IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


තායිලන්ත තානාපති කාර්යාලයට අයත් ඉඩමකට හොර ඔප්පු හැදූ නීතීඥයා පොලිස් දැලේ

(ඉන්දිකා රාමනායක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

කොළඹ 7 , සී ඩබ්ලිව්.ඩබ්ලිව් කන්නන්ගර මාවතේ පිහිටි තායිලන්ත තානාපති කාර්‍යාලයට අයත් රුපියල් කෝටි 50 කට අධික ඉඩමක් ව්‍යාජ ඇටෝර්නි බලපත්‍ර සහ ව්‍යාජ ඔප්පුවක් සකසා වෙනත් පුද්ගලයකුට අලෙවි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නීතිඥවරයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

මෙම ව්‍යාජ ඇටෝර්නි බලපත්‍රය සහ ඔප්පුව සකස් කිරීම සම්බන්ධයෙන් මෙම නීතිඥවරයා  අත්අඩංගුවට ගෙන ඇත.

මෙම ඉඩම ව්‍යාජ ඔප්පු සකසා වෙනත් පුද්ගලයකුට අලෙවි කිරීම සහ එම ඉඩම මිලදී ගත් පුද්ගලන් දෙදෙනා මීට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබිණි.

කූට ලේඛන සැකසීම , එයට ආධාර අනුබලදීම , සහ නොතාරිස් ආඥා පනත අවභාවිතා කිරීම යන කරුණු අනුව මෙම නීතිඥවරයා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

 



අදහස් (7)

තායිලන්ත තානාපති කාර්යාලයට අයත් ඉඩමකට හොර ඔප්පු හැදූ නීතීඥයා පොලිස් දැලේ

Raveendra Thursday, 24 June 2021 09:11 AM

සමාජයේ ගම් කබරයන් ලෙස විරුදාවලිය ලබා ඇත්තේ නිකමට නොවේය. ඕනෑම දහජරාවක් ප්‍රණීත ආහාර ලෙස කොටා බාන, ඇත්ත බොරුව ලෙසත් බොරුව ඇත්ත ලෙසත් මිනිසුන් ඉදිරියේ අතේ පැලෙන බේගල් කියමින් බොරුවෙන්ම ජීවත් වන කොටසකි. මෙවන් ගම් කබරයින් අතරේද කලාතුරකින් තමන් අදින් එම ඇඳුමේ ගරුත්වය රකිමින් අවංක වැදගත් ලෙස සේවය කරන වෘත්තිකයින්ද සිටිනා බවත් කිව යුතුයි. වැඩිපුරම සිටින්නේ ඕනෑම දෙයක් මුදල් වෙනුවෙන්ම ගිලින කබරයින්මය...

:       1       585

Liyanage Thursday, 24 June 2021 10:04 AM

ගම්මන්පිලගේ නීතිඥයත් මොහු වෙන්න පුළුවන්...!!!

:       727       755

කිරිපුතා Thursday, 24 June 2021 10:43 AM

වැටත්, නියරත් ගොයම් කා නම්..!! කාට පවසන් ඒ අමාරුව..

:       0       35

de silva Thursday, 24 June 2021 12:21 PM

මේ පෙරකදෝරුවා පමණක් නොවේ. හොර ඔප්පු ලියන පෙරකදෝරුවන් රටේ තව විශාල ප්‍රමාණයක් ඉන්නවා. මේ ප්‍රශ්නය විසඳන්න නම් ඔක්කොම අල්ලන්න ඕනෑ.

:       0       130

mike Thursday, 24 June 2021 01:20 PM

තායිලන්තයෙන් ණයක් ගන්න හිටියා මදැයි..

:       0       0

සමින්ද Thursday, 24 June 2021 02:42 PM

මේ වගේ හොර ඔප්පු හදලා ඉඩම් ගන්න ඒවා ගොඩක් තියෙනවා. පොලීසිය අත ගහන්නේ ලොකු ඩයල් එකකගේ ඉඩමකට හොර ඔප්පුවක් හැදුවොත් විතරයි. නැතිනම් කියාවි ඒයාට නීත්‍යානුකුලව පවරලා තියෙන්නේ කියලා. සිංහරාජේත් ඔයවගෙ වෙන්න ඇති. ගමේ මිනිස්සුන්ට සින්නක්කර ඔප්පු නැතිව කොළඹ කෙනෙක්ට සිංහරාජ මායිමේ ඉඩමක් ලැබුනු එක ගැන නම් මට ලොකු සැකයක් තියෙන්නේ

:       7       7

Mann Thursday, 24 June 2021 07:14 PM

ඇයි නම් දාන්නේ නැත්තේ..?

:       0       128

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 347 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 789 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site