
(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ නිමාලි කහවල)
අගලවත්ත තැන්නහේන මුත්තුමාරි අම්මාන් කෝවිලේ වාර්ෂික වේල් පෙරහැර උත්සවයට සමගාමීව පැවැත්වූ කෝවිල් උත්සවයේදී පූසාරි වරයකුගේ සිරුරට ගිනි ඇවිලේ මෙන් බරපතළ තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇතැයි අගලවත්ත පොලිසිය කියයි.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ ඉංගිරිය ප්‍රදේශයේ කෝවිලක පූසාරි වරයකු ශිව ශී සුන්දරේශන් නැමැති කුරුක්කල් තනතුර දරන 44 හැවිරිදි පුද්ගලයෙකි .
මියගිය පූසාරි වරයා කෝවිල් උත්සවයේ දී පන්දම් පත්තු කර නර්තනයේ යෙදෙමින් සිටියදී අත දරා සිටි පන්දමෙන් එක වරම ඇඳ සිටි සාරිය ට ගිනි ඇවිලි අනතුරුව හිසට දමා සිටි බොරු කොණ්ඩයට ද ඇවිලී මුළු සිරුරම ගිනි ජාලාවකින් වෙලි ඇතැයි පොලිසිය කියයි.
වහා ක්‍රියාත්මක වූ එම ස්ථානයේ සිටි පිරිස ගින්න නිවා දමා ත්‍රි රෝද රථයකින් පිඹුර රෝහලට ඇතුළත් කර මුලික ප්‍රතිකාර ලබාදී කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කර තිබිණි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පවු හරි දුකයි.
කපුවා ලෙස ආමන්ත්‍රණය කිරිම ආගමික සංහිධියාවට බාධාවක් නෙවෙයිද ? වගකිවයුතු මාද්‍ය ආයතනයක් මිට වඩා වගකීමෙන් කටයුතු කල යුතු නොවෙන්නේද?
දැන් දෙවියෝ ඇවිල්ලා පවුලේ අයට හොඳට කන්න, බොන්න, අඳින්න පහසුකම් ටික සපයා දේවි...
පව් අසරණ ජීවිත...... ඔබතුමාට නිවන්සුව පතමු.
කපුවා කපෝති... දෙවියනේ.. ඔබ කොහිද?
කපුවා හොඳටම දන්නවා දෙවියෝ කියලා කෙනෙක් නෑ කියලා...