ආවා කියලා!
නියම කතාවක්... මේක තමයි ඇත්ත.
හැමෝම දවසේ හොඳම ටෙලිනාට්‍ය ටික බලන වේලාව නැතිවුණා. කතාව දැනුනේ අයවැය කියවනවා වගෙයි. නැගිට ගිහින් හෑන්ඩ් ප්‍රී එකත් ගහගෙන පැරණි හින්දි ගීත ටිකක් ඇහුවා. ඇත්තටම, හරි රසවත් සින්දු ටික...
වසල පාලනයකින් රටටම කෙළ වී ඇත. හොර, මැර, වංචා, අල්ලස්, අවනීතිය සඳහා ඉතා හොඳ තෝතැන්නක් වී ඇති රට මේ සාපයෙන් ගැලවීමට 2024 දක්වා බලා සිටීමට සිදු වී ඇත. ඉදිරි මාස 06 තුළ රට තුළ කහ හැර අනෙකුත් සියළුම ආහාර ද්‍රව්‍යයන් හිඟයක් ඇති වීමටත්, බොහෝමයක් වටිනා සම්පත් සහ සේවාවන් විදේශිකයින් සහ ලාංකික සුපිරි වංචනිකයින් කීප දෙනකු හට අයිති වීමටත් අවශ්‍ය කරුණු ක්‍රමිකව සැකසෙමින් ඇති බව ඉතා පැහැදිලිය. රටේ පාලකයා නැවත පියවි සිහියට පැමිණ, මැතිවරණවලට පෙර සිදුකරන ලද පොරොන්දු පිළිබඳ අවධානය යොමු කිරීමට බුද්ධිය පහළ වේවා යැයි ප්‍රාර්ථනා කරමු...
සර් සම්පූර්ණයෙන්ම අසමත්...
ගිය පෝය දවසේ එකක් ඉටු වුණා. අපිට හරි සතුටුයි.
මේ ටික කාලෙට ලොක්කා කරපු දේවල් දැක්කාම අපිට ඇතිවන දුක, කණගාටුව කියලා නිමකරන්න බැහැ. ඔබලා දුන් සෑම පොරොන්දුවක්ම අමු අමුවේම කඩකළා. ඔබ මම කෙරුමා කියන්න එපා. කරපු හැම දෙයක්ම දැන් ඔය කතාවට විරුද්ධ දේවල්... ඔබ ලැජ්ජා ඇති පාලකයෙක් හෝ දුරදකින පාලකයෙන් නෙමෙයි. ආඩම්බරකම, උද්දච්චකම ඔබට විනාශය ගෙනදේවි.. එතකම් බොරු පම්පෝරි ගහන්න.
ජනතාව වැරැදි ලෙස හැසිරුණා කියලා එතුමා කියන්නේ අර තොණ්ඩමන් මහත්තයාගේ අවමගුල් උත්සවයේ වෙන්න ඇති.
ප්‍රශ්න අංක 1 - කුඩු දුමින්ද නිදහස් කිරීම සෞභාග්‍ය දැක්මේ සඳහන් වන පිටුව කුමක්ද? ප්‍රශ්න අංක 2 - කුඩු දුමින්ද නිදහස් කිරීමෙන් ඉටුවන ජනතා අරමුණ කුමක්ද?
බොරුවම තමයි තියෙන්නේ... දැන් හොඳටම ඇති.
කටින් බතල සිටවීමෙන් ඵලක් නැත... අතින් වැඩ මිසක් වෙන සරණක් නොමැත... සුළං විදුලි හෙන පුපුරා... මුළු දියත... වැස්ස නොමැතිනම් කුමක්ද ලැබෙන සෙත...
ආපු ගමන් වැලි පර්මිට් අහෝසි කරලා රටම හාරන්න දෙද්දී මම දැනගත්තා ඉදිරියට මෙහෙම වෙයි කියලා...
තව තවත් සිර කරුවන් නිදහස් කිරීම ....
ඔය වගේ කතා කලිනුත් කියලා තියෙනවා... අනේ මහත්තයෝ. කියන්නේ එකක් කරන්නේ එකක්... කටින් බතල හිටවන්නේ නැතුව මෙදා පාරවත් කරලම පෙන්නන්නකෝ මහත්තයෝ...
කතාවේ සාරාංශය - මම තමයි හොඳටම කළේ....
ඔව් කිව්වා. එන්න කලිනුත් කිව්වා.
මොහු අපේ බලාපොරොත්තුව නම් හරියටම කරනවා. දැන් දුමින්දවත් නිදහස් කලේ...
ජාතිය නෙමෙයි මොකක් ඇමතුවත් දේශපාලන කතාවලට බොරුවට ආගමික ස්ථාන පිටිපස්සෙන් දාන එක නවත්තන්න... එක පාරක් අනුරාධපුරේ ගියා. ආගමත් කාලා ඒකත් විකුණනවා. හැමෝම එකයි...
මිනීමරුවන් නිදහස් කිරීමද ජනතාවගේ අරමුණ...?
රාජ්‍ය නායකයෙකු කල අසාර්ථකම කතාව, අඩුගානෙ මේක සජීවවත් කරන්න තිබුණා... පසුබිමට රුවන්වැලි සෑය දැම්මේ ජනතාව රවටන්න නොවේද? ඒකෙන් වුනේ තවත් වියදම් කරලා අනුරාධපුරේ ගිහින් කරපු කතාවක් පස්සේ දාලා මිනිස්සු රවටපු බව, මේ වෙලාවේ ඕක කොතන කළාම මොකද? ජනතාවට පසුබිම අදාලද? මොනවත් අලුත් දෙයක් මිස, දැන් පාස්කු ප්‍රහාර මොකටද? අඩුගානේ ඒක කරපු එක් අයෙකුටවත් නඩු දාලද? අහෝ මෙතුමාගේ උපදේශකයන්..
රාත්‍රී 9 වෙනකොටත් අනුරාධපුරයේ රුවන්වැලි සෑ සමිඳුන් අභියසට ඔය තරම් හිරුඑළිය වැටුනේ කොහොමද කියලා නිෂ්පාදක කණ්ඩායම මීට වඩා හිතලා බලන්න තිබුණා. කතාවේ අන්තර්ගතයට වඩා වැඩේ අලකරගෙන තියෙන්නේ අර දෙන්නගේ කොයි එක්කෙනාද කියලා තමා මිනිස්සු අහන්නේ...
ජනතාවගේ අරමුණු කොහොම වෙතත් පවුල් පාලනේ අරමුණු නම් ඉෂ්ට වෙයි. ගෙදර බල්ලෝ පූසෝ විතරයි අඩු...
ඔය මුකුත් කරන්න එපා. පැණික් වෙන්න එපා. වෙලාවට ඡන්දෙ තියලා ගෙදර යන්න...
ජනපතිගේ ප්‍රකාශය සම්බන්ධයෙන් වැල නොකැඩී විවේචන එල්ල කරන අයට පිළිතුරු සපයමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ න්‍යායාචාර්යවරයකු විසින් සමාජ මාධ්‍ය ඔස්සේ පළකර තිබුණු සටහන් කිහිපයක මෙලෙස සඳහන් කර තියෙනවා දැක්කා." අර්බුදකාරී සමයක කළ ජනපතිගේ ආමන්ත්‍රණය උපරිමයෙන් ප්‍රශස්තයි, රාජ්‍ය තාන්ත්‍රිකයි. රාජතාන්ත්‍රික කතාවක වැරදි සොයාගත නොහැකි පිරිස් කතාව පටිගත කළ පසුබිම එහි වර්ණ සහ කැමරා උපකරණ ආදිය පෙන්වමින් සිය ආතතිය පිටකරමින් ඇත.
දැන් ඉතින් හොඳටම ඇති. කරන්න තියෙන උපරිමය නම් අපේ රට ඔය රාජපක්ෂ පවුල් වාදයෙන්... බේරලා දෙන එක... පුළුවන්ද?
ජනතාවගේ අරමුණ ඉටුකරන්නේ වලට ගියාම වෙන්න ඇති...
එයා තමයි අපිට හොඳටම කරේ...
බලලෝභී, බඩගෝස්තරවාදී, දූෂිත දේශපාලුවන්ගේ බොරු බේගල්වලට ජනතාව රැවටුණු එකයි අන්තිමට සිද්ද වුනේ. සෞභාග්‍යයේ දැක්ම පවුල් පාලනේ අයට මිසක් ජනතාවට නෙවෙයි. මේ වගේ පවුලේ හතර වරිගේම ඉන්න අයට ගිය රටක් ලෝකෙම නැතුව ඇති...
මම දැනන් හිටියේ නැහැ මිනිහෙක්ට මෙච්චර දේවල් ආගමික සිද්ධස්ථානයකුත් ළඟ ඉඳගෙන කියන්න පුළුවන් කියලා. මම හිතන් හිටියේ අසාර්ථකම කෙනා සිරිසේන කියලා. බැලින්නම් නන්දසේන ඊට වඩා අසාර්ථකයි. මම හිතන්නේ ඊළඟට එන්නේ මීටත් වඩා අසාර්ථක එක්කෙනෙක් වගේ..
මෙම කතාව පටිගත කිරීමේ වැඩ කටයුත්ත භාරව සිටියාය කියන ප්‍රසිද්ධ ගායක යුවලක් සහ මාධ්‍ය වේදියෙක් වෙත උපදෙසක් දෙමින් කවුදෝ සැර වචන වගයක් අන්තර් ජාලයේ පල කර තියෙනවා දැක්කා.
ඡන්දයට කළින් කිව්ව දේවල්ම නේද? මෙහෙම බඩු ගණන් වැඩිකරලා ජාතික සම්පත් විකුණලා.. ණය අරන් ව්‍යාපෘති කරන්න නම් ඕනෙම කෙනෙකුට පුළුවන් නේද? රට තුළ මුදල් උපයාගත්තේ නැතිව තවතවත් ණය වුණොත් අපි අමාරුවේ වැටෙන්නේ නැතිද?
බුද්ධිමත්ජනතාව .අනිත් වුන් මන්ද බුද්ධිකද
අපි තමයි හොඳට කළේ...!!!
රට කරවන්න දුන්විට කට මැත කීම මිස කිසිවක් නොදනී.