ගිය මාසෙ රජයේ සේවක පඩි දුන්නේ පෝර විකුණලා දෙසැම්බර් මාසයේ රාජ්‍ය සේවක වැටුප් ගෙවන ලද්දේ යුරියා පොහොර අලෙවියෙන් ලත් මුදල්වලින් බව කෘෂිකර්ම වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 11 January 2023
මහින්දට ගෝඨාට කැනඩාවෙන් සම්බාධක ශ්‍රී ලංකාවේ සන්නද්ධ ගැටුම් පැවති 1983 සිට 2009 දක්වා කාලයේ සිදු කළ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් හේතුවෙන් ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිවරුන් දෙදෙනකු වන මහින්ද රාජපක්ෂ , ගෝඨාභය රාජපක්ෂ මහත්වරුන්ට සහ මාණ්ඩලික සැරයන් සුනිල් රත්නායක, ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි යන මහත්වරුන්ට කැනඩා රජය සම්බාධක පනවන බව කැනේඩියානු විදේශ කටයුතු අමාත්‍ය මෙලනි ජොලී මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළාය. 10 January 2023
ඇප මුදල් බාර නොගැනීම ගැටලුවක් පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා මැතිවරණ කමිෂන් සභාව විසින් කැඳවා තිබෙන අවස්ථාවක මැතිවරණයට ඇප බාර ගැනීම නැවත දන්වන තුරු නවත්වන ලෙස සියලු දිස්ත්‍රික් ලේකම්වරුන්ට නියෝග කිරීමට කැබිනට් මණ්ඩලය තීන්දු කර ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසිය. 10 January 2023
කැබිනට් යෝජනාවට අනුව බිල වැඩි කරන්න බෑ විදුලි ගාස්තු සංශෝධනය කිරීමේ ක්‍රමවේදය සඳහා සාමාන්‍යයෙන් දින 45 ත් 50 ත් අතර කාලයක් ගතවන බවත් කැබිනට් යෝජනාවට අනුව පෙබරවාරි මස 15 වැනිදාට පෙර කළ එය කළ නොහැකි බවත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (10) පැවසීය. 10 January 2023
සිරිනිවාස හිමිගේ රථවලට ගිහියෙක් අයිතිය ඉල්ලයි අනුරාධපුර අටමස්ථානධිපතිව සිට අපවත්වී වදාළ පල්ලේගම සිරිනිවාස හිමියන් ජීවත්ව සිටියදී පරිහරණය කළ අධි සුඛෝපභෝගී ජීප් රථ දෙකක නීත්‍යානූකූල අයිතිය තමන්ට පවරා ගැනීමට අයිතියක් ඇති බවට තීන්දු කරන ලෙස ඉල්ලා අනුරාධපුරයේ ව්‍යාපාරිකයකු අධිකරණයට ඉදිරිපත් කළ පෙත්සමක් සළකා බැලූ අනුරාධපුර දිසා විනිසුරු සහ අතිරේක මහේස්ත්‍රාත් නදීකා ඞී පියරත්න මහත්මිය මෙම නඩුවේ වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින අනුරාධපුර වත්මන් අටමස්ථානාධිපති හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේ තිදෙකු 09 January 2023
ලබන මස ලොව හොඳම රට ශ්‍රී ලංකාව විශාල මුදලක් වැය නොකර පෙබරවාරි මස නිවාඩුවක් ගත කිරීම සඳහා ලෝකයේ සංචාරය කිරීමට සුදුසුම රට ශ්‍රී ලංකාව බව එක්සත් රාජධානියේ අයි නිව්ස් වෙබ් අඩවිය පෙන්වා දී ඇත. 08 January 2023
නාමයෝජනා නීති කැඩුනොත් කොමිසමට අතින් ගෙවන්න වෙයි පළාත් පාලන මැතිවරණයේ නාම යෝජනා කැඳවීමේදී නිසි නීතිමය ක්‍රමවේද මැතිවරණ කොමිසම අනුගමනය කර නැතිනම් මැතිවරණය වෙනුවෙන් දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් තැන්පත් කරන ලද ඇප මුදල් කොමිසමේ සාමාජිකයන්ට පෞද්ගලික මුදලින් ගෙවීමට සිදුවනු ඇතැයි නීති විශාරදයින් පිරිසක් ආණ්ඩුව දැනුම්වත් කර තිබේ. 07 January 2023
සේපාල අමරසිංහ රිමාන්ඩ් දළදා වහන්සේට අපහාස කර බෞද්ධ ජනතාව තුළ කැළඹීමක් ඇති කළ යි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරී සේපාල අමරසිංහ මහතා ලබන 10 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තරංගා මහවත්ත මහත්මිය අද (06) නියෝග කළාය. 06 January 2023
එක මතයකට එන්න ජනපති මැතිවරණ කොමිසමට කියයි පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මත හතරක් නොදරමින් එක මතයකට පැමිණ කටයුතු කරන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මැතිවරණ කොමිසමේ සාමාජිකයන් සිව්දෙනාට අද (5) දැනුම් දුන්නේය. 05 January 2023
මහජන කොමිසමේ ලොක්කා නිෂේධ බලය අතට ගනී විදුලි ගාස්තු ඉහළ දැමීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබුණ හොත් අධිකරණයට යෑමේ අවශ්‍යතාවක් නොමැති බවත් මහජන උපයෝගිතා කොමිසම සතු නිෂේධබලය පාවිච්චි කර ප්‍රතික්ෂේප කරන බවත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනත රත්නායක මහතා අද පැවසීය. 05 January 2023
පුංචි ඡන්දෙට ජනපති සහය නොදෙයි මහ නගර සභා,නගර සභා සහ ප්‍රාදේශීය සභා සඳහා සභිකයන් පත්කර ගැනීමට පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයේ කිසිඳු ඡන්ද කටයුත්තකට තමන් සහභාගී නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (4)නිල වශයෙන් දැනුම් දුන්නේය. 04 January 2023
ශාෆ්ටර් නඩුවේ සාක්කි මහේස්ත්‍රාත් නිල මැදිරියේ කැඳවයි ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්යක්ෂවරයකු වූ දිනේෂ් ශාෆ්ටර් මහතාගේ මරණය සම්බන්ධයෙන් වන මරණ පරීක්ෂණ සාක්ෂි විවෘත අධිකරණය තුළ නොකැඳවා මහේස්ත්‍රාත් නිල මැදිරිය තුළ කැඳවනු ලැබීය. මාධ්‍යයට විවෘත නොවී අප්රසිද්ධියේ එම සාක්කා ලබා ගනිමින් සිටියි. 04 January 2023
පාඩු ඇතත් ඛනිජ තෙල් - ශ්‍රී ලන්කන් බෝනස් දීලා පාඩු ලබන සංස්ථා හා මණ්ඩල වෙත ප්‍රසාද දීමනා නොගෙවන ලෙස මුදල් අමාත්‍යංශය දැනුම් දී තිබුණ ද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හා ශ්‍රී ලන්කන් ගුවන් සමාගම ප්‍රසාද දීමනා (බෝනස්) ගෙවීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සභාපතිවරුන්ගෙන් නිදහසට කරුණු විමසා තිබේ. 03 January 2023
රට බීම මිල ඉහළට මත්පැන් බදු අද මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි සියයට 20කින් ඉහළ නංවා තිබේ. 03 January 2023
නොදැන කළ වැරදිවලට සමාව ඉල්ලයි බාලවයස්කරුවන්ව සිටියදී කරන ලද වැරදි හේතුවෙන් මරණ දඬුවම ලැබ මේ වන විටත් බන්ධනාගාරවල රඳවා සිටින සිරකරුවන් ජනාධිපති සමාව මත නිදහස ලබා දෙන්නැයි නීතිඥ දර්ශන කුරුප්පු මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ලිඛිතව ඉල්ලීමක් කොට ඇත. 02 January 2023
‘‘කැබිනට් යෝජනා පිළිගන්නේ නෑ‘‘ විදුලි ගාස්තු ඉහළ දැමීමට කැබිනට් මණ්ඩලයෙන් එන කිසිඳු යෝජනාවක් මහජන උපයෝගිතා කොමිසම සැළකිල්ල නොගන්නා බවත් පනත වැරදි ලෙස අර්ථකනය කර විදුලි ගාස්තු ඉහළ දැමීම ‘සාමාන්‍ය ප්‍රතිපත්ති සැලසුම්’ යටතට ගෙන කැබිනට් මණ්ඩලය යෝජනාව ඉදිරිපත් කිරරීමට සූදානම් වන බවත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (1) පැවසීය. 01 January 2023
පැරදුණු අය වැය නගරාධිපති සම්මත කරයි කුරුණෑගල මහ නගර සභා මන්ත්‍රීවරුන්ගේ වැඩි ඡන්ද 07 න් පරාජයට පත් කළ 2023 අයවැය කෙටුම්පත 2022 වසරේ වැඩ අවසන් කිරීමේ විශේෂ මහා සභාව නමින් රැස්වීමක් පවත්වා නගරාධිපතිවරයා නගර සභිකයන්ගේ වරප්‍රසාද කඩවන පරිදි අනීතික ලෙස සම්මත කර ගත් බව නාගරික මන්ත්‍රී වරු 14 දෙනකු ගේ අත්සනින් යුත් ලිපියක් වයඹ පළාත් ආණ්ඩුකාර අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා වෙත පසුගිය දා (30) ඉදිරිපත් කර ඇත 31 December 2022
හිටපු 16 වෙනි බෙන්ඩික්ට් පාප්තුමා ස්වර්ගස්ථ වෙයි හිටපු 16 වෙනි බෙන්ඩික්ට් පාප්තුමා ස්වර්ගස්ථ වූ බව අද(31) වතිකානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත.අද(31) වතිකානු වේලාවෙන් උදෑසන 9.34 ට වතිකානයේ මේටර් ඉක්ලීශියායි පල්ලියේදී 16 වෙනි බෙන්ඩික්ට් හිටපු පාප්තුමා ස්වර්ගස්ථ වී තිබේ. 31 December 2022
වාහන අංක තහඩුවේ පළාත් අක්ෂර ඉවත් කරයි වාහන අංක තහඩුවේ මෙතෙක් පැවති පළාත් හැඟවීමේ ඉංග්‍රීසි අක්ෂර ලබන ජනවාරි මස 1 වෙනිදා සිට ඉවත් කරන බවත් ඒ අනුව ඉදිරියේදී නිකුත් කරන නව අංක තහඩුවල පළාත් ඉංග්‍රීසි අක්ෂරය මුද්‍රණය නොකරන බවත් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා අද (30) පෙරවරුවේ පැවසීය. 30 December 2022
වේරහැර රථගාල මැරයන්ට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුවේ වේරහැර කාර්යාලයේ අක්කරයක පමණ භූමි භාගයකින් යුත් රථගාල දේශපාලඥයන්ගේ සහ ආරක්ෂක අංශවල අනුග්‍රහය ඇතිව පාතාල කණ්ඩායමක් අනවසරයෙන් පවත්වාගෙන යන බව එම දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය. 29 December 2022
හූනෙක් පවුලක් වනසයි නයිජීරියාවේ ඔගුන් ප්‍රාන්තයේ සය දෙනකුගෙන් යුත් පවුලක් හූනෙකු හේතුවෙන් මියගොස් තිබේ. 28 December 2022
ජනපති නිවසට ගිනි තිබ්බාට ධානීෂ්-අනුරුද්ධ සී.අයි.ඩීයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කොල්ලුපිටියේ පෞද්ගලික නිවසට ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගැනීම සමාජ ක්‍රියාකාරීන් වන අනුරුද්ධ බණ්ඩාර සහ ධානීෂ් අලී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඇත. 27 December 2022
ගෝඨා ඇමෙරිකාවට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පවුලේ සාමාජිකයෝ පස් දෙනෙක් ඇමෙරිකා එක්සත් ජනපදය බලා අද පිටත්ව ගියහ. 26 December 2022
ශාෆ්ටර් මරුවා ද? මරුණා ද? ජනශක්ති සමූහ ව්‍යාපාරයේ සභාපති දිනේශ් ශාෆ්ටර් මහතාගේ අභිරහස් මරණය ඝාතනයක් නොව ඔහු විසින් සිදුකරගත් සියදිවි නසාගැනීමක් දැයි ? සැකය මේ වන විට විමර්ශකයන්ගේ දැඩි අවධානය යොමු වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. 25 December 2022
අසිරිමත් නත්තලේ දුම්රියත් නතර වේ රියදුරු සහයකයන් සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් අද (25) පෙරවරුවේ ධාවනයට නියමිතව තිබූ දුම්රිය රැසක් අවලංගු කළ බව දුම්රිය දෙපාර්තුමේන්තුවේ උසස් නිළධාරියෙකු පැවසීය. 25 December 2022
බිල් ගේට්ස් ලබන වසරේ ලංකාවට ජාත්‍යන්තර පුනර්ජනනීය බලශක්ති සමුළුවක් ලබන වසරේ මැද භාගයේදී පැවැත්වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අවධානය යොමු තිබේ. 24 December 2022
ආශු මාරසිංහ ඉල්ලා අස්වෙයි පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක මහාචාර්ය ආශු මාරසිංහ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ. 23 December 2022
ගල්අඟුරු නැතිව නොරොච්චෝලේ යන්ත්‍රයක් නවතී. ගල්අගුරු හිඟය හේතුවෙන් නොරොච්චෝලේ ලක්විජය ගල්අඟුරු විදුලි බලාගාරයේ විදුලි ජනක යන්ත්‍රයක් අද (22) රාත්‍රී සිට අක්‍රීය කරන බව විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පැවැසීය. 22 December 2022
ජනපති තදින් සිටියි ජනතාවට සේවය කිරීමේ දී කඹ ඇදීමකින් තොරව තම වගකීම් නිසි ලෙස ඉටු කිරීමට රාජ්‍ය නිලධාරීන් කටයුතු කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නුවරඑළියේ දී පැවසීය. 22 December 2022
ගාල්ලට නැව් නාවත් වැටුප්-අතිකාල ලබන සේවක පිරිසක් ගාල්ල වරායට වසර කීපයකින් නෞකාවක් පැමිණ නොතිබුන ද නෞකා සම්බන්ධයෙන් රාජකාරි කරන බව පවසමින් එම වරාය යටතේ සේවකයන් සියයකට ආසන්න සංඛ්‍යාවක් වැටුප් සහ අතිකාල දීමනා ලෙස රුපියල් මිලියන ගණනක් ලබන බව එම වරායේ උසස් නිලධාරියෙක් පැවැසීය. 22 December 2022
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026