සුජිත් හේවාජුලිගේ
විදේශයන්හි පදිංචිව සිටි ශ්‍රී ලාංකිකයන් ලක්ෂ දෙකකට ආසන්න පිරිසක් විශ්‍රාම දිවිය නැතහොත් සැඳෑ සමය ගත කිරීම සඳහා ලංකාවට නැවතත් පැමිණ සිටින බව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තු සහ තානාපති සේවා අංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙසේ ලංකාවට පැමිණ සිටින වැඩි දෙනෙකු අවුරුදු 20-30ක පමණ කාලයක් විදේශයන්හි පදිංචිව සිටි අය වෙති. සමහරුන් විදේශයන්හි රැකියා කර ඒ රටවලදී විශ්‍රාම ලැබූ අය බව ආරංචි මාර්ග සඳහන් කරයි.
විදේශයන්හි මෙරට නොමැති යම් යම් සැප පහසුකම් තිබුණ ද අන්‍යෝන්‍ය බැඳීම් සහ ඥාති සබඳතා පවත්වමින් ජීවත්වීමට ඇති කැමැත්ත තමන් උපන් බිමේම අවසන් ගමන් යෑමට ඇති බලාපොරොත්තුව, විදේශයන්හි සිටිය දී දැනුණු පාළුව, තනිකම, කාන්සිය දුරු කර ගැනීම යනාදී හේතු පදනම් කරගෙන බොහෝ පිරිසක් මෙසේ පැමිණ සිටින බව වාර්තා වේ.
මේ අතර විදේශයන්හි පදිංචිව සිටින දූ දරුවන් ළඟට ගොස් සිටි විශ්‍රාමික මවුපියන් අතිවිශාල පිරිසක්ද සැඳෑ සමය ගතකිරීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින බව දැනගන්නට ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ශ්‍රී ලංකා ආර්ථික විද්‍යා සංගමයේ සභාපති මහාචාර්ය විජිතපුර විමලරතන හිමියන් පවසන්නේ විදේශ රටවල පදිංචිව සිටින බොහෝ වැඩිහිටි පිරිස් සැඳෑ සමය ගත කිරීම සඳහා ලංකාවට නැවතත් පැමිණ සිටින බවය.
එසේම තවත් පිරිස් පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින බව ද උන්වහන්සේ කීහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd