(සුජිත් හේවාජුලිගේ සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ඉන්දීය ඩෙල්ටා සැර කොරෝනා වයිරසය ආසාදනයවූ තවත් පුද්ගලයකු කහතුඩුව ජයලිගම ප්‍රදේශයෙන් හමුවී ඇතැයි කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ධනුක පද්මරාජ මහතා ලංකාදීපයට පැවැසීය.
මේ අනුව මේ දක්වා මෙරටින් හමු වී ඇති ඉන්දීය ඩෙල්ටා සැර කොරෝනා වයිරසය ආසාදනය වූ පුද්ගලයන් සංඛ්‍යාව අටක් දක්වා ඉහළ යනු ඇත.
සැර කොරෝනාව ආසාදනයවු කහතුඩුවේ පුද්ගලයා 47 හැවිරිදි වියේ පසුවන්නෙකි.ඔහු කොළඹ කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ ඉදිකිරීම් ඉදිකිරීම ආයතනයක පෙදරේරුවකු බවද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා ප්‍රකාශ කළේය.
ආසාදිත පුද්ගලයා පොලොන්නරුවේ කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයකට ඇතුළත් කරනු ලැබ සිටී.
මේ පිළිබඳ තොරතුරු හෙළිවීමෙන් පසු එම ආසාදිත පුද්ගලයාගේ මව බිරිඳ සහ පුත්‍රයා නිරෝධායනයට යොමු කරනු ලැබ සිටිති.
එසේම ඔහු ජීවත්වූ මාර්ගය ආරක්ෂක පියවරක් ලෙස තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බවත් ප්‍රදේශයේ අහඹු පී.සී.ආර් පරීක්ෂණ සියයක් කිරීමට කටයුතු යොදා ඇති බවත් පද්මරාජ මහතා කීවේය.
(ඡායාරූප: බිමල් ශ්‍යාමන් ජයසිංහ)
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ඩෙල්ටා ආසාදිතයෙක් කහතුඩුවෙනුත් මතුවෙයි
Rohana Monday, 28 June 2021 03:03 PM
ඔන්න මාරක වයිරසය තවත් තැනකින් මතුවෙලා. ප්‍රවේසමෙන් සිටීමට සිදුවෙනවා..
janahitha UAE Monday, 28 June 2021 04:01 PM
පොලීසියේ මහත්තුරු ඔතනින් වහාම ඉවත් වෙන්න