අතුරු නියෝගය වළක්වන්නයි ඉල්ලූ පෙත්සම් සලකා බැලීම සිකුරාදාට කල් තබයි
තමන් අගමැති ධූරයේ සහ අමාත්‍ය ධූරයේ කටයුතු කිරීම අත්හිටුවමින් අභියාචනාධිකරණය ලබාදුන් අතුරු නියෝගය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අගමැති ධූරයේ කටයුතු කළ මහින්ද රාජපක්ෂ සහ අමාත්‍යවරුන් ලෙස කටයුතු කළ චමල් රාජපක්ෂ, දිනේෂ් ගුණවර්ධන ,ජොන්ස්ටන් ප්‍රනාන්දු හා ආචාර්ය විජයදාස රාජපක්ෂ යන මහත්වරුන් විසින් ගොනු කළ විශේෂ අභියාචනා පෙත්සම් දෙකක් සලකා බැලීම ලබන සිකුරාදා (14) තෙක් කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (12) නියම කළේය.