නිරෝෂාන් ප්‍රේමරත්න
පසුගියදා භාවිතයෙන් ඉවත් කරන ලද බැක්ටීරියා විෂ සහිත ඔන්ඩෙස්ටරොන් එන්නත භාවිත කළ රෝගීන් සම්බන්ධව අවසාන විමර්ශන වාර්තා නිකුත් නොවීමෙන් රෝගීන්ට ගැටලු රැසක් මතුවී ඇති බව විශේෂඥ වෛද්‍ය චමල් සංජීව සඳහන් කරයි.
ඒ අනුව එම ඖෂධ තහනම අඛණ්ඩව පැවතීමත් එම ඖෂධ අවශ්‍ය කරන රෝගීන්ට ඒවා ලබා ගැනීමේ මතුවී තිබෙන දුෂ්කරතා හා බාහිර ෆාමසිවලින් එම ඖෂධ ලබාදීමේ දී මුහුණපාන ගැටලුද ජෛව විද්‍යා ඉංජිනේරු ඒකකය මගින් දැඩි සත්කාර ඒකක සඳහා ලබාදෙන උපකරණ හා උපාංග ලබාදීමේ ප්‍රමාදය මත ජාතික රෝහල ඇතුළු රෝහල්වල දැඩි සත්කාර ඒකක රැසක රෝගී සත්කාරක සේවා සඳහා දුෂ්කරතා මතුව ඇති බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව වැඩිදුරටත් සඳහන් කරයි.
වමනය සහ ඔක්කාරයට සඳහා ලබා දෙන ඉහත එන්නතට අමතරව මැක්සලොන් නම් ආදේශක ඖෂධ පවා මේ වන විට රජයේ සෞඛ්‍ය පද්ධතියේ සහ පෞද්ගලික අංශයේ ද නොමැති වීම බරපතළ ප්‍රශ්නයක් බව ඔහු පෙන්වා දෙයි.
මීට අමතරව කොළඹ ජාතික රෝහලේ ස්නායු හා දැඩි සත්කාර ඒකකය සහ අනිකුත් රෝහල්වල දැඩි සත්කාර ඒකක සඳහා රෝගීන් අධීක්ෂණය කිරීමේ යන්ත්‍ර සඳහා අවශ්‍ය කරන උපාංග හිඟය, අදාළ යන්ත්‍ර නිසි පරිදි ක්‍රියාත්මක නොවීම, නඩත්තු නොවීම හා පසුගිය වසරවල සිදුකරන ලද ඉල්ලීම්වලට අනුව උපකරණ නොලැබීම මත එක් එක් රෝගියාට වෙන වෙනම (one to one care) වෛද්‍ය ප්‍රතිකාර කිරීමේ දී දුෂ්කරතා මතුව ඇති බව ද ඔහු පෙන්වා දෙයි. ඇතැම් දැඩිසත්කාර ඒකකවල රෝගීන් අධීක්ෂණය සඳහා භාවිත කරන උපකරණ හිඟය නිසා එක් රෝගියෙකුට උපකරණ කිහිපයක පිහිට පැතීමට සිදුව ඇති බවද ඔහු පවසයි.
ජෛව විද්‍යා ඉන්ජිනේරු ඒකකය මගින් අදාළ තාක්ෂණික උපකරණ ලබාදීමේ ප්‍රමාදය, ප්‍රාදේශීය මිලදී ගැනීම් හරහා උපකරණ මිල දී ගැනීමේ ප්‍රමාදය සහ මෙම වසරට අවශ්‍ය කරන උපකරණ මිල දී ගැනීමේ කාලසීමාව අවසන් වීම වැනි කරුණු රැසක් මේ කෙරෙහි බලපෑ ඇති බවද ඔහු පෙන්වා දෙයි. දැඩි සත්කාර ඒකකවල වෛද්‍ය ප්‍රතිකාර ලබන රෝගීන්ට ඇතිවී ඇති මෙම දුෂ්කරතා සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ කඩිනම් අවධානය යොමු විය යුතු බව ද වෛද්‍යවරයා අවධාරණය කර සිටී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd