නිරෝෂණ කුමාර
පාස්කු ප්‍රහාරයේ විමර්ශන කටයුතු යළිත් ආරම්භ කළද එම කටයුතු යම් තැනක නතර වී ඇතැයි කොළඹ අගරදගුරු මැඳුර සඳහන් කරයි.
මෙසේ විමර්ශන නතර වී ඇති තැන් සොයා බලා කඩිනමින් විමර්ශන අවසන්කර ආණ්ඩුව වින්දිතයන්ට සාධාරණය ඉටුකරන තුරු බලා සිටින බව කොළඹ අගරදගුරු මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණි පියතුමෝ ඉරිදා ලංකාදීපයට පැවසූහ.
විමර්ශන නැවත ආරම්භ කළේ රදගුරු මැදුරෙන් එල්ල වූ බලපෑම් නිසා බව ද එම විමර්ශන කටයුතු පමා කර ඇත්තේ කොතැනින් ද ඊට සම්බන්ධ වූවන් කවුරුන්ද යන්න සොයා බලමින් සිටින බවද සිරිල් ගාමිණී පියනම පැවසූහ.
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වූවන් වත්මන් ආණ්ඩුවෙන් හෙළි කරනු ඇතැයි විශ්වාස කෙරෙන අතර විමර්ශන කටයුතු පමාවීම සම්බන්ධයෙන් කනගාටුවට පළකරන බව ද පියතුමෝ ප්‍රකාශ කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd