නිරෝෂාන් ප්‍රේමරත්න
රජයේ පාසල් පද්ධතිය සතු පාසල් 10,047ක 2025 වසරේදී සිසු සිසුවියන් 3,747,544ක් ඉගෙනුම ලැබූ බවත් සිසු ගුරු අනුපාතය (STRs) 15ට එක බවත් ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම සමීක්ෂණ වාර්තාවේ සඳහන් වේ.
රජයේ පාසල් සතු සමස්ත ගුරු විදුහල්පති කාර්ය මණ්ඩලය 242,309ක් වන අතර ඊට ගුරුවර ගුරුවරියන් 229,661ක් සහ විදුහල්පතිවරු 12,648ක් අයත් වේ.
රජයේ පාසල් 10,047 ජාතික පාසල් 396කින් සහ පළාත් පාසල් 9651 කින් සමන්විත වේ. ජාතික පාසල්වල සිසු සිසුවියන් 825,644ක් සහ පළාත් පාසල්වල සිසු සිසුවියෝ 2,921,900ක් ඉගෙනුම ලබති.
රජයේ පාසල්වල ඉගෙනුම ලබන බාලක සිසුන් ගණන 1,856,100ක් (සියයට 49.5ක්) වන අතර බාලිකා සිසුන් ගණන 1,891,444 (සියයට 50.5) කි. මින් ජාතික පාසල්වල ඉගෙනුම ලබන සිසුන් ගණන 418,874කි. එය ජාතික පාසල් සමස්ත ශිෂ්‍ය ප්‍රජාවගෙන් සියයට 50.7ක ප්‍රතිශතයකි. ජාතික පාසල්වල ඉගෙනුම ලබන සිසුවියන් ගණන 406,770ක් වන අතර එය සියයට49.3 ප්‍රතිශතයකි.
පළාත් පාසල්වල ඉගෙනුම ලබන බාලක සිසුන් ගණන 1,437,226ක් වේ. එය සියයට49.2ක ප්‍රතිශතයකි. පළාත් පාසල්වල ඉගෙනුම ලබන බාලිකා සිසුවියන් ගණන 1,484,674ක් වන අතර එය සියයට 50.8ක ප්‍රතිශතයකි.
ගුරු විදුහල්පති කාර්ය මණ්ඩලය වන 242,309න් ජාතික පාසල්වල 42,803ක් සියයට 17.7ක් සේවයේ නිරත වෙති. ඉන් 10,765ක් (සීයට 25.2ක්) පිරිමි ගුරු හා විදුහල්පතිවරු වන අතර 32,038ක් (සියයට 74.8)ක් විදුහල්පතිනියන් හා ගුරුවරියෝ වෙති.
පළාත් පාසල්වල ගුරු විදුහල්පතිවරු 199,506ක් (සියයට 82.3) වන අතර ඉන් 44,648ක් (සියයට 22.4) පිරිමි ගුරු හා විදුහල්පතිවරුන් වෙති. 154,858ක් (සියයට 77.6)ක් ගුරුවරියන් හා විදුහල්පතිනියෝ වෙති.
ගුරු හා විදුහල්පතිවරු 242,309න් පුහුණු උපාධිධාරීන් 114,034ක්, උපාධිධාරීන් 40,816ක්, පුහුණු ගුරුවරු 85,296ක්, නුපුහුණු 2076ක් සහ සෙසු 87ක් සිටිති.
එසේම ගුරු විදුහල්පතිවු 10ට අඩු පාසල් 3065ක්, ගුරු විදුහල්පතිවරු 10-25 අතර පාසල් 4242ක්, 26-50 අතර පාසල් 1744ක් 51-100 අතර පාසල් 721ක් සහ ගුරු විදුහල්පතිවරු 100ට වැඩි පාසල් ගණන 275කි.
10,047ක් වන රජය සතු පාසල් ප්‍රමාණයෙන් පිරිමි පාසල් 147ක්, ගැහැණු පාසල් 239ක් සහ මිශ්‍ර පාසල් 9661ක් වේ. මෙම පාසල් අතරින් 6821ක් සිංහල පාසල් වන අතර 2283ක් දෙමළ පාසල් ද, 943ක් මුස්ලිම් පාසල් ද වේ. එසේම වතුවල පිහිටි පාසල් ප්‍රමාණය 833ක් වන අතර වතු ආශ්‍රිතව පිහිටා ඇති පාසල් ප්‍රමාණය 30කි.
396ක් වන ජාතික පාසල් ප්‍රමාණයෙන් වැඩිම ජාතික පාසල් ප්‍රමාණයක් බස්නාහිර පළාතේ පිහිටා ඇත. එය 79කි. දකුණු පළාතේ ජාතික පාසල් 70ක් හා මධ්‍යම පළාතේ ජාතික පාසල් 56ක්ද පිහිටා තිබේ.
9651ක් වන පළාත් පාසල් අතරින් වැඩිම පළාත් පාසල් ප්‍රමාණයක් පිහිටි පළාත වන්නේ මධ්‍යම පළාතය. එහි පිහිටා ඇති පළාත් පාසල් ගණන 1451කි. බස්නාහිර පළාතේ පළාත් පාසල් 1259ක් සහ වයඹ පළාතේ පළාත් පාසල් 1200ක් පිහිටා තිබේ.
එසේම සිසු ප්‍රමාණය 1-50 පාසල් 1,645ක්, සිසු ප්‍රමාණය 51-100 පාසල් 1648ක්, සිසු ප්‍රමාණය 101 -200 පාසල් 2,149ක්, සිසු ප්‍රමාණය 201 -500 පාසල් 2,546ක්, සිසු ප්‍රමාණය 501-1000 පාසල් 1208ක්, සිසු ප්‍රමාණය 1501-2000 පාසල් 186ක්, සිසු ප්‍රමාණය 2001 -3000 පාසල් 192ක්, සිසු ප්‍රමාණය 3001 -4000 පාසල් 68ක් සහ සිසු ප්‍රමාණය 4000ට වැඩි පාසල් 33ක් රජය සතු පාසල් අතර වේ.
රජයේ පාසල්වල සමස්ත සිසු ගුරු අනුපාතය (Student Teacher Ratios (STRs)) 15ක් වුවත් ජාතික පාසල්වල එහි අගය 19කි. පළාත් පාසල්වල සිසු ගුරු අනුපාතය 15ක් වන අතර වතු ආශ්‍රිත පාසල්වල එම අගය 17ක් වේ. වතුවල පිහිටි පාසල්වල එම අගය 13කි. එමෙන්ම සිසු ප්‍රමාණය 3001-4000 සහ 4000ට වැඩි පාසල්වල මෙම අගය 23කි. සිසු ප්‍රමාණය 1-50 පාසල් සිසු ගුරු අනුපාතය 5ක් ද සිසු ප්‍රමාණය 51 -100 පාසල්වල එම අනුපාතය 7ක් ද,101-200 පාසල්වල එම අනුපාතය 10ක් ද වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd