ක්ෂුද්‍ර මූල්‍ය ණය ක්‍රමය සහමුලින් තුරන් කළයුතු බව ඩඩ්ලි කියයි දුප්පත් ගම්වැසියන් සදාකාලික ණයකරුවන් බවට පත්කරමින් සිදුකර ගෙන යන ක්ෂුද්‍ර මූල්‍ය ණය ක්‍රමය සහමුලින්ම රටින් තුරන් කළ යුතු යැයි අරලිය සමූහ ව්‍යාපාරයේ සභාපති ඩඩ්ලි සිරිසේන මහතා කොළඹදී අද(06) පැවති ප්රවෘත්ති සාකච්චාවකදී පැවසීය. 06 February 2019
මාකඳුරේ මධුෂ් අත්අඩංගුවට මාකඳුරේ මධුෂ් නැමැති පාතාල නායකයා අද (05) ඩුබාහි හෝටලයකදී අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසයි. 05 February 2019
ජාතික ආණ්ඩු යෝජනාවට සහය දෙන ශ්‍රීලනිප මන්ත්‍රීන්ට එරෙහිව විනය පියවර ආණ්ඩු පක්ෂය සමඟ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් ජාතික ආණ්ඩු යෝජනාවට පක්ෂව ඡන්දය භාවිතා කළහොත් ඔවුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බව ශ්‍රී.ල.නි.ප මහලේකම් දයාසිරි ජයසේකර මහතා පැවසීය. 05 February 2019
කුවේට් සිට පැමිණි මගියා ගුවන් යානය තුළදීම මියයයි කුවේට් සිට ශ්‍රී ලංකාව බලා අද (05) අලුයම පැමිණෙමින් තිබූ ශ්‍රී ලන්කන් ගුවන් යානයේ ගමන් ගනිමින් සිටි ගුවන් මගියෙකු එම ගුවන් යානය තුළ දී මිය ගොස් සිටි බව කටුනායක ගුවන් තොටුපළ කාර්යයභාර නිලධාරීවරයා ප්‍රකාශ කළේය. 05 February 2019
ජාතික ආණ්ඩු අදහසට විරුද්ධ බව ජනපති කියයි යෝජිත ජාතික ආණ්ඩු අදහසට තමන් තමන් තරයේ විරුද්ධ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද(04) ප්‍රකාශ කළේය. 04 February 2019
අත්‍යවශ්‍ය ඖෂධ ගන්න භාණ්ඩාගාරයෙන් කෝටි 100ක් පිළිකා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය ඖෂධ ඇතුළුව අත්‍යවශ්‍ය ඖෂධ මිලදී ගැනීම සඳහා භාණ්ඩාගාරය රුපියල් කෝටි සියයක මුදලක් වෙන් කර ඇත. 03 February 2019
ආණ්ඩුවට එකතුවන්නැයි අගමැතිගෙන් ඇරයුම් එක්සත් ජාතික පක්ෂයෙන් පිටත සිටින සියලු මන්ත්‍රීවරුන්ට ආණ්ඩුවට එක්වන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ආරාධනා කර තිබේ. 03 February 2019
රේගු වෘත්තිය සමිති හෙට රැස් වෙති රේගු අධ්යක්ෂ ජනරාල් පී.එස්.එම්. චාල්ස් මහත්මිය නැවත සේවයේ පිහිටුවීම සම්බන්ධව ආණ්ඩුවෙන් යහපත් ප්‍රතිචාරයක් නොලැබීම නිසා රේගු වෘත්තීය ක්‍රියාමාර්ගය දැඩි කිරීම සඳහා රේගු වෘත්තීය සමිති සන්ධානය අද (4) රැස්වී ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව රේගු මාණ්ඩලික නිලධාරීන්ගේ සංගමයේ උප ලේකම් සුදත් ද සිල්වා මහතා පැවසීය. 03 February 2019
සිංහ රාජයෙන් කෘමීන්-සමනලුන් රැගෙන ගිය ස්ලෝවැකියානුවන්5 දෙනා රිමාන්ඩ් සිංහරාජ වනාන්තරයේ වෙසෙන කෘමි සහ සමනල වර්ග ඇතුලූ ශාක මෙන්ම බීජවර්ග රැගෙන යමින් සිටියදී අත්අඩංගුවට ගත් ස්ලෝවැකියානුවන් පස් දෙනා මේ මස 06 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස රත්නපුර වැඩබලන මහේස්ත්‍රාත් ප්‍රියංකා ගුනවර්ණසූරිය මහත්මිය නියෝග කළාය 03 February 2019
වඳවී යන සතුන් සමඟ ස්ලෝවැකියානුවෝ 5ක් අත්අඩංගුවට වඳවී යන සතුන් වර්ග ඇතුලුව කෘමී සතුන් දහස් ගණනක් හා ශාක කොටස් රැසක්ද සිංහරාජ වනාන්තරයෙන් පිටතට ගෙනයාමට තැත්කළ ස්ලෝවැකියානු ජාතිකයන් 5දෙනෙකු වන සංරක්ෂණ නිලධාරීන් විසින් අද (02) පෙරවරුවේ සිංහරාජ කුඩව පිවිසුමේදී අත්අඩංගුවට ගනුලැබ ඇත. 02 February 2019
වතුකම්කරු වැටුප වැඩිකරන ගැසට්ටුව පළ කිරිම අත්හිටුවයි වතුකම්කරුවකුගේ දෛනික දීමනාව රුපියල් 855 ක් ලෙස ප්‍රකාශයට පත්කරමින් අත්සන් කළ සාමුහික ගිවිසුම රජයේ ගැසට් පත්‍රයේ පළකිරිම අත්හිටුවීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පොරොන්දු වූ බව දමිළ ප්‍රගතශීලි සන්ධානයේ නායකයෝ පැවසුහ. 01 February 2019
සාකච්ඡා අසාර්ථකයි:රේගු වර්ජනය දිගටම රේගු නිලධාරීන්ගේ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියා මාර්ගය දිගටම ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇතැයි රේගු නිලධාරීන්ගේ සංගමය පවසයි. 01 February 2019
අමාත්‍ය ධූර වැඩිකිරීමට යෝජනාවක් ජාතික ආණ්ඩුවක් බිහිකර අමාත්‍ය ධූර සංඛ්‍යාව වැඩි කිරීමේ යෝජනාවක් සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් අද (01) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය. 01 February 2019
දිවයින පුරා ඖෂධවේදීහු වැඩ වරති සේවා අවශ්‍යතාවක් නොමැතිව කරන ලද අනිසි බඳවා ගැනීමකට විරෝධය පළකරමින් දිවයින පුරා රජයේ ඖෂධවේදීහු අද (01) ලෙඩ නිවාඩු දමා ඇත. 01 February 2019
ලක්ෂ 200ක නීතිවිරෝධී දුම්වැටි තොගයක් අත්අඩංගුවට රුපියල් 20,000,000ක් පමණ වටිනා විදේශීය දුම්වැටි තොගයක් කොළඹ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 01 February 2019
පවුඩර් වර්ගයක් රටින් ගෙන්වීම නවතයි පිළිකා කාරක ඇස්බැස්ටොස් ඇති බවට තහවුරු වීමෙන් පසු ළදරුවන් සඳහා භාවිතා කරන පවුඩර් වර්ගයක් ආනයනය කිරීම තාවකාලිකව තහනම් කිරීමට රජය තීරණය කර තිබේ. 31 January 2019
මත්ද්‍රව්‍ය සඟවාගෙන ආ ඉරාන කතක් අත්අඩංගුවට හයිබ්‍රිඩ් කුෂ් නමින් හඳුන්වන ගංජා ග්‍රෑම් 400 ක් ඉතා සූක්ෂම ලෙස ගමන් මල්ලක සඟවාගෙන පැමිණි ඉරාන ජාතික කාන්තාවක් (24) පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය මගින් අද (31) අත්අඩංගුවට ගනු ලැබීය . 31 January 2019
දුම්රිය නිදන මැදිරි වෙනුවට නිදන ආසන මැදිරි වැඩි කරන්න යයි දුම්රිය දෙපාර්තමේන්තුවට පාඩුවක්ව පවතින ඇඳන් සහිත නිදන මැදිරි සංකල්පය ඉදිරියේදී ඉවත් කර , ඒ වෙනුවට රාත්‍රී දුම්රිය නිදන ආසන මැදිරි වැඩි කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා පැවසීය. 31 January 2019
සියලුම පළාත් සභා මැතිවරණ මැයි 31ට පෙර සියලුම පළාත් සභාවල මැතිවරණ ලබන මැයි මස 31 වැනිදාට පෙර එකම දිනයකදී පැවැත්විය යුතු බවට යෝජනාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද (29) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කරනු ලැබීය. 29 January 2019
ජොන්ස්ටන් නිදොස් කොට නිදහස් වසරකට අදාල වත්කම් බැරකම් ප්‍රකාශ සාධාරණ හේතුවක් මත ඉදිරිපත් නොකර සිටියා යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු ආහාර හා සමූකාර අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (29) නියෝග කළාය. 29 January 2019
‘නොවැම්බර් 10 ට පෙර පළාත් මැතිවරණයක් නැතිනම් ඉල්ලා අස් වෙනවා‘ පළාත් සභා මැතිවරණය නොවැම්බර් 10ට පෙර පැවත්වූයේ නැතිනම් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වන බව එම කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය. 28 January 2019
වතු කම්කරුවෝ හැටන්-කොළඹ ප්‍රධාන මාර්ගය වසති තම දෛනික මුලික වැටුප රු 1000 අවශ්‍ය බව පවසමින් හැටන් ප්‍රදේශයේ වතු කම්කරුවන් පිරිසක් හැටන් මල්ලිඅප්පුව මංසන්ධියේ අද (28) උදැසන ආරම්භ කළ උද්ඝෝෂණයක් හේතුවෙන් හැටන් නුවරඑලිය, හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමනා ගමන කටයුතු හැටන් මල්ලිඅප්පුව මංසන්ධියෙන් සම්පුර්ණයෙන්ම ඇණ හිට ඇත. 28 January 2019
රජයේ ප්‍රමාදයෙන් පිළිකා රෝගියෝ අසරණ වෙති රාජ්‍ය ආයතනවලට සභාපතිවරුන් සහ අධ්යක්ෂවරුන් පත් කිරීම සම්බන්ධයෙන් ඇති වී තිබෙන ප්‍රමාදය හේතුවෙන් රාජ්‍ය රෝහල් අර්බුදයකට මුහුණ දී ඇත. මෙම තත්ත්වය නිසා පිළිකා රෝගීන්ට ලබාදීම සඳහා ප්‍රමාණවත් ඖෂධ රෝහල්වල නොමැති බවත් එම ඖෂධ ලැබෙන්නේ කවදාද යන්න නිශ්චිත නැති බවත් වාර්තා වේ. 27 January 2019
වතු සේවකයින්ගේ මාස තුනක හිඟ වැටුප් ලබා දීමට තේ මණ්ඩලයෙන් කෝටි 10 ක් වතු සේවකයන්ගේ මාස තුනක හිඟ වැටුප් දීමට ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ මුදල්වලින් රුපියල් කෝටි 10 ක් ලබාදීමට වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතා තීරණය කර ඇත. 27 January 2019
බ්‍රසීලයේ මඩ සුනාමියකින් 9 ක් මරුට : 300 ක් අතුරුදන් බ්‍රසීලයේ යපස් පතළක වේල්ලක් බිඳීයාම හේතුවෙන් අතුරුදන් වූ 300 කට ආසන්න පිරිසක් සොයමින් සහන කණ්ඩායම් වෙහෙසෙති. ගිණිකොණදිග බ්‍රසීලයේ සිදුවූ මෙම ඛේදවාචකය නිසා 9 දෙනෙකු මියගොස් ඇති බව තහවුරු කර තිබේ. අතුරුදන්වූ පිරිස ජීවතුන් අතර සිටියදී සොයාගැනීමට තිබෙන අවස්ථාව ඉතාමත් අල්ප බවද බලධාරීහු කියති. 26 January 2019
ශ්‍රී ලංකා -සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුමට සංශෝධන ශ්‍රී ලංකා -සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම සම්බන්ධයෙන් සංශෝධන කිහිපයක් සිදු කිරීමට බලාපොරොත්තු වන බව සිංගප්පූරු අගමැති ලී සියැන් ලූන්ග් මහතාට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (25) සඳහන් කර ඇත. 25 January 2019
බි්රතාන්ය මහ කොමසාරිස් විදේශ කටයුතු අමාත්‍යංශයට කැඳවයි බි්රගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට බි්රතාන්ය මහේස්ත්‍රාත් අධිකරණයක් නිකුත් කළ අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකාවේ බි්රතාන්ය මහ කොමසාරිස් ජේම්ස් ඩෝරිස් මහතා විදේශ කටයුතු අමාත්‍යංශයට කැඳවා ඇතැයි විශ්වසනීය ආරංචි මාර්ග සඳහන් කරයි. 25 January 2019
මුලතිව් නයාරු විහාරයට පොලිස් -හමුදා ආරක්ෂාව මුලතිව් නයාරු ගුරුකන්ද රජමහා විහාරස්ථානයට අද (25) සිට පොලිස් හා යුද හමුදා ආරක්ෂාව ලබා දී තිබේ. 25 January 2019
අභියාචනාධිකරණ සභාපතිධූරයට ජනපති එවූ නම දෙවැනි වරටත් ඉවතට අභියාචනාධිකරණයේ සභාපතිධූරය සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යෝජනා කර එවු නම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් දෙවැනි වතාවටත් ප්‍රතික්ෂේප කර තිබේ. 24 January 2019
යාපනයේ ක්‍රීඩාංගනයක් අසළ බෝම්බ ගබඩාවක් යාපනය අම්පන් ප්‍රදේශයේ ක්‍රීඩාංගනයක් ආසන්නයේ පිහිටි කැලෑවක වලදමා තිබූ කොටි සංවිධානයට අයත් බෝම්බ රැසක් යාපනය පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිළධාරීන් විසින් ගොඩ ගෙන ඇත. 23 January 2019
ශ්‍රී පාද පිවිසුම් මාර්ග පවිත්‍ර කරයි ශ්‍රී පාද පූජා භූමියේ නල්ලතන්නිය සහ රත්නපුර ප්‍රවේශ ආශ්රිත එක් දින ශ්‍රමදාන වැඩසටහන අද (19) සාර්ථකව ආරම්භ විය... 19 February 2026