නාමල්ට 9.30ට සීඅයිඩීයට එන්නැයි 9.50ට දන්වයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා ඉන්දීය ජනරජ දිනයට සහභාගිවීමට ඉන්දියාවට පිටත්ව ගොස් සිටියදී අද (26) පෙරවරු 9.30 ට සීඅයිඩීයේ පෙනී සිටින ලෙස පෙරවරු 9.50 ට තංගල්ල කාල්ටන් නිවසට පොලිසිය දැනුම් දුන් බව එම පක්ෂයේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් මහතා පැවසීය. 26 January 2026
ලක් මව රනින් සරැසු ‘ටාවි ‘ ලංකාවට වයස අවුරුදු 11 න් පහළ ලොව අංක 01ස්ථානයේ පසුවන , ශ්‍රී ලාංකික මේස පන්දු ක්‍රීඩක ටාවි සමරවීර , බහරේනයේ සහ කටාර් රාජ්‍ය වල පැවති තවත් ලෝක ශ්‍රේණි ගත කිරීමේ තරගාවලි දෙකක් ජයග්‍රහණය කරමින් රන් පදක්කම් 02 ක් දිනා ගෙන අද(26) අලුයම කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ මෙරටට පැමිණියේය . 26 January 2026
කොළඹ වටේ හයර් ගිහින් රියදුරුගේ සේසතට විදලා කොළඹ වටේ තීරෝද රථයෙන් ගමන් ගිය පුද්ගලයා වැල්ල වත්තේදී ලබා දුන් කිරි පැකට්ටුව පානය කිරීමෙන් අනතුරුව ගල්කිස්සේදී මතකය නොමැති වු බවත් තම සන්තකයේ රුපියල් 1,125,200 ක් වටිනා රන් ආභරණ සහ මුදල් සොරාගෙන ගොස් ඇති බවට තීරෝද රථ රියදුරු විසින් දිනකට පසු කළුබෝවිල රෝහලේදී ප්‍රකාශයක් ලබාදී තිබූ බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය කියයි. 23 January 2026
නන්දනගේ මරණය සැකයැයි සී.අයි.ඩියට පැමිණිල්ලක් හිටපු අමාත්‍ය නන්දන ගුණතිලක මහතාගේ මරණය සැක සහිත යැයි ද ඒ ගැන අපක්ෂපාතී පරීක්ෂණයක් කරන්නැයිද ඉල්ලමින් ඔහුගේ සහෝදරිය වන මංගලා කරුණාරත්න මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (22) පැමිණිල්ලක් ඉදිරිපත් කළාය. 22 January 2026
ඉන්දීය සාගර වෙරලබඩ සන්ධානයක් හැදෙයි ඉන්දියානු සාගර වෙරළබඩ රාජ්‍ය සන්ධානය පිහිටුවීම සඳහා වන අවබෝධතා ගිවිසුමට එළඹීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 21 January 2026
ගම්පහ ක්‍රයිම් OIC යළි රිමාන්ඩ් ව්‍යාපාරිකයෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකර සිටීමට රුපියල් ලක්ෂ තුනක් හා රන් පවම් තුන් කාලක අල්ලසක් ගත්තේ යැයි කියන ගම්පහ පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ලබන 27 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අසංග එස්.බෝදරගම අද (20) නියෝග කළේය . 20 January 2026
බොරු ප්‍රචාර ගැන අධිකරණ සේවා සංගමය තදින් සිටී අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑම් කිරීමේ උත්සහයන්ට එරෙහිව අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට පසුබට නොවන බව විනිසුරුවරුන්ගෙන් සැදුම්ලත් අධිකරණ සේවා සංගමය අධිකරණ සේවා කොමිසමේ ලේකම්වරයාට ලිඛිතව දැනුම් දී ඇත” 20 January 2026
මහින්දානන්ද - නලින් අභියාචනයට දින දෙයි 2015 ජනාධිපතිවරණ සමයේ කැරම් බෝඞ් 14,000 ක් සහ දාම් ලෑලි 11,000 නීතියට පටහැනි ලෙස මිලදීගෙන දේශපාලන අවශ්‍යතා මත ක්‍රීඩා සංගම් අතර බෙදා දීම මගින් රජය රුපියල් 53000000 කට අධික පාඩුවක් සිදුකළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබූ නඩුවේ වරදකරු කර වසර 20 ක සිර දඬුවම් ලබා සිටින හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ සහ හිටපු සතොස සභාපති නලීන් ප්‍රනාන්දු මහත්වරුන් එම දඬුවමට එරෙහිව ගොනුකොට ඇති අභියාචනා පෙත්සම් මාර්තු 09 වැනිදා විභාගය 20 January 2026
රෝෂන් තුෂාර ලෝකප්‍රකට වෙළෙඳ නාමයක් අනුකරණය කර නිෂ්පාදණය කළ ව්‍යාජ සුවඳ විලවුන් සන්තකයේ තබාගැනීම,අලවිය හා බෙදාහැරීම කළේ යැයි කියන පිටකොටුව ව්‍යාපාරිකයින් තිදෙනෙකුට රුපියල් ලක්ෂ හයක දඩයක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා මහතා නියම කළේය. 20 January 2026
තුවාල අලියා වනජීවියට බයේ හමුදා කඳවුරට රිංගයි පාදයේ ඇති වූ තුවාලයක් හේතුවෙන් මින්නේරිය වැවි ජලයෙහි බැස සිටි වන අලියකුට වන ජීවී නිලධාරීන් ප්‍රතිකාර කිරීමට සුදානම් වෙද්දී එම අලියා වැවෙන් ගොඩ වී මින්නේරිය යුදු හමුදා කඳවුර තුළට දිව ගොස් ඇත. 19 January 2026
නිකවැරැටියේ නිර්මාණකරුවෙක් සෝලා ජෙනියක් නිපදවයි සූර්ය බලශක්තියෙන් ක්‍රියාත්මක වන විදුලි උත්පාදක යන්ත්‍රයක් (සෝලා ජෙනරේටරයක්) පළමු වරට මෙරටදීම නිපදවා හඳුන්වා දීමට ශ්‍රී ලාංකීය නිර්මාණකරුවෙක් සමත්ව සිටී. 19 January 2026
විමල්ගේ නඩුවට කුරුදුවත්ත සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපතිට නොතිසි එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් කොමසාරිස්වරයා ලංකාවට පැමිණි දිනයේ දී උද්ඝෝෂණයේ නිරත වෙමින් මාර්ග අවහිර කළේ යැයි කියන ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඇතුළු එම පක්ෂයේ සාමාජිකයින් හය දෙනෙකුට එරෙහි නඩුව සම්බන්ධයෙන් මාර්තු 09වැනි දින අධිකරණයේ පෙනී සිට කරුණු දක්වන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා කුරුදු වත්ත පොලිසියේ සුළු පැමිණිලි අංශ ස්ථානාධිපතිවරයාට නොතීසි නිකුත් කරමින් අද නියෝග කළේය. 19 January 2026
අසාත්මිකතා ඇති රෝගීන්ට විශේෂ අත් පළඳනාවක් ආහාර හෝ ඖෂධ හේතුවෙන් අසාත්මිකතාවන්ට ලක්වෙන රෝගීන් හඳුනාගෙන රෝහල්ගතවන ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා විශේෂිත අත් පළඳනාවක් හඳුන්වා දීමට වතුපිටිවල මූලික රෝහල පියවර ගෙන තිබේ. 18 January 2026
විදුහල්පතිනිය පාසල් දරුවන්ගේ ආහර දිමනා මුදල් වංචා කොට එම මුදලින් සිය සැමියාගේ උපන් දින සාදය පැවැත්වු බවට මැදිරිගිරිය ප්‍රදේශයේ පාසලක විදුහල්පතිනියකට විරුද්ධව එල්ලවු සියළු චෝදනා තහවුරුවු බව උතුරු මැද ප්‍රධාන ලේකම් රංජන ජයසිංහ මහතා අද පැවසිය. 16 January 2026
මත්තල අලුත් කරන වාර්තා සකසා අවසන් හම්බන්තොට මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සම්බන්ධයෙන් ආයෝජකයන් අභිලාෂ කැදවීමට අදාල වාර්තාව සකස් කර අවසන්ව ඇති බව වරාය සහ ගුවන් සේවා අමාත්‍ය ආචාර්ය අනුර කරුණාතිලක මහතා පැවසීය. එම වාර්තාව ළඟදීම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව ද අමාත්‍යවරයා කියා සිටියේය. 16 January 2026
ප්‍රසන්නට විදෙස් තහනම ඉවත් කිරීම ගැන අධිකරණ සී.අයි.ඩියෙන් කරුණු විමසයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියට අයත් ආයතනවල සේවකයන්ට වෛද්‍ය රක්ෂණ ක්‍රමයක් ඍජුව ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවෙන් ලබානොගෙන තැරැව්කාර සමාගමක් මැදිහත් කර රජයට පාඩු කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ඇප මත සිටින හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංගට විදෙස් ගමන් තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසමේ ස්ථාවරය ලබන 23 දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඕසද මිගාරච්චි මහතා අද (16) නියෝග කළේය. 16 January 2026
කල්පනීගේ මරණය වේරගලගේ බාර ගනී පසුගිය වසරේ අගෝස්තු මාසයේදී වේල්සයේ අගනුවර වන කාර්ඩීෆ් නගරයේදී ඝාතනයට ලක් වූ නිරෝධා කල්පනී නිවුන්හැල්ල මහත්මිය ඝාතනයට තමන් වරදකරු යැයි ඇයගෙන් වෙන් වූ සැමියා වන 37 හැවිරිදි තිසර වේරගලගේ අධිකරණයේදී පසුගියදා වරද පිළි ගත්තේය. 15 January 2026
සති අන්තයේ ඉන්ධන අර්බුදයක ඛනිජ තෙල් සංස්ථාව ලබන 17 වැනිදා සෙනසුරාදා ඉන්ධන බෙදාහැරිම නොකිරීම සහ අතිරේක ඉන්ධන තොග මිලදීගැනිම සදහා දුන් චෙක්පත් පහසුකම් ද ඉවත්කිරීම නිසා ඉදිරි සතිඅන්තයේ දෑඩි ඉන්ධන අර්බුදයක් ඇතිවනු ඇතැයි ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගෙ සංගමය පැවසීය. 13 January 2026
වාහනවලට හානි කරමින් මහමඟ ගමන්කළ තරුණයෙක් රිමාන්ඩ් බත්තරමුල්ල දියත උයන සහ අතුල්කෝට්ටේ ප්‍රධාන මාර්ගයේදී යතුරුපැදියකින් ගමන් කරමින් මෝටර් රථ හතරකට තියුණු ආයුධයකින් කොටා හානි සිදුකළැයි කියන සැකකරු ලබන 22 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නුවන් කෞශල්‍ය මහතා (13) නියෝග කළේය. 13 January 2026
පා.ම. ඉලන්කුමරන් අත්අඩංගුවට පසුගිය සුළිසුළං සහ ගංවතුර තත්ත්වයෙන් ආපදාවට ලක්වූ ජනතාවට සහන බෙදාදෙන අතුරතුරදී සිදුවූ බව කියන බහින්බස්වීමක් මත පරන්තන ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයකුට බැන තර්ජනය කර පහරදුන් බව කියන යාපනය දිස්ත්‍රික් ජාතික ජනබලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. ඉලන්කුමරන් මහතා සහ ඔහුගේ රියැදුරු ඊයේ (11) අත්අඩංගුවට ගත් බව කිළිනොච්චිය පොලිසිය පවසයි. 12 January 2026
වරායෙන් කරුණු පැහැදිලි කිරීමක් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සුබ සාධක සංගම්, වෘත්තීය සමිති හෝ වෙනත් අංශ සම්බන්ධීකරණය කරන උත්සව අවස්ථාවන් සඳහා ඉහළ කළමනාකාරිත්වයේ අවසර ගැනීම සාමාන්‍ය පළිවෙතක් බව වරාය අධිකාරියේ සභාපති අද්මිරාල් එස්.එස්. රණසිංහ (විශ්‍රාමික) මහතා සඳහන් කරයි. 12 January 2026
පාර වැරදුණු ලාන්ස් කෝප්රල් දෙදෙනා ස්නයිපරයක් සමග අත්අඩංගුවට ස්නයිපර් අවියක් කළු රෙද්දකින් වසාගෙන සිවිල් ඇඳුමින් සැරසි පැරණි පොලිස් මූලස්ථානයේ ඉදිරිපිට මාර්ගයේ ගමන් කරමින් සිටි ලාන්ස් කෝප්‍රල්වරුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි. 12 January 2026
‘‘දිට්වා‘‘ පරිත්‍යාග ගොඩේ කල් ඉකුත් වූ බෙහෙත් කාලගුණ ආපදාවෙන් පසු විදේශීය පරිත්‍යාගශීලීන්ගෙන් ලැබුණු පරිත්‍යාග අතර රුපියල් කෝටියකට අධික කල් පැනපු බාල බෙහෙත් (EXPIRED DRUGS) සහ විවිධ උපකරණ තිබී සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 11 January 2026
ඇගළුම් කර්මාන්තශාලාවක ගබඩාවක ගින්නක් නවගමුව ප්‍රදේශයේ ඇගළුම් කර්මාන්ත ශාලාවක ගබඩාවක් තිබූ ගොඩනැගිල්ලක ඇති වූ ගින්නක් නිසාවෙන් එම ගොඩනැගිල්ල ඇතුලත සම්පූර්ණයෙන් ම විනාශ වී ඇතැයි නවගමුව පොලිසිය පවසයි. 08 January 2026
බස්-වෑන් ගැටීමෙන් 4ක් රෝහලට කරුවලගස්වැව තබ්බෝව තාවකාලික යකඩ පාලම මතදී බස් රථයක් හා වෑන් රථයක් මුහුණට මුහුණ ගැටිමේන් සිදුවු මාරක අනතුරකින් සිව් දෙනෙකු බරපතල තුවාල ලබා පුත්තලම මූලික රෝහලට ඇතුලත් කර ඇති බව කරුවලගස්වැව පොලිසිය කියයි. 08 January 2026
විදුලි බිල වැඩි කිරීමට එරෙහිව ගාලු පාරේ පන්දම් විරෝධයක් විදුලි බිල වැඩි කිරීමට එරෙහිව අද(6)රාත්‍රියේ ගාලු පාරේ රත්ගම මංසන්ධියේ දී පන්දම් විරෝධතාවයක් පැවැත්විණ. 06 January 2026
බගවන්තලාව ව්‍යාපාරිකයෝ උද්ඝෝෂණයක නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවට එරෙහිව බගවන්තලාව නගරයේ ව්‍යාපාරියෝ අද (06) වෙළදසැල් වසා උද්ඝෝෂණයක නරත වූහ. 06 January 2026
සතොස හිටපු ප්‍රවාහන ලොක්කෙක් රිමාන්ඩ් කරයි සමූපකාර තොග වෙළෙඳ සංස්ථාවට අයත් ලොරි රථ හා රියදුරන් හිටපු ඇමති ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ පුත්‍රයා අධ්‍යක්ෂක ධූරය දැරූ පුද්ගලික සමාගමක එතනෝල් ප්‍රවාහනයට ලබා දී රියදුරුට වැටුප්ද ගෙවා රජයේ දේපළ අවභාවිතා කළේ යැයි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ එම සංස්ථාවේ හිටපු ප්‍රවාහන කළමණාකරුවකු වන ඉන්දික රත්නමලල සැකකරු ලබන 09 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට වත්තල අතිරේක මහේස්ත්‍රාත් වරිය නියෝග කළාය . 04 January 2026
කෝටි 15ක මත්ද්‍රව්‍ය සමඟ තිදෙනකු අල්ලයි කොම්පඤ්ඤවීදිය පොලිස් බල ප්‍රදේශයේ දී සිදුකරන ලද වැටලීමකදී රුපියල් කෝටි 15 කට වැඩි වටිනාකමකින් යුත් මත්දුව්‍ය තොගයක් සමගින් මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ පුද්ගලයින් තිදෙනෙකු අත් අඩංගුවට ගත් බව කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි. 01 January 2026
අපේ තීරු බදු අඩු කරන්න; හිටපු ඇමති ඩලස්ගෙන් ට්‍රම්ප්ට ලිපියක් මෙරටින් ඇමරිකාවට අපනයනය කරනු ලබන භාණ්ඩ සඳහා දැනට පවතින තීරුබදු මට්ටම සියයට 20ක ප්‍රතිශතය 2026 ට පමණක් අදාළ වන ලෙස සියයට 12ක් දක්වා තාවකාලිකව අඩු කරන ලෙස ඉල්ලීමක් කරමින් නිදහස ජනතා සභාවේ නියෝජිත හිටපු ඇමති ඩලස් අලහප්පෙරුම මහතා ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ලිපියක් යොමු කර ඇත. 30 December 2025
අයිරිස් ඩේනා නාවිකයන්ගේ දේහයන් ඉරානයට ඇමෙරිකා සබ්මැරීන ප්‍රහාරයෙන් මියගිය, අයිරිස් ඩේනා ඉරාන යුද නෞකාවේ සිටි නාවිකයන්ගේ දේහයන් කඩිනමින් ඉරානයට රැගෙන යාමට පියවර ගන්නා බව ඉරාන හමුදාව පවසා ඇත... 11 March 2026