
(අංජුල මහික වීරරත්න)
ඇමරිකාවේ සිට යළි දිවයිනට පැමිණි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා ලබන 6 වැනිදා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ දිවුරුම් දෙනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත්වීමෙන් අනතුරුව එදිනම පස්වරුවේ බැසිල් රාජපක්ෂ මහතා මුදල් හා ආර්ථික සංවර්ධන කැබිනට් අමාත්‍ය ධුරයෙහි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග වැඩිදුරටත් කියයි.
බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පිවිසීමට නියමිතව ඇත්තේ පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී වරයෙක් ලෙසය.
බැසිල් රාජපක්ෂ මහතාට මන්ත්‍රී ධුරයෙහි දිවුරුම් දීමට අවස්ථාව සැලසීම සඳහා පොදුජන පෙරමුණේ පත්කළ මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා ඉල්ලා අස්වීමට නියමිතව පවතී.
මාසයකට අධික කාලයක් ඇමෙරිකාවේ ගත කළ බැසිල් රාජපක්ෂ මහතා ඊයේ පෙරවරුවේ යළි දිවයිනට පැමිණියේය. වැඩි කරනු ලැබූ පෙට්‍රල් මිල රුපියල් 5ත්7ත් අතර ගණනකිනුත්, ඩීසල් රුපියල් තුනත් පහත් අතර ගණනකිනුත් බැසිල් රාජපක්ෂ මහතා අමාත්‍ය අමාත්‍ය ධුරයේ දිවුරුම් දීමෙන් පසුව අඩු කරනු ඇතැයි අපේක්ෂිතය.
බැසිල් රාජපක්ෂ මහතා 2010- 2015 රාජපක්ෂ රජයේ ආර්ථික සංවර්ධන කැබිනට් අමාත්‍ය ධූරය ද හෙබවීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විශ්වකර්මයාගේ ආගමනය... ඔහොම්ම කොරෝනත් අඩුකරලා දෙන්නකෝ..!!!
දුමින්ද එළියට අරන් බැසිල් පාර්ලිමේන්තුවට ඇරි කියන්නේ ලංකාවේ සියලු ප්‍රශ්න ඉවරයි. දැන්ඉතින් රට කිරියෙන් පැණියෙන් ඉතිරිලා යාවි.
හරිම සංතෝසයි...
මේ අයට රජකාලේ දඬුවම් දිය යුතුමයි..
පවුල් ඒකාධිකාරයෙන් පිරිලා... !!!
යකෝ, මේ පවුල ඇරෙන්න වෙන මිනිස්සු නැද්ද අපේ රටේ? ලංකාවේ හොඳම වහල්ලු ටික තමයි පාර්ලිමේන්තුවේ ඉන්න පොහොට්ටු කාරයින් ටික...
බැසිල් මහත්තයා පාර්ලිමේන්තු ඇවිත් .. තෙල් මිල අඩුකොට,ගෑස් මිල වැඩිවීමට ඉඩනොදී,අනෙකුත් ප්‍රශ්න විසඳා,රට සුඛිත මුදිත තත්ත්වයට ගෙනයාමට තරම් දක්ෂ වේවි කියා පොහොට්ටුවාදීන් සිතනවා.ඔන්න බැසිල් මහත්තයෝ මේ තියෙන දැවෙන ප්‍රශ්න විසඳා,ඔබැතුමාලා ඇතුළු ගිලෙමින් පවතින පොහොට්ටුවාදීන් පිරුණු නැව ගොඩගත්තොත්,ඔබතුමා තමයි හපනා ..
ආණ්ඩුව කොච්චර බංකොලොත්ද කිව්වොත් මුදල් ඇමතිකෙනෙක් පත්කරගන්න හැකියාවක් නෑ.. ඒකටත් ඇමෙරිකාවෙන් ඉම්පෝර්ට් කරන්න වෙලා...
අපිට හරි සතුටුයි. එන්න .
ඔවුන්ගේ නාටක සාමාන්‍ය ජනයා සම්බන්ධ නොකරගෙන කළා නම් වඩාත් අගනේය. එකිනෙකාගේ ප්‍රතිරූප හදාගැනීමට සාමාන්‍ය ජනයා යොදාගැනීම පිළිකුල් සහගතය. මෙවැනි නාටක විශ්වාස කරන අයවලුන් ගම්බදව තවමත් සිටිනවා විය යුතුය.
එයාට අඩු කරන්න වැඩිකරලා... ඒ වෙනකම් මිනිස්සු වැඩිපුර ගෙවන මුදල් ආපසු දෙනවද?
නියමෙට ජාතියම ගොනාට ඇන්දුවනේ? නික්ම යෑම, තෙල් මිල වැඩි කිරීම, ආගමන, ඇමති පදවිය, තෙල් මිල අඩු කිරීම, නැවත පරන හොද්දම, 20%, වරාය නගරය, එකම වැරැද්ද සමහර ඇමැතිවරුන්ට රහසක් රකින්න බැරිකම... වහසිබස් නිසා මේ දෑ අපට අනුමාන වුණා.. විශ්වාස භංගය විසිවේ, තෙල් සංස්ථාව රජයේ ආර්ථික සංවර්ධනය යටතට, නියම මොලේ නේ? මම පවුලේ ඈයින් කාවත් සම්බන්ධකර නොගනිමි, කෝ සත්‍යය?
ඔහොම යං
හොදයි , අපි රටවැසියෝ හැටියට මනෝ ලෝකය යමු මනෝ පාරක් ගහමු. ඊලග ජනාධිපතිවරනයේදි බැසිල් මහත්තයා ජනාධිපති ලෙස රට සවුබාග්‍යයෙන් පුරවන හැටි මෙනෙහි කරමු . අවුරුදු 73ක්ම අපි කාලකන්නි ජාතියක් බව අමතක කරමු.
පෙර කරන ලද සුවිශාල පින් කන්දරාවක් තියෙන්න ඕනි මෙවන් රටක ඉපදෙන්න...
මේක විහිලුලන්තේ. අයියා මල්ලෝ වැඩිකරනවා අඩුකරනවා..
ඇමරිකන් පුරවැසියා පාර්ලිමේන්තුවේ බඩ පිනුම් ගහද්දී කාටද ආඩම්බර? මොනවා වුණත් එතුමාගේ අමාත්‍යාංශය යටතට "මුදල් " කියන කෑල්ල නොතිබුණා නම්, කවදාවත් ඔය ඇමතිකම එතුමා බාර ගන්නේ නැහැ. එක පරපුරකට වන්දි බට්ටයින් කරන රටක ජීවත් වෙන නිවට ජනතාවට අත්වෙන ඉරණම ගැන ආයේ මොන කතාද?
නියමයි එතකොට පවුලේ පහක් කැබිනට්ටුවේ
අනිවාර්යයෙන්ම එදාට කලින් ඩොලර් එක රුපියල් 200 සීමාව ඉක්මවනවා. මෙය ඉතාම සාමාන්‍ය පිළිගත් සිද්ධාන්තයක් ...රටකට අහිතකර හොර නාම්බෙක් ආර්ථිකය හසුරවන්නට යනවිට විදේශයන් ඒ රටෙහි ආර්ථිකය ගැන තිබු විශ්වාසයන් කඩා වැටෙනවා. පෙර වැරදි මදි නොකියන්න තියෙන මේ වගේ මුදල් වලට කෑදර චවුරයෙක් නිසා ඩොලරය රුපියල් 300 ට අසන්නවුනොත් පුදුම වෙන්න එපා.එහෙම වුනොත් අපේ විදේශ නය ප්‍රමාණය දෙගුණයකට ආසන්න වෙනවා.ඒ කියන්නේ රට අනිවාර්යයෙන්ම බංකොලොත් වෙනවා.
ඉකුත් මහින්ද රාජපක්ෂ රජය සමයේ ආර්ථික අමාත්‍යවරයා ලෙස රටේ ආර්ථිකය ගොඩනැංවීම සඳහා දැඩි කැපවීමක් කළ බැසිල් රාජපක්ෂ මහතා – දඩයි, බදුයි විතරක් ගහලා 10% – 40% වෙනකල් කොමිසුත් ගහලා රාජපක්ෂලා ගෙදර යවන්න සෑහෙන්න කැපවුණා කියලා නම් මතකයි.
බැසිල් ඔය කියන තරම් වැඩකාරයෙක් නොවෙයි. කවුරු ආවත් රට වැටී ඇති නරා වලෙන් ගොඩ එන්න ලැබෙන් නැතිබව ස්ථිරයි. රටේ ණය ප්‍රමාණය දල දේශීය නිෂ්පාදනයෙන් සියයට 110 වනවිට රට ගොඩගන්නේ කොහොමද? මේක දැන් සිම්බාබ්වේ රටත් ඉක්මවා ගිහින්. හොඳම විහිළුව තමයි අධික උද්ධමනයක් පවතිද්දිත් පොලී අනුපාත සියයට 4 ක මට්ටමින් පැවතීම. තව ක්‍රමයකට කියනවා නම් ඉතිරි කරන්නන්ගේ පොලී ඉපැයීම සෘණ වටිනාකමකි. තව ක්‍රමයකට කියනවා නම් ඉතිරි කළ මුළු මුදල දවසෙන් දවස සත්‍ය වටිනාකම පහළ වැටෙන බවයි෴
හිටිගමන් පැරෂුට් එකෙන් පාත් වුණා. ආර්ථිකය නොසෑහෙන්න සංවර්ධනේ කරගත්තා.. මෙහෙම පවුලේ එකාලාට ගිය රටක් ලෝකේ වෙන කොහෙවත් නැතුව ඇති ...
කිරිබත්කමු
කටේ නරි වදන් රෙද්දෙන් බේරෙන්නේ “මල්ලී පෙන්නලා අයියාවයි දුන්නේ...” කොරේ පිටට මරයකි ළඟ ළඟ එන්නේ දොරටුපාලයා රජ වෙන්නයි යන්නේ