අලි පහරින් පාසල් සිසුවා මරුට මෙවර පැවති සාමාන්‍ය පෙළ විභාගය සමත් වී උසස් පෙළ ඉගෙනීම් කටයුතු සඳහා පාසලට ඇතුළත් වීමට අයදුම්පත්‍ර භාර දීම සඳහා පාසලට යාමට සූදානම් වෙමින් සිටි පාසල් සිසුවකු අනුරාධපුර පූජා නගරයේදී වන අලි ප්‍රහාරයට ලක්ව ජීවිතක්ෂයට පත්ව ඇති බව අනුරාධපුර පොලිසිය පවසයි. 21 December 2022
වසර ආරම්භයේම පැය 10ක විදුලි කප්පාදුවක් රට සතු ගල්අඟුරු තොගය මේ මස 31 වැනිදා අවසන් වීමෙන් පසුව නොරොච්චෝලේ ‘ලක්විජය’ විදුලි බලගාරයේ විදුලි ජනන යන්ත්‍ර තුනක ක්රියාවිරත වන බවත් ඉන් පසුව පැය 10 කට අදික විදුලි කප්පාදුවක යෑමට සිදුවන බවත් ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සභාපති නිහාල් වීරරත්න මහතා අද (20) පැවසීය. 20 December 2022
පශු නිලධාරීහු නිදි පශු සම්පත් සංවර්ධනය සඳහා 2022 අතුරු අයවැයෙන් වෙන් කරන ලද රුපියල් මිලියන දෙසීයක මුදලින් කිසිදු ප්‍රයෝජනයක් නො ගැනීම නිසා එම මුදල නැවත මහා භාණ්ඩාගාරයට පවරාගෙන ඇතැයි කෘෂිකර්ම අමාත්‍යංශ ආරංචි මාර්ග පවසයි. 20 December 2022
සරසවි භික්ෂූන් සහරාන් වගේ අද සරසවි වල ඉන්න ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා හරියට සහරාන්ලා වගේ කොන්ඩෙ රැවුල වවාගෙන ඒ අය පිළිපදින්නේ ශාස්තෘන් වහන්සේගේ ධර්මය නෙමෙයි, ලෙනින්ගේ න්‍යාය තලේබාන්ලා කරන වැඩ තමයි කරන්නේ මේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාට අවුරුදු තුනෙන්, හතරෙන් විශ්ව විද්‍යාලයෙන් පිටවන විදියට නීති සම්පාදනය කළ යුතු යැයි මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමිපාණන් පැවසූහ. 19 December 2022
අ‘පුර ගණිත පේපරේ කලින් පිටවෙලා අනුරාධපුර අධ්‍යාපන කලාපයේ පාසල්වල දෙවන වාර පරික්ෂණය සදහා කලාප කාර්යාලයෙන් මුද්‍රණය කොට පාසල් සදහා නිකුත් කරනු ලැබු 10 වන ශ්‍රේණියේ ගණිතය ප්‍රශ්න පත්‍රය විභාගයට පෙර සිසුන් අතට පත්විම නිසා එම විභාගය නොපවත්වා ලබන 22 වැනි දාට කල් දැමූ බව අනුරාධපුර අධ්‍යාපන කලාපයේ කලාප අධ්යක්ෂ මහේෂා මංජරිකා හෙට්ටිආරච්චි මහත්මිය ප්‍රකාශ කළාය. 19 December 2022
ජනශක්ති සභාපති ඝාතනය ගැන චමුදිතගෙන් ප්‍රකාශයක් ගනී ජනශක්ති සමූහ ව්‍යාපාරයේ සභාපති දිනේෂ් ශාෆ්නර් මහතාගේ ඝාතන සිද්ධියට අදාළව ප්‍රවීණ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගෙන් ප්‍රකාශ ලබාගත් බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය. 18 December 2022
පළාත් ඡන්දයට සන්ධාන තුනක් තරඟ බිමට ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය සඳහා දේශපාලන සන්ධාන තුනක් තරග බිමට පැමිණීමට නියමිතව ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. 17 December 2022
බ්‍රයන් තෝමස්ට රට ගමන් තහනම් ජනශක්ති රක්ෂණ සමූහ ව්‍යාපාරයේ අධ්යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණය සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනවලට අදාළව ප්‍රවීණ ඉංග්‍රීසි ක්‍රිකට් විචාරක බ්‍රයන් තෝමස් මහතාගේ විදෙස් ගමන් තහනම් කරමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා අද (16) නියෝගයක් නිකුත් කළේය. 16 December 2022
ජනශක්ති සභාපති ඝාතනය පිටුපස මුදල් ගණු දෙනුවක්? ජනශක්ති රක්ෂණ සමාගමේ සභාපති දිනේෂ් ශාෆ්ටර් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් නම් දැරූ හිටපු ඉංග්‍රීසි ක්‍රිකට් විස්තර විචාරකයකු සොයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කර ඇති බව එම දෙපාර්තුමේන්තුව උසස් නිළධාරියෙක් පැවසීය. 16 December 2022
මෝටර් රථය තුළ බැඳ තිබූ ජනශක්ති සභාපති මරුට බොරැල්ල සුසාන භූමියේ නවතා තිබූ මෝටර් රථය තුළ ගෙල සිර වන සේ පිරිසකගේ කූර වධහිංසාවට ලක්ව තුවාල ලබා රෝහල් ගත කළ ජනශක්ති සමූහ ව්‍යවපාරයේ සභාපති දිනේෂ් ශාෆ්ටර් මහතා අභාවප්‍රාප්ත වූ බව බොරැල්ල පොලිසියේ උසස් නිලධාරියෙක් තහවුරු කළේය. 16 December 2022
ජනශක්ති සභාපති ඝාතන තැත වරදී ජනශක්ති සමූහ ව්‍යාපාරයේ සභාපති දිනේෂ් ශාෆ්ර්ට මහතා පැහැරගෙන බොරැල්ල සුසාන භූමියට රැගෙන ගොස් ඝාතනය කිරීමට උත්සාහ දරා ඇතැයි බොරැල්ල පොලිසිය කියයි. 15 December 2022
බොක්සින් සූරයා කපා කොටා පුළුස්සා මහ මඟ දමා යයි බොක්ෂිං ක්‍රිඩාවෙන් ශ්‍රී ලංකාවට කීර්තියක් අත්කරදුන් දක්ෂ බොක්ෂිං ක්‍රිඩකයකුවූ එම්. එස්. දිනූෂ ලක්ෂාන් ක්‍රිඩකයා මහනුවරදී කිසියම් සංවිධානාත්මක කණ්ඩායමක් පැහැරගෙන ගොස් අමානුෂික ලෙස පහරදී කපා කොටා පුච්චා හන්තාන සුළං ක්‍රිඩාංගණය ආසන්න පාඵ ප්‍රදේශයක දමා ගොස් සිටියදී හමුවූ බව ඔහුගේ ඥාතීහු පවසති. 14 December 2022
ගසක් කැපුවාට ගමෙන් නෙරපයි තම අසල්වැසියාගේ ගෙවත්තේ තිබූ ගසක් කපා දැමීම හේතුවෙන් 59 හැවිරිදි ඒඩ්‍රියන් ස්ටේයාර්ස් නම් බ්‍රිතාන්‍ය ජාතිකයෙකුට තමා පදිංචි නගරයට ඇතුළු වීම වසර 15 ක් යනතෙක් තහනම් කිරීමට නොර්තැම්ප්ටන් මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත. 14 December 2022
මේ වසරේ අයි.එම්.එෆ් ණය නෑ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත ඇමරිකානු ඩොලර් බිලියන 2.9 ක ණය මුදල සඳහා නිල වශයෙන් අනුමැතිය මෙම වසර අවසන් වීමට පෙර ලබාදීමට විධායක කමිටුව බලාපොරොත්තු නොවන බව ආරංචි මාර්ග උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කර ඇත. 14 December 2022
තිළිණිට-ජානකීට ඇප තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරි තිළිණි ප්‍රියමාලී සහ ජානකී සිරිවර්ධනට ඇප ලබාදීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද අවසර දුන්නේය. 13 December 2022
අනියම් බාප්පාගේ පහරින් හය හැවිරිදි සිඟිත්තෙක් මරුට මවගේ අනියම් සැමියාගේ පහරකෑමට ලක් වූ 6 හැවිරිදි කුඩා දරුවකු අද (13) අළුයම ගම්පහ මහ රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇතැයි ගම්පහ පොලිසිය පවසයි. 13 December 2022
හිටපු උපකුලපතිට පහරදුන් සිසුහු 12ක් දොට්ට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපති භූ ගර්භ විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතාටත් ඔහුගේ පුත්‍රයා අතුලු පවුලේ සාමාජිකයන්ට නිවසටත් පහර දීමට සම්බන්ධ වූ බවට හඳුනාගෙන ඇති සිසුන් දස දෙනකුගේ ශිෂ්‍යභාවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටවූ බව එම විශ්ව විද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති සහ මාධ්‍ය ප්‍රකාශක ටෙරන්ස් මධුජිත් මහතා පැවසීය. 12 December 2022
ඇමති සංශෝධනය ණය අනුමත වූ පසු අලුතින් ඇමතිවරුන් පත් කිරීම තවදුරටත් කල් යනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. 11 December 2022
සැහැල්ලු දුම්රිය නැවත දෙන්න ජපානය කැමැත්ත ජපාන රජයේ ණය ආධාර යටතේ ඉදිකිරීමට සුදානම්ව නවතා දැමුණු කුළුණු මතින් දිවෙන සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය යළිත් මෙරටට ලබාදීමට ජපාන රජය කැමැත්ත පළ කර ඇත. 10 December 2022
ගලි බවුසර් හැප්පෙනවා නම් කලින් කියන්න ඩයනා ගමගේ රාජ්‍ය ඇමති තුමියට වූ සිදුවීම ගැන කාන්තාවක් ලෙස තම කනගාටුව ප්‍රකාශ කරන බව සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රිනී රෝහිණී කවිරත්න මහත්මිය පාර්ලිමේන්තුවේ දී පැවැසුවාය. 09 December 2022
දිවයිනේ සියලු පාසල් හෙට වැසෙයි දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් හෙට දිනයේ රජයේ සහ රජයේ අනුමත සියලු පාසල් වසා තැබෙන බව අධ්‍යාපනය අමාත්‍යංශය නිවේදනය කරයි. 08 December 2022
පියාගේ-බාප්පාගේ වැරදිවලට පොලිස් පුතා රැකියාවෙන් දොට්ට පියා සහ බාප්පාට අධිකරණයෙන් දඩ නියම කර ඇති බව බඳවා ගැනීමේ ආකෘති පත්‍ර සඳහන් නොකළ යි පවසා වසරකට අධික කාලයක් සේවය කළ ආධුනික කොස්තාපල්වරයකුගේ පත්වීම අවලංගු කර ඇතැයි පොලිස් ආරංචි ආරංචිමාර්ග සඳහන් කරයි. 08 December 2022
සැහැල්ලු දුම්රියෙන් කෝටි 597ක් වතුරේ කොළඹ මාර්ග තදබදය අවම කිරිම හා මගී ජනතාවට වඩාත් යහපත් ප්‍රවාහන සේවාවක ලබාදීමේ අරමුණ ඇතිව ජපන් ණය ආධාර යටතේ ගිවිසුම් ගතව ආරම්භ කරන ලද සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ශ්‍රී ලංකා රජය ඒක පාර්ශ්විකව අවලංගු කිරිම නිසා ඒ වන තෙක් දරන ලද රුපියල් කෝටි 597. 8ක මුදල අපතේ ගොස් ඇතැයි එම ව්‍යාපෘතිය අවලංගු කිරිම සම්බන්ධයෙන් කරන ලද විශේෂ විගණනයකදී අනාවරණය වී ඇති බව විගණකාධිපති දෙපාර්තමේන්තුව පවසයි. 07 December 2022
අක්කටයි නංගිටයි එකම මනාලයයි ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ මුම්බායි නුවර, රිංකි, පිංකි නමැති නිවුන් සොහොයුරියන් දෙදෙනකු එක මනාලයකු සමග විවාහ වීමේ පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ. 06 December 2022
පාසල් ආපන ශාලාවේ කත දරුවන්ට කුඩු බෙදලා? ගම්පහ මල්වතුහිරිපිටියට නුදුරු මහ විදුහලක ආපන ශාලාවකින් තිබී මත් කරල් සහ මත් පැකට් කිහිපයක් සමග එම ආපනශාලාව පවත්වා ගිය 42 හැවිරිදි කාන්තාවක, අත් අඩංගුවට ගනු ලැබූ බව මල්වතුහිරිපිටිය පොලීසිය සදහන් කරයි. 05 December 2022
ලංවීම කෑලි කඩයි ප්‍රතිව්ව්‍යුහගතකරණය යටතේ ලංකා විදුලිබල මණ්ඩලය අහෝසිකර රජය සතු නව සමාගමේ අටක් පිහිටුවීමට විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත්කරන ලද කමිටුව රජයට නිර්දේශ කර ඇත. 04 December 2022
හැටෙන් යැවීම ස්ථිරයි මේ මස 31 වෙනිදා වයස 60 සම්පූර්ණ වන රජයේ නිලධාරීන් කිසිවකුටත් සේවා දීර්ඝ ලබා නොදීමට මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ප්‍රධාන එහි ප්‍රධානීන් දැඩි ස්ථාවරයක සිටින බව වාර්තා වේ. 03 December 2022
මහින්ද - මෛත්‍රි තරගෙට සල්ලි වැය කරලා ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිවරුන් දෙදෙනකු වන මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන මහත්වරුන් ජනාධිපති ධුරයේ කටයුතු කළ 2010 වසරේ සිට 2019 වසර දක්වා කාලය තුළ තම පුද්ගලික කාර්ය මණ්ඩලය නඩත්තු කිරීම සඳහා රුපියල් කෝටි 148කට අධික මුදලක් වැය කර ඇතැයි තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවේ නියෝග මත ජනාධිපති ලේකම් කාර්යාලය ලබා දුන් තොරතුරුවලින් හෙළි වෙයි. 02 December 2022
තෙල් ලොක්කකුගේ තෙල් මගඩියක් ගැන විගණනයෙන් එලියට ලංකා ඛනිජ වැලි සමාගමේ සභාපතිවරයාගේ වාහනයේ ඉන්ධන ටැංකියේ ධාරිතාවය ලීටර් 80ක් වුවද අවස්ථා ගණනාවකදිම ලීටර් 100ක් බැගින් ලබාගෙන ඇතැයි වවුචර් පත් මගින් තහවුරු වි ඇති බව විගණන වාර්තාවකින් අනාවරණය වේ. 02 December 2022
ජනතා විශ්වාසය වැඩි මහ බැංකු අධිපතිට ආර්ථික ප්‍රතිසංස්කරණ මෙහෙයවීම සඳහා ශ්‍රී ලාංකිකයන්ගේ වැඩිම විශ්වාසයක් දිනා ඇති පුද්ගලයා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා බවත් ඔහුට සියයට 56.6 ක විශ්වාසයක් හිමිව ඇති බවත් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය නිකුත් කළ නවතම සමීක්ෂණ වාර්තාව පෙන්වා දී තිබේ. එහි දෙවැනි ස්ථානය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට හිමිව ඇති අතර ඔහුට හිමිව ඇති විශ්වාසය ප්‍රතිශතයක් ලෙස සියයට 44.5 කි. 01 December 2022
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026